The Festival of Taypusam

තෛපුසම් මහෝත්සවය කියන්නේ හින්දූන්ගේ ආගමික උත්සව අතර ඉතා විශාල වැදගත් කමක් තියන උත්සවයක්. මේ උත්සවය හැම අවුරුද්දකම ජනවාරි මාසේ පළමු පුර හඳ දා රාත්‍රියේදි මහත් උත්කර්ෂයකින් සමරනවා. දකුණු ඉන්දියාවේ ප්‍රධාන දේවාල වල නම් මේ වගේ දවසක අතිවිශාල ජනකායක්, සමහරවිට 20,000කටත් වඩා, එක් රැස් වෙනවා මේ විචිත්‍රවත් ඉතා අලංකාර චාරිත්‍ර විධික්‍රම දැකබලාගන්න. ඒ  දේවාල සමහරක්වායේ විශාලත්වය ගැන කිව්වොත් වටප්‍රමාණයම ගත්තම සැතපුමකටත් වඩා දේවාල පරිශ්‍රය පිහිටනවා. ඒත් ලංකාවේ ඇත්තේ කුඩා ප්‍රමාණයේ හින්දු දේවාල කිහිපයක් පමණයි.

තෛපුසම් මහෝත්සවය

මේ අවුරුද්දේ උත්සවය දා (1891) මෙයින් එකකට ගොඩවදින්න තරම් මම භාග්‍යවන්ත වුනා. හරියටම උත්සව වැඩ කටයුතු ආරම්භ වෙනකොටම.

වෙලාව රාත්‍රී නමයට ඇති. පුරසඳ අහසේ බබළමින් තිබුනා. මේ වන විට හොරණෑවේ නාදයත්, නලා ශබ්දත් ඇතුලේ ඇසෙමින් තිබුනේ. මම ගේට්ටුව ඉදිරිපසට වෙලා ඇතුලට යන්න අවසර ගනිමින් හිටියේ. මුලින්ම නම් කෙළින්ම යන්න දෙන්න බැහැ කිව්වා. ඒත් මගේ සගයා දේවාලේ හොඳ හයිරම් කාරයෙක්. ඔහුගේ බලයෙන් තමයි ඇතුලට යන්න ලැබුනෙ. එනිසා අපට වට සීමාවෙන් ඇතුලේ ඉන්න අවස්ථාවකුත් ලැබුනා.

Hindu Temple, Colombo, c.1860
Hindu Temple, Colombo, c.1860 [Image Courtesy: http://www.imagesofceylon.com ]

කෝවිල හා සෙනඟ

පොදුවේ දේවාල දකින්න ලැබෙන්නේ විශාල දිගටි පරිශ්‍රයක් හැටියට. අඩු වැඩි වශයෙන් තාල වර්ගයේ ගස් සහ අනෙක් ගස් වවා තියනවා. ඒ ඇතුලත එම සිද්ධස්ථානයත්, පූජාසන කිහිපයකුත්, පූජකයන්ගේ වාසස්ථානත්, තවත් ගොඩනැගිලි සමුච්චයකුත් තියනවා.

මේ දේවාල පරිශ්‍රය යාර සීයක් විතර දිගයි. යාර හැටක් හැත්තෑවක් විතර පළලයි. පරිශ්‍ර බිමේ කුරු තණකොළ වර්ගයක් පෑගෙනවා. මධ්‍යයේ පිහිටා තියෙන්නේ දේවාලය. එය කිසිම වාස්තු විද්‍යාත්මක ස්වරූපයක් කියාපාන්නේ නැහැ. නිකම් දිගටි, අඩි දහයක් දොළහක් උස තාප්පයකින් වටවුණු ගොඩනැගිලක්. ජනේල නැහැ. ග්‍රාම්‍ය විදිහට සිරස් අතට රතු සහ සුදු ඉරි අලේප කරලා. ඈත කොනේ ගස් යට පහළ මට්ටමේ පූජක වරුන්ගේ පැල්පත් දකින්න තියනවා. ඊටත් එහායෙන් වැවක් හෝ ජලාශයක් දකින්න පුළුවන්. එතරම්ම විශාල නැහැ. ඒ වටේට ගල් බැම්මක් දකින්න තියනවා. දේවාලය ඉදිරිපස අලංකාරෙට සරසලා. ප්‍රධාන ඇතුල් පිවිසුම් දොරටුව ගාව තමයි සෑහෙන සෙනගක් රැස් වෙලා ඉන්නේ. අපිට හොඳ වෙලාවට හරියටම උත්සවේ ආරම්භ වෙනකොටම එන්න ලැබුනා. ඒත් සමඟම වගේ සෑහෙන පිරිසක් දඩිබිඩියේ පැහැදිලි උද්වේග ස්වරයෙන් පිවිසුමෙන් එළියට ආවා. දිගු රිටි වල පන්දම් දැල්වුනා. සමහරක්වායේ අගිස්සේ පොල්තෙල් වල පෙඟවූ පහන්කඩවලින් සකස් කළ ගිනි ජාලා. අනෙක්වායේ කුඩා යකඩ අසුරුමක් තුල දැල්වෙන පොල්කටු. ටික මොහොතකින් කාන්තිමත් ආලෝකයක් විහිදුනා. දේවාල දොරටුවේ ඉඳන් පේළි දෙකකට මිනිසුන් පෙළ ගැසුනා. සංගීතයේ නාදය ටිකින් ටික වැඩි වෙන්නට පටන් ගත්තා. කුඩා පෙරහැරක් මතු වුනා. සංගීත වාදකයන් ඉදිරියෙන්. ඊළඟට නළඟනන් හතර දෙනෙක්. ඉන්පසු අවසානයේ මිනිසුන්ගේ කරට ගත් කුඩා වේදිකාවක් මත මහා ශිව දෙවියන්.

සිව ප්‍රතිමූර්තිය, පහුර හා පූජනීය වැව

පළමුව මට මේ අන්තිමට කිව්ව වස්තුව කුමක්දැයි කියා වටහාගන්නට බැරි වුනා. ග්‍රාම්‍ය විදිහට නෙළපු පිරිමි හා කාන්තා ප්‍රතිමා දෙකක්. ශිව සහ ඔහුගේ අගමෙහෙසිය ශක්ති. පෙනෙන හැටියට නම් දෙකම එකම ගලකින් නෙළා තියෙන්නේ. හිඳි පිළිම. අඩි තුනක් උසයි. පටසේද සහ ආභරණ වලින් වැසිලා. එමනිසා එහි ව්‍යුහය පිළිබඳ අදහසක් ගන්න හරිම අසීරුයි. ඔවුන්ට උඩින් ලොකු අරුමෝසම් කුඩයක් ඉහළලා. පිටිපස්සෙන් පූජකවරු. අපිත් පෙරහැරට එකතු වුනා. මේ පෙරහැර කලින් සඳහන් කරපු ජලාශය අද්දරට ආවා. මේ ජලාශය මත අමුතු තාලේ යාත්‍රාවක් පාවෙමින් තිබුනා. එය හිස් පීප්පයක් සේ උණ බම්බු තදින් බැඳ තැබූ පහුරක්. ඒ මත අත්‍යාලංකෘත කාන්තිමත් උඩුවියනක් සාදා තිබුනා. නොයෙක් පැහැ ඇඳුම් එය ආවරණ කොට තිබුනා. ඒ මුදුනේ කුඩා කහරත ධජ දිස්වුනා. ජලාශයේ එක් පැත්තක්ම ජලාශයට පියමං කරනා පියගැටපෙලින් ආවරණය වුනා. අනෙක් තුන් පැත්තම වටවුනේ ශෛලමය සඳැල්ලකින්. මේ පඩිපෙළ මත සහ සඳැල්ල මත එක්වරම මහා ජනකායක් හරිබරි ගැහුණා. ඒ අතර පෙරහැර යාත්‍රාවට නැගුනා. දෙවියන් මේ උඩුවියන යටින් ස්ථානගත කරායින් පසුව නළඟනන් එතුමන් වටා රැඳුනා. යාත්‍රිකයන් හට යාත්‍රාවේ ඉන්නට ඉඩක් ලැබුනා. ඔවුන් අත දැරූ දිගු රිටි මඟින් යාත්‍රාව ඉදිරියට තල්ලු කෙරුනා. දොළොස් දෙනෙක්  වූ වාදක මඩුල්ලට පහසුවක් සලකමින් සීනුවක් නාදවුනා. රතු දාරයක් ඇති සුදු රෙද්දක් ඉණ වටා ඔතාගත්, කර වටා පුන නූල දැමූ තළෙලු පැහැ තරුණ බ්‍රාහ්මීය පූජක වරයෙක්, කපුරු දැල්වූ ශාඛා පහකට බෙදුනු ලාම්පුවක් ගෙන පූජා පැවැත්වුවා. ජනකාය පුරාම නිශ්ශබ්දතාවයක් පැතිරුනා. සියල්ලෝම දෑත් එක් කර නමස්කාර කරන්නා වගේ, සමහරක් අය දොහොත් මුදුන් කර මෙය වන්දනාමාන කළා. පොල් සහ කෙසෙල් ඇති බන්දේසියක් පහුර මත දේව රූපයට ඉදිරියෙන් පූජක තැන තැන්පත් කළා. මේ අභිනව ගාලගෝට්ටිය මැද්දට වාදක මඩුල්ලත් නැවත එක්වුනා. යාත්‍රාව ජලාශය වටේට තමන්ගේ අසාමාන්‍ය ගමනේ යන්නට පිටත් වුනා.

Hindu Temple, Colombo
Hindu Temple, Colombo photographed by CA & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

කෙතරම් කදිම දර්ශනයක්ද! මට දැන් ටිකක් වටපිට බලන්න වෙලාවක් තියනවා. පඩිපෙළේ සෙනඟ රැස්කනවා. පැති වල දැල්වුනු විලක්කු එළි. මේ කුඩා වැව වටේටම නග්න උඩුකය සහිත, පාවහන් සහ හිස්වැසුම් රහිත සිය ගණනක් මිනිසුන් සහ කොල්ලන්. නමුත් ඔවුන්ගේ ඉණ වටා දැවටූ සුදු රෙද්දක් තියනවා. සියල්ලන්ටම ඇත්තේ මහා උද්වේගයක්. විශේෂ ආගමික භක්තියකට වඩා නාට්‍ය දර්ශනයක ආරම්භයක් වගේ. මමත් මගේ සගයාත් විතරයි සම්පූර්ණයෙන් ඇඳුම් ඇඟලා සිටියේ. ඊට අමතරව මුල්ලක වර්ණවත් ඇඳුමින් සැරසී දමිළ පහත් කුල වල කාන්තාවන් සහ ගැහැණු දරුවන් කිහිප දෙනෙක් දකින්න හිටියා. නමුත් ඔවුන් හැඳ සිටියේ දීප්තිමත් ඇඳුම්. නොසෑහෙන්න අරුමෝසම් වූ නාස් මුදු සහ කරාබු පැළඳ සිටියා. ජලාශය මත ලෝහිත, රන් සහ නිල් පැහැයෙන් දීප්තිමත් වුනු පූජනීය උඩුවියන් යාත්‍රාව පාවෙමින් තිබුනා. ඒ වටා වූ වාදකයන් ඔවුන් සතු වූ නොයෙක් නළාවන් නාද කරමින් සිටියා. ඊට ඉදිරියෙන් පූජකතුමා දෙපස නග්න උඩුකය සහිත කුඩා කොළුගැටයන් දෙදෙනෙක් කුඩා පන්දම් උසුලාගෙන සිටියා. මේ අතර ජලාශයට නැමී ඇති විශාල සංඛ්‍යාවක පොල් ගස්වල සහ කෙසෙල් ගස් වල අතු උඩින් අඳුරු නිල් පැහැ අහස්තලේ පාවී එන අත්‍යාලංකාර වළාවන්ගේ රේඛා මායිම් වලින්, මේ සියලුම කලබලයන්ට මුල් වූ නිශායාමයේ දෙව් දූ මවා පෙන්වා ඔපවත් වුනා.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සත්වන පරිච්ඡේදය : හින්දු දෙවොලක රාත්‍රී උත්සවයක්.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VII: A NIGHT-FESTIVAL IN A HINDU TEMPLE.

The festival of Taypusam Is one of the more Important among the many religious festivals of the Hindus, and is celebrated with great rejoicings on the night of the first full moon in January each year. In the case of the great temples of Southern India, some of which are so vast that their enclosures are more than a mile in circumference, enormous crowds—sometimes 20,000 people or more—will congregate together to witness the ceremonials, which are elaborately gorgeous. There are a few Hindu temples of smaller size in Ceylon, and into one of these I had the good fortune to be admitted, on the occasion of this year’s festival (1891), and at the time when the proceedings were about to commence.

It was nine o’clock, the full moon was shining in the sky, and already the blaring of trumpets and horns could be heard from within as I stood at the gate seeking admittance. At first this was positively denied; but my companion, who was a person- of some authority in the temple, soon effected an entrance, and we presently stood within the precincts. It must be understood that these temples generally consist of a large oblong enclosure, more or less planted with palms and other trees, within which Stands the sanctuary itself, with lesser shrines, priests’ dwellings and other buildings grouped round it. In the present case the enclosure was about one hundred yards long by sixty or seventy wide, with short grass under foot. In the centre stood the temple proper—a building without any pretensions to architectural form, a mere oblong, bounded by a wall ten or twelve feet high ; unbroken by any windows, and rudely painted in vertical stripes, red and white. At the far end, under trees, were some low priests’ cottages ; and farther on a tank or reservoir, not very large, with a stone balustrade around it. Coming round to the front of the temple, which was more ornamented, and where the main doorway or entrance was, we found there a considerable crowd assembled. We were in fact just in time to witness the beginning of the ceremony.; for almost immediately a lot of folk came rushing out through the doorway of the temple in evident excitement ;. torches were lighted, consisting of long poles, some surmounted with a flaming ring of rags dipped in coco-nut oil, others with a small iron crate in which lumps of broken coco-nut burned merrily. In a few moments there was a brilliant light ; the people arranged themselves in two lines from the temple door ; sounds .of music from within got louder ; and a small procession appeared, musicians first, then four nautch girls, and lastly a small platform supported on the shoulders of men, on which was the great god Siva.

At first I could not make out what this last named object was, but presently distinguished two rude representations of male and female figures, Siva and his consort Sakti, apparently cut out of one block, seated, and about three feet high, but so bedone with jewels and silks that it was difficult to be sure of their anatomy ! Over them was held a big ornamental umbrella, and behind followed the priest. We joined the procession, and soon arrived at the edge of the reservoir which I have already mentioned, and on which was floating a strange kind of ship. It was a raft made of bamboos lashed to empty barrels, and on it a most florid and brilliant canopy, covered with cloths of different colors and surmounted by little scarlet pennants. A flight of steps down to the water occupied the whole of one side of the tank, the other three sides were surrounded by the stone balcony, and on these steps and round the balcony the crowd immediately disposed itself, while the procession went on board. When the god was properly arranged under his canopy, and the nautch girls round about him, and when room had been found for the crew, who with long poles were to propel the vessel, and for as many musicians as convenient—about a dozen souls in all—a bell rang, and the priest, a brown-bodied young Brahman with the sacred thread over his shoulders and a white cloth edged with red round his loins, made an offering of flame of camphor in a five-branched lamp. A hush fell upon the crowd, who all held their hands, palms together, as in the attitude of prayer (but also symbol of the desire to be joined together and to the god)—some with their arms high above their heads ; a tray was placed on the raft, of coco-nuts and bananas which the priest opening deposited before the image ; the band burst forth into renewed uproar, and the ship went gyrating over the water on her queer voyage.

What a scene ! I had now time to look around a Httle. All round the little lake, thronging the steps and the sides in the great glare of the torches, were hundreds of men and boys, barebodied, barehead and barefoot, but with white loin-cloths—all in a State of great excitement—not religious so much as spectacular, as at the commencement of a theatrical performance, myself and companion about the only persons clothed,—except that in a corner and forming a pretty mass of color were a few women and girls, of the poorer class of Tamils, but brightly dressed, with nose-rings and ear-rings profusely ornamented. On the water, brilliant in scarlet and gold and blue, was floating the sacred canopy, surrounded by musicians yelling on their various horns, in the front of which—with the priest standing between them—sat two little naked boys holding small torches ; while overhead through the leaves of plentiful coco-nut and banana palms overhanging the tank, in the dim blue sky among gorgeous cloud-outlines just discernible, shone the goddess of night, the cause of all this commotion.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 47

Advertisements

One thought on “The Festival of Taypusam

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s