A Fine Statue of Buddha

ඔබ පාර දිගේ මේ පොකුණු පසු කරගෙන දිගටම ගියොත් යම් තැනකින් හැරුනම පාර අද්දර ගස් යට ඔබට දැකගන්න පුළුවන් වේවි හිඳි ඉරියව්වෙන් සිටින බුද්ධ ප්‍රතිමාවක්. එය හිඳ සිටින ඉරියව්වක නිසා ඒ උස අඩි හතක්. අඳුරු පැහැ ඇති පාෂාණයකින් නෙළා තියෙන්නේ. මුහුනේ කොටස් යන්තම් මැකී ගොස් තිබුනත් තවමත් ලංකාවේ ඇති මේ වර්ගයේ පිළිම අතරින් විශිෂ්ටම ප්‍රතිමාව ලෙස සැලකෙනවා.

සම්බුදු හිමිගේ කදිම ප්‍රතිමාවක්

Samadhi Buddha Statue, Anuradhapura
Samadhi Buddha Statue, Anuradhapura photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

වර්තමානයේ ලංකාවේ විහාර වල දකින්න තියන බුද්ධ රූප බහුතරයක් බොහොම පීඩාකාරි ගොරෝසු නිමැවුම්. ඒත් මෙය නම් ඒ ශ්‍රේෂ්ට සෘතෘවරයාගේ කරුණා මහිමය මැනවින් අසු කරගෙන වගේ. ඇස්පිය වැසී ගොසින්, ඒත් අඩවන් දෑසින් බලා සිටිනවා. යමෙකුට හිතෙන්න පුළුවන් මේ රූපය සාමාන්‍ය භෞතික නින්දේ අතරමංව නැහැයි කියලත්. හරියට බාහිර අනිත්‍ය ලෝකයට තමාව වසා දමලා දිලිසෙන අඩනින්දේ වැසීගත් සදාතන අචල විඤ්ඤාණයට තමාව විවෘත කරවලා වගේ. මුහුණපුරා පැතිර ගිය ගැඹුරු සන්සුන් බවක් පෙන්වනවා. කොච්චර ගැඹුරුද කිවහොත් ළඟින් යන එන අය පවා ඉතා සියුම් ලෙස එයට දැනෙනවා වගේ. ඒ අය මේ ඉදිරියේ නතරවෙලා බලා ඉන්නේ නිරායාසයෙන්මයි. හරියට එහි අනුභාවයටත් වනන්තරේ නිශ්ශබ්දතාවයටත් යටත් වුනා වගේ. මේ වෙලාවට ඔවුන්ගේ සිතුවිලි යටපත් වෙන්නේ හරියට සුළඟින් තොර ජල රැළි වගේ. යම් මොහොතකට එවැන්නෙකුට පැවැත්මේ දිය උල්පත ස්පර්ශ කරන්නට ලැබෙනවා. ඔහු විශ්වයේ තම අනන්‍යතාව සොයා පිහිනා යනවා. ඔය අතර වෘක්ෂයෝ සැන්ඳෑ ආලෝකයේ සෙලවෙමින් ඇවිලෙන විට බුදුරදුන් තම හිසෙන් සන් කර කියාවි “ඔය ඇති” කියලා. ඉන් පසුව ඔහු නැවතත් ගල් වී ඒ දෙස බලා හිඳීවි. නමුත් පාර ඉදිරියටම දිග ඇදී තියේවි.

samadhi-buddha-statue-skeen
Samadhi Buddha Statue, Anuradhapura photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මේ විදිහට ලෝකයටම බලපාපු එක් මිනිසෙක්, මහද්වීපයක අර්ධයක් පුරාම ඔහු වෙනුවෙන් රෝපණය කර ඇති බෝ ගස්, දාගැබ්, දහස් ගණනක් වූ ප්‍රතිමා, මේ සියල්ලක්ම හැර දමා ගොස් ඇති අයුරු හරිම පුදුමාකාරයි. ඔහු වෙනුවෙන් අපරිමාණ නගර ප්‍රමාණයක් ඉදිවී ඇතත්, ඒවා දිරාපත් වෙලා විනාශ වෙලා යන්නට ගියත්, තවමත් අතිශයින්ම මහානුභාවසම්පන්න දේවල් මේ නගර සමඟ ඉතිරි වී ඒකාබද්ධ වී තියෙනවා. ඒ වුනත් බුදුරදුන් හට මේ වගේ ආධිපත්‍යයක් තබාගන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු අත් දුටු අත්දැකීම් වැනි අත්දැකීම් දහස් ගුණයක්, සිය දහස් ගුණයක් ඊට අඩු වැඩි වශයෙන් අත්දුටු අනෙක් මිනිසුන්ටත් එවැන්නක් අවශ්‍ය වුනේ නැහැ. කෙසේ නමුත් අපි සමාව දෙන්න ඕනෙ මේ හඩු කහ පැහැ සිවුරු දරන ලෝභී නිය සහිත ගඳ ගසන විහාර පවත්වාගෙන යන භික්ෂූණ් හට. එය ඔවුන්ගේ වරදක් නොවෙයි. වරද බුදුරදුන්ගේ. ඔහු දුර්වල මනුෂ්‍යය ගතිය බොහොම ගැඹුරින් ගවේෂණය කළේ ආයෝජනයක් වශයෙන්. එහි පවිත්‍රතාවයට දක්වන ඉතා අඩු සැලකිල්ල පවා ආයෝජනයක් ලෙසිනුයි සැලකුවේ.

හත්වන සියවසේ නගරයක්

Ruins at Anuradhapura
Ruins at Anuradhapura with a Statue photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

දැන් නම් හිඳගෙන ඔහේ බලා සිටින මේ ප්‍රතිමාව කලකදී කලබල සහිත කාර්යබහුල වැදගත් වීදියක් දිහා බලාගෙන ඉන්නට ඇති. සිංහල රාජධානියක අගනගරයක ශ්‍රී විභූතිය එලෙස එය ඉදිරියේ ඊට පහළින් දිගහැරෙන්නට ඇති. හත් වන සියවසේ විසූ ඉතිහාසකාරයෙක් සාධාරණ අභිමානයකින් ඔහුගේ කාලයේ මේ නගරයේ උත්කර්ෂය මෙලෙස විස්තර කරනවා (එමර්සන් ටෙනන්ට්ගේ උපුටා දැකීමට අනුව).

“ගුවන් තලේ දිලෙන ස්වර්ණමය කොත් මුදුන් සහිත විහාර මන්දිර සහ මාළිගා, ධජ උසුලාගත් මාවත් හරහා වැටෙන ආරුක්කු, වැලි අතුළ වීදි, පාර දෙපැත්තේම මල් දරාගත් යාත්‍රා, නියමිත ස්ථානයන්හි පහන් දරාගත් ප්‍රතිමා. කඩු, දුනු සහ ඊතල වැනි අවි අත දරාගත් සේනා. එහාට මෙහාට යන අලියන්, අශ්වයන්, කරත්ත, ශතසහස්‍ර සංඛ්‍යාත මිනිසුන්; විජ්ජාකාරයන්, නැට්ටුක්කාරයන් සහ රනින් අලංකාර කළ හක්ගෙඩි හා වෙනත් වාදන භාණ්ඩ රැගෙන යන සෑම ජාතියකම සංගීතකාරයන්…

ප්‍රධාන වාසල (බටහිර) දොරටුවේ ඉඳන් නැගෙනහිර වාසල දොරටුව දක්වා ගව් හතරකි. උතුරු වාසල දොරටුවේ ඉඳන් දකුණු වාසල දොරටුවට ඇත්තේ ඒ දුරමය. ප්‍රධාන මාර්ග අතර චන්ද්‍රවංක වීදිය, රජමහ වීදිය, හිඟුරුවක් වීදිය සහ මහවැලි වීදිය වේ. පළමුවෙන් කී වීදියේ නිවාස 11,000 පමණ ඇත. ඉන් බොහොමයක් තට්ටු දෙකේ උස ඇති නිවාසය. කුඩා මංමාවත් අනන්ත අප්‍රමාණ ගණනක් ඇත. මාළිගා පරිශ්‍රයේ ඇති ගොඩනැගිලි විශාල පරිමාණයේ ඒවාය. සමහරක්වා තට්ටු දෙක තුන උස් වේ. ඒවායේ පොළොව යට පිහිටි කාමර පෙළ අති විශාලය.”

Ancient Anuradhapura City Map
Ancient Anuradhapura City Map

ක්‍රි.ව 413දී ලංකාවට පැමිනි චීන දේශාටකයෙකු වූ පාහියන් මේ ගැන මෙලෙස කියනවා.

“මේ නගරය බොහෝ මහේස්ත්‍රාත්වරුන්ට, වංශාධිපතියන්ට, විදෙස් වෙළෙන්ඳන්ට වාසස්ථානයක් වෙලා. මැදුරු – අති අලංකාරයි , මහජන ගොඩනැගිලි – ඉතා උසස් අන්දමින් විභූෂිතයි, මහාමාර්ග සහ මංමාවත් – හොඳින් මට්ටම් කොට හරි කෙළින් ඉදිකරලා, දම් සභා මණ්ඩප – සෑම ප්‍රසිද්ධ පාරකම ගොඩනගලා.”

Ruins at Anuradhapura
Ruins at Anuradhapura photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

අනුරාධපුර ශිෂ්ටාචාරය හුදෙක් භෞතිකත්වය වටා ගොඩනැගුනු දෙයක් නොවෙයි. ටෙනන්ට් කියන විදිහට මහජන උද්‍යාන, නාන තටාක, සංගීතයට නර්තනයට උත්සව ශාලා, සංචාරකයන්ට ගිමන් හරින්න අම්බලම්, අසරණයන් සඳහා පුණ්‍යායතනය මඟින් ප්‍රතිස්ථාපිත නිවාස වගේ දේවල් වලට අමතරව මිනිසුන්ට වගේම සතුන්ටත් බේත් හේත් කර කරුණාවන්තව රැක බලාගන්නා රෝහල් තිබුනලු.

“එක්තරා රජ කෙනෙක් සතුන්ගේ පරිහරණය පිණිසම කුඹුරු යායන් දහසක් වෙන් කළේය. තවත් රජ කෙනෙක්  ඔහුගේ උද්‍යානයේ නිතර ගැවසුණු ලේනුන් සඳහා බත් වේලෙන් කොටසක් වෙන් කළේය. තුන් වැන්නා තමන්ගේ සැත්කම් කිරීමේ සමර්ථකම උපයෝගී කරගෙන අලියන්ගේ, අශ්වයන්ගේ සහ සර්පයන්ගේ ලෙඩ රෝග සුවපත් කළේය.”

Ruins at Anuradhapura
Ruins at Anuradhapura of a Building photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ක්‍රි.පූ පස්වන හෝ හයවන සියවසේදි පමණ සිංහල ආක්‍රමණිකයන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලද මේ දූපතේ ප්‍රථම වරට මේ නගරය තම ශ්‍රී විභූතිය විදහා දක්වා ලන්නට සමත් වූයේ ක්‍රි. පූ 306දී රජ බවට පත්වූ දේවානම්පියතිස්ස රජ සමයේදියි.

Ruins at Anuradhapura
Ruins at Anuradhapura photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

බරෝව්ස් ඒ ගැන මෙහෙම කියනවා.

“ඒ ඔහුගේ රාජ්‍යකාලයයි. ඒ සමයේදී තමයි ඉන්දීය මහරජ ධර්මාශෝකයන්ගේ පුතණුවන්, රාජකීය ධර්මදූතයෙකු වන මහින්ද ලංකාවට පා තබන්නේ. එයින් බුදුදහම අඳුන්වාදීමක් වුනා, නැතිනම් යළි ප්‍රකෘතිමත්භාවයක් ලැබුවා. මහරජ ඇතුළු ඔහුගේ මුළු රාජ සභාවම, ඔහුගේ අගමෙහෙසියත් සහ ඇගේ පිරිවරත් ඉතා ඉක්මනින් මේ නව ප්‍රතිපත්තීන්ට පරිවර්තනය වුනා. මහින්දගේ නැගණිය, සංඝමිත්තා, ගෞතමයන් බුද්ධත්වය ලබන්නට යට වාඩි වී හුන් ගසට සර්වසම වූ ගසකින් ශාඛාවක් රැගෙන පැමිණීම ඒ පරිවර්තනය පරිපූර්ණ කළා. එතැන් පටන් රජු තමන්ගේ ඉතිරි රාජ්‍ය කාලය කැප කළේ තමන්ගේ නව ශ්‍රද්ධාවට ඇති උනන්දුව තහවුරු කරගනු වස් අතිවිශාල ස්මාරකයන්, ගල් විහාර සහ සංඝාරාම  ඉදිකිරීම කෙරෙහියි.”

Ruins at Anuradhapura
Ruins at Anuradhapura photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ඔහුගෙන් පසු තමයි කරදර පටන් ගත්තේ. දිගුකාලයක පටන් සිංහලයන් හා නොයෙක් පැටලිවිලි ඇති කරගත් ඉතිහාසයක් ඇති දකුණු ඉන්දියාවේ දමිළයන් හෝ එම වර්ගයේ යම් ප්‍රභේදයක්, සිතෙන හැටියට මේ නව නගරයේ සමෘද්ධියට ආකර්ෂණය වී ක්‍රි.පූ. 200දි පමණ ලංකාවට ගොඩබසිනවා. එතැන් පටන් අනුරපුර ඉතිහාසය පුරාම වාර්තා වෙන්නේ අඛණ්ඩව විවිධ ජාතීන් අතර ඇතිවන යුධ වැදීම්. දෙවන දැවන්ත ආක්‍රමණය සිදුවෙන්නේ ක්‍රි.පූ 104දි. තෙවැන්න සිද්ධ වෙන්නේ ක්‍රි.ව 106දි. එහිදී කියන විදිහට නම් දමිළයන් තමන්ගේ භූමියට පෙරළා සිංහලයන් 12,000ක් අල්ලාගෙන සිරකරුවන් ලෙස ගෙනිච්චා කියා පැවසෙනවා. ඒ විතරක් නෙවෙයි, අති විශාල ධනස්කන්දයකුත් සොරාගෙන ගෙන ගිහින්. ඒත් තම ප්‍රමුඛ දක්ෂතාවය කෘෂිකාර්මික සෞභාග්‍යයක් අත්පත් කරගැනීමෙහිලා යොමු කරවන සහ රටට තාමත් විශිෂ්ට මුහුණුවරක් ගෙන දී ඇති මහාපරිමාණ ගම්භීර ජලාශ ඉදිකිරීමෙහිලා යොමු කරවන සාමකාමි මෘදු ශාන්ත ගුණයක් ඇති සිංහලයින්, දමිළයන් හා කරට කර සිටිය හැකි, ඔවුන් තරම් යුධ කලාවෙහි නිපුණ සමර්ථයන් නොවෙයි.

Ruins of Palace
Ruins of Palace photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

පසු කාලීනව ඔවුන් ක්‍රමක්ක්‍රමයෙන් ටිකෙන් ටික ආරවුල් දෙසටම තල්ලු වුනා. මිනිසුන් අතර ඇති මතභේද වැඩි වී නගරය අවුල් වියවුල් වී ගියා. අවසානයේදී හොඳට පැහැදිලිව විස්තර නොවුනත් කුමක්දෝ හේතුවකට ක්‍රි.ව. 769දි එකල රජකම් කල හතරවන අග්‍රබෝධි රජු අගනුවරින්  මිනිසුන් පිටමං කොට නව අගනගරය ලෙස පොළොන්නරුව පිහිටුවාගන්නවා. දැන් එයත් වන මැද මිහිදන්වූ නගරයක් බවට පත් වෙලා. ඒ කාලයේ පටන් පෙනෙන විදිහට අනුරාධපුරය ශීඝ්‍රයෙන් පිරිහෙන්නට පටන් ගන්නවා. තවදුරටත් වීදි දිගේ ප්‍රීතියෙන් කල් ගතකරන මහජනයා ගැවසීගන්නේ නැහැ. ජනතාවගේ කුඩා වාසස්ථාන සුනු විසුණු වෙලා ගිහිල්ලා, කිසිම සලකුණක් ඉතිරි වෙලා නැහැ (සැතපුම් ගණන් දුරට ගඩොල් සුන්බුන් පැතිරී ගිය පස හැරෙන්නට). ගලින් තැනූ මාළිගා සහ විහාර, කාලයත් සමඟම ජරාවාස වෙලා ගිහිල්ලා.

Ruins of Palace
Ruins of Palace photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

දැන් බුදුරදුන් වනන්තරේ නිහඬතාවයත් එක්ක පෞරාණික උපශාන්තභාවයකින්, එතුමන් සියවස් ගණනාවකට පෙර නගරයේ ගාලගෝට්ටි මැද්දේ ගර්ජනා මැද්දේ සිටි ආකාරයෙන්ම හිඳගෙන ඉන්නවා. රාත්‍රිය උදාවෙනවා. අලියන් වලසුන් එතුමන් පසු කරගෙන වනලැහැබේ නිදැල්ලේ සැරිසරනවා. තිත් වැටිච්ච මුව රංචු එතුමන්ගේ හුදෙකලා ස්වභාවය දැක මොහොතකට විස්මිතව ගැස්සෙනවා.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සයවන පරිච්ඡේදය : අනුරාධපුරය, වන අරණේ නටබුන් නගරය.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VI: ANURADHAPURA – A RUINED CITY OF THE JUNGLE.

As you go along the road after leaving these tanks, at a turn you suddenly come upon a seated image of Buddha—by the wayside, under the trees. The figure is about seven feet high as it sits. It is of dark-colored granite, and though slightly defaced is still by far the best thing of its kind in the place. Most of the images of Buddha in the present temples of Ceylon are painfully crude productions ; but this has caught something of the grace of the great Guru. The eyelids are just shut, yet so slightly as to suggest that the figure is not lost in the ordinary material sleep, but only In that luminous slumber which, while closing itself to the outward and transitory world, opens on the eternal and steadfast consciousness behind. A deep calm overspreads the face—so deep that it Insensibly affects the passerby. He Involuntarily stops and gazes, surrendering himself to its influence, and to that of the silent forest. His thoughts subside, like waves on water when the wind ceases. He too for a moment touches the well-spring of being—he swims into identity with the universe ; the trees flicker in the evening light, the Buddha just gives the slightest nod, as much as to say, “That’s it” ; and then—he is but stone again, and the road stretches beyond.

Curious that one man should so affect the world that he should leave his bo-trees and his dagobas and his images in thousands over half a continent ; that he should gather vast cities round his name, and still, when they have perished and passed away, should remain the most glorious thing connected with them ; yet Buddha could not have had this ascendancy had not other people in their thousands and hundreds of thousands experienced in greater or less degree the same facts that he experienced. We must forgive, after all, the dirty yellow-robed priests, with their greedy claws and stinking shrines. It was Buddha’s fault, not theirs, when he explored poor human nature so deeply as to invest even its lowest manifestations with sanctity.

Where this image now sits perhaps once it looked down upon the busy turmoil of a great street. The glories of the capital of the Cinghalese kingdom unrolled before and beneath it. Hear how the chronicler of the seventh century (quoted by Emerson Tennent) describes—with justifiable pride—the splendor of the city in his day : “The temples and palaces whose golden pinnacles glitter in the sky, the streets spanned by arches bearing flags, the ways strewn with sand, and on either side vessels containing flowers, and niches with statues holding lamps. Here are multitudes of men armed with swords and bows and arrows. Elephants, horses, carts, and myriads of people pass and repass – jugglers, dancers, and musicians of all nations, with chank shells and other instruments ornamented with gold. The distance from the principal gate to the east gate is four gows, and the same from the north to the south gate. The principal streets are Moon Street, Great King Street, Hinguruwak, and Mahawelli Street —the first containing ii,ooo houses, many of them two storeys in height. The smaller streets are innumerable. The palace has large ranges of buildings, some of them two and three storeys high, and its subterranean apartments are of great extent.”

Fa Hian, the Chinese traveler, who visited Ceylon about 413 A.D., also says : “The city is the residence of many magistrates, grandees, and foreign merchants ; the mansions beautiful, the public buildings richly adorned, the streets and highways straight and level, and houses for preaching built at every thoroughfare.” Nor was the civilisation of Anuradhapura merely material in its scope, for Tennent tells us that beside public gardens and baths, halls for music and dancing, rest-houses for travelers, almshouses, etc., they had hospitals in which animals as well as men were tenderly cared for. “The corn of a thousand fields was set apart by one king for their use ; another put aside rice to feed the squirrels which frequented his gardens ; and a third displayed his surgical skill in treating the diseases of elephants, horses, and snakes.”

Founded by Cinghalese invaders of the island somewhere in the fifth or sixth centuries B.C., the city attained its first splendor under King Dewanipiatissa, who came to the throne in B.C. 306. ” It was in his reign,” says Burrows, “that the royal missionary Mahindo, son of the Indian king Dharmasoka, landed in Ceylon, and either introduced or regenerated Buddhism. The monarch and all his court, his consort and her women, became ready converts to the new tenets ; the arrival of Mahindo’s sister, Sanghamltta, with a branch of the Identical tree under which Gautama obtained Buddha-hood, consummated the conversion of the island ; and the king devoted the rest of his reign to the erection of enormous monuments, rock-temples, and monasteries, to mark his zeal for the new faith.”

After him troubles began. The Tamils of Southern India—whose history has been for so long entangled with that of the Cinghalese—or some branch of the race, attracted probably by the wealth of the new city, landed In Ceylon about 200 B.C. And from that time forward the history of Anuradhapura Is the record of continual conflict between the races. There was a second great invasion in B.C. 104, and a third about A.D. 106, In which the Tamils are said to have carried back to the mainland 12,000 Cinghalese captives, as well as great quantities of treasure. But the peaceful quiet-loving Cinghalese, whose chief talents lay in the direction of agricultural pursuits and the construction of those enormous tanks and irrigation works which still form one of the most remarkable features of the country, were no match in the arts of wars for the enterprising genius of the Tamils. The latter gradually pushed their way In more and more, dissensions between the two peoples more and more disorganised the city, till at last, for some reason not very clearly explained, in a.d. 769 the then king (Aggrabodhi IV.) evacuated his capital and established himself at Pollanarua, now also a buried city of the jungle.

From that time, it may be supposed, Anuradhapura rapidly dwindled away ; the streets were no more filled with gay crowds, the slight habitations of the populace soon fell to pieces, leaving no trace behind (except a soil impregnated for miles and miles with the debris of bricks) ; the stone palaces and temples lapsed into decay. And now Buddha sits in the silence of the forest, folded in the ancient calm, just as he sat centuries and centuries ago in the tumult and roar of the city ; night falls, and the elephant and the bear roam past him through the brushwood, the herds of spotted deer are startled for a moment by his lonely form in the moonlight.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 45

Advertisements

One thought on “A Fine Statue of Buddha

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s