Ruins of Enormous Dagobas

මෙහි වඩාත්ම වැදගත් වෙන නෂ්ටාවශේෂය වන්නේ දාගැබ්. ඝණ්ටාකාර ආකෘතියක්. බහුතරයක් තනා ඇත්තේ ඝන ගඩොලකින්. මූලික වශයෙන් වශයෙන්ම මේවා ගොඩනගා තියෙන්නේ ධාතුන් වහන්සේලා නිධන් කරන්න. දක්ෂ ලෙස ඉතා විශාල පරිමාණයෙන් නිර්මාණය කරන ලද අරුමෝසම් ඉටිපන්දම් නිවනයක් ලෙස කවුරුහරි වරදවා වටහාගන්නත් පුළුවන්.

Candlelighter with Bell Snuffer
Using the Candlelighter side to light candles. Bell shaped candle extinguisher (Bell Snuffer) in the other side

ගම්භීර දාගැබ් හී නටබුන්

බොහෝ වෙලාවට ඔවුන්ගේ කාලයේ සුදු පැහැ බදාම තට්ටුවක් ආලේප කරලා රත්තරන් හෝ පිත්තල වලින් තැනින් තැන සරසලා තියෙන්නත් ඇති. මේවා වටා ගල් කණු ආධාර කරගනිමින් අංගණයක් තිබූ බව සිතන්න පුළුවන්. සතර දිශාවෙන්- උතුර, නැගෙනහිර, බටහිර සහ දකුණ- හොඳට කපා පිළියම් කල පියගැටපෙළක් සහ ඉන් ඉහළට යන අලංකාරවත් කොරවක්ගලක් සහිත කුඩා පිළිමගෙවල් තියනවා.

Balustrades
Balustrades photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

දාගැබ් අභ්‍යන්තරයට භික්ෂූණ් වහන්සේලා හැරෙන්නට වෙන කාටවත් යන්නට කවදාවත් අවසරයක් නැහැ. සමහරක් විට වස්තූන් නිධන් කොට සඟවා තියෙන්න පුළුවන්. ඒත් බොහෝ වෙලාවට හිතෙන්නේ ඔය කියන ධාතූන් වහන්සේලා හැරෙන්න වෙන මොකවත් සඟවා නැහැයි කියලා. මේවා තනා තියෙන්නේ එකල රට කරපු මහරජුගේ ජනප්‍රසාදයට වටිනාකමක් එක් කරන්න වගේම ඔහුගේ අභිමානය පිනවන්න.

The Thuparamaya Dagebe
The Thuparamaya Dagebe, Anuradhapura photographed by Joseph Lawton [Image Courtesy: http://www.imagesofceylon.com ]

මීට පෙර සඳහන් කළ උද්‍යානයක් වන් එළිමහන් කලාපයේ, උතුරු කෙළවර නැගී සිටින ථූපාරාම දාගැබ, ෆර්ගසන් කියන විදිහට ඉන්දියානු මහද්වීපයේ දැනට ඉතිරිවී තියන ස්මාරකයන්ට වඩා සෑහෙන්න පරණයි (ගෘහනිර්මාණ ශිල්ප අත්පොත – පළමු වෙළුම – පිටුව 41). බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කොට තබා එය තනා ඇත්තේ ක්‍රි.පූ 307දී දේවානම්පියතිස්ස රජු විසින්.

මීට අවුරුදු කිහිපයකට කලින් සැදහවතුන් විසින් එය යළි ප්‍රතිසංස්කරණය කොට තිබෙනවා. එම නිසා දැන් ඕනම කෙනෙක්ට මේ දේවල් වල සාමන්‍ය පෙනුම සම්බන්ධයෙන් හොඳ අදහසක් ගන්න පුළුවන්. එය සුදු පාටයි, ඝණ්ටාකාරයි, අඩි හැට පහක් පමණ උසයි. පිත්තල කොත් මුදුනක් තියනවා. පහත අංගණයේ අඩි දහ අටක් පමණ උස කදිම ශිලා ස්තම්භ කිහිපයක් පිළිවෙළක් නැති නමුත් ගෞරව සම්ප්‍රයුක්තව එසවී තියෙනවා.

මෙහි දක්වා ඇති ඡායාරූපයේ ථූපාරාම දාගැබ සහ ඒ වටා ඇති කුළුණු පසුබිමෙහිත්, ඊට ඉදිරියෙන් පෙරබිමෙහි දළදා මාළිගාවේ නටඹුන් වල ගල් කණුත් පියගැට පෙළත් පෙන්වා තියෙනවා. දළදා මාළිගාව කියන්නේ විහාරයක්. එය නිමවා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පූජනීය දන්ත ධාතුව ලංකාවට ප්‍රථම වරට ඉන්දීය මහාභූමියේ සිට රැගෙන එනවිට තැන්පත් කර තබන්න. මේ දන්ත ධාතුව වටා මහත් වේගයෙන් යුද්ධ පැතිරුණා. එය අත්පත් කරගැනීම සඳහා කල අරගලයන් තුලින් රාජ්‍යන් කඩා වැටුනා, රාජ්‍යයන් නැගී සිටියා.  මම කලින් වෙලාවක කිව්ව වගේ ඒ දතම යැයි අදහස් කරගෙන සිටින අති විශාල කටුස්සෙකුගේ දිග දතක් දැන් මහත් අනුභාවයෙන් මහනුවර තියන නමගිය බෞද්ධ විහාරයක ආරක්ෂා කරගෙන තබාගෙන තියනවා.

පැරණි මූර්ති කලාවේ නිදර්ශක

පියගැට පෙළ පාදමේ ඇති දොරටුපාලකයාගේ (ද්වරපල්) කුඩා රූපය, පැරණි බෞද්ධ කැටයම් කලාවේ අගනා නිදර්ශකයක් (මුරගල). බොහොම මෘදු මනෝඥ බවක් පෙන්වනවා. වෙනමම  විශාල කරන ලද ඡායාරූපයක් මේ සමඟ එක් කර ඇති.

රුවන්වැලි (රත්තරන් කුඩු/වැලි) චෛත්‍යයේ කිසිම හැඩයක් නැති පිටුපස කොටස වත්මන් ගම්මානයට ඉතා ආසන්නයි. එය පෞරාණික ගොඩනැගිලි වල විශාලත්වය පිළිබඳ අදහසක් ලබාදෙනවා.

Entrance to Ruwanweli Dagoba
Entrance to Ruwanweli Dagoba, Anuradhapura photographed by Joseph Lawton [Image Courtesy: http://www.imagesofceylon.com ]

ඒ වගේම කාලයාගේ ඇවෑමෙන් එය විනාශ මුඛයට ඇදගෙන ගොස් ඇති ආකාරය පිළිබඳවත් හොඳ අදහසක් ලබාගන්න පුළුවන්. එහි දළ සැලැස්ම සමාන වෙන්නේ ඉතා දැවැන්ත ඒත් අපිළිවෙලට වෘත්තාකාරව ගොඩ ගැසූ පිදුරු ගොඩකට. අඩි 150ක් උසයි. පහුගිය කාලයේ එළිපෙහෙළි කොට අනාවරණය කරගත් සියල්ල එකට තද කරගෙන සිටි පහළ ඇති මෘදු ගඩොල් බැම්ම හැරෙන්නට ඉහළ කොටස මුළුමනින්ම ඝන සැරේට වැවුණු තණ පියළි වලින් වැසිලා. වඩාත් ප්‍රවේශ වීමට හැකි පහළ කොටසේ සහ වටා පිහිටි අංගණයේ යටිකැලෑව ලඟකදී සුද්ධ පවිත්‍ර කරලා.

Ruwanweli Dagoba, Anuradhapura
Ruwanweli Dagoba, Anuradhapura photographed by Joseph Lawton [Image Courtesy: http://www.imagesofceylon.com ]

පාදමේ බොහොම සූක්ෂමව කල කැටයම් අතරේ අඩි අටක් පමණ උස අනර්ඝ පිළිම හතරක් පහක් නැගී සිටිනවා. ඉන් එකක් මෙය ක්‍රි.පූ 161දී තනන්නට ආරම්භ කළා යැයි සැලකෙන දුටුගැමුණු රජුගේ. අනෙක්වා බුදු පිළිම.

හැම පිළිමයක්ම අනුභාවසම්පන්නබව උදාරබව පිළිබඳ වැටහීමක් ලබා දෙනවා. ශරීරය පිළිබඳ හොඳ අවබෝධයකින් පිළිම නෙළා තියනවා.

Ruwanweli Dagoba
Ruwanweli Dagoba photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මිනිසුන්ගේ යහතපත් නිර්මාණයන් ස්වභාවධර්මය විසින් ක්‍රමක්ක්‍රමයෙන් අකාමකා දමන අයුරු මැනනින් දෘෂ්‍යමාන කරන දාගැබ් දෙකක් තමයි ජේතවනාරාමය සහ අභයගිරිය. වනන්තරේ මැද්දෑවේ එකිනෙකට තරමක් දුරින් මේ දෙක පිහිටා තියනවා. අනුපිළිවලින් අඩි 250ක් සහ අඩි 300ක් උසට කොළ අතු වලටත් උඩින් ඉතා උස්ව නිමවී තිබෙනවා.

Jetawanarama Dagoba
Jetawanarama Dagoba photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ජේතවනාරාමයේ ඉතා විශාල කේතුකාර ගඩොල් බැම්මම අඩි 200ක් උසයි. එයින්ම හදාපු සිලින්ඩරාකාර කුළුණු වල සහ කේතුකාකාර කොටසේ අධික ලෙස ඝන සැරේට ගස් වැවිලා. ගස් වල මුල්, ගඩොල් වල ඇති පැළුම් තුලට ඇතුළු වෙලා කෘතිමව හදාපු මේ කන්දේ ගඩොල් කොටස් නිරන්තරයෙන්ම පිහිටි තැනින් පන්නා හරිනවා. පතොක් ගස්, දිඹුල් ප්‍රභේද, සහ අනෙකුත් ගස් වර්ග කණු පාදමේම සිටවිලා. මෙතන තියන ගඩොල් බැම්ම කොළ අතු වලින් වැහෙන්න බැරි වෙන්න අධික බෑවුම්ව කෙළින් ඇති නිසා, බහුලව නිතර දෙවේලේ දකින්න ඉන්න වඳුරන් රැලක් එහි කුළුණු මුදුනේම කෙළිසෙල්ලම් කරනවා.

අභයගිරි චෛත්‍යයේ සිට අද දකින දර්ශනය

අභයගිරියත් මේ හැඩයමයි. ඒත් දැන් නම් හොඳටම පඳුරුවලින් වැහිලා ගිහිල්ලා. පඳුරු වැඩෙන විදිහට තමයි ඇත්තටම හැඩය තීරණය වෙන්නේ. මූලික වශයෙන් මේක තමයි ලංකාවේ තියන විශාලතම චෛත්‍යය.

The Entrance to Abhayagiri Wihara
The Entrance to Abhayagiri Wihara, Anuradhapura photographed by Joseph Lawton [Image Courtesy: http://www.imagesofceylon.com ]

කියන විදිහට අඩි 405ක් උසට තිබ්බලු. ඒ කිව්වේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුර තරම් උසට. ඒත් කාලයාගේ ඇවෑමෙන් දැන් වෙන්නේ අඩි 300ක් පමණ උසක්. ළඟකදි යළි පිළිසකර ඇති ආකාරයට බොහෝ පල්ලම් සහිත පාරක් පාදමේ ඉඳන් මුදුනට සකස් කරලා තියනවා. එතැනින් අපිට බොහොම හොඳ දර්ශනයක් දැක බලාගන්න පුළුවන්.

Abhayagiri Dagoba
Abhayagiri Dagoba photographed by Joseph Lawton [Image Courtesy: http://www.imagesofceylon.com ]

“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සයවන පරිච්ඡේදය : අනුරාධපුරය, වන අරණේ නටබුන් නගරය.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VI: ANURADHAPURA – A RUINED CITY OF THE JUNGLE.

The dagobas, which are by far the most important remains here, are bell-shaped structures mostly of solid brick, originally built to enshrine some relic. They might ingeniously be mistaken for ornamental candle- extinguishers made on a vast scale, and have mostly in their time been coated with a white plaster and decorated here and there with gold or brass. Round them have been courts supported on stone columns ; and generally at the four points — North, East, West, and South—have been placed little shrines with well-cut steps and ornamental balustrades leading up to them. The interiors of these dagobas—such as they may have been—have never been accessible except to the priests ; sometimes, no doubt, treasures have been concealed within them, but for the most part probably they have concealed nothing except the supposed relic, and have been built to gratify the pride and add to the popularity of the monarch of the day.

The Thuparama Dagoba, which stands at the northern extremity of the park-like clearings above mentioned, is supposed by Fergusson {Handbook to Architecture, vol. i., p. 41) to be older than any monument now existing on the continent of India. It was built by King Dewanipiatissa in B.C. 307 to enshrine the right collar-bone of Buddha, and was restored some years ago by the pious, so that one gets a good idea from it of the general appearance these objects originally presented. It is white, bell shaped, and some sixty-five feet high, with a brass pinnacle on the top ; and some elegant columns about eighteen feet high stand yet in admired disorder in the court below. In the accompanying illustration the dagoba and surrounding columns appear some distance in the background, and the stone pillars and steps in the foreground are the remains of the Dalada Maligawa—a temple which was built to receive the sacred tooth of Buddha when it was first brought over to Ceylon from the mainland. Round this tooth battles raged, and in the struggle for its possession dynasties rose and fell. The enormous saurian fang, which purports to be the same tooth, is now preserved in great state in the well-known Buddhist temple at Kandy, as I have already mentioned. The little figure of a gate-keeper or dhworpal at the foot of the steps is an excellent specimen of early Buddhist sculpture, and is very graceful and tender. It is given on a larger scale in a separate illustration (page 113).

The Ruanweli (or Gold-dust) Dagoba, which rears its unshapely form close to the present village, eives one a notion of the massiveness of these ancient structures, and at the same time of the ravages which lapse of years has wrought upon them. In outline it resembles a gigantic but illmade circular haystack, 150 feet high. All the upper part of it is covered with thick grass, except where recent lapses have exposed the close yet rather soft brickwork of which the whole is compacted. The more accessible lower parts and surrounding terraces have lately been cleaned of undergrowth; and at the foot, among some well-executed carvings, stand four or five fine statues, about eight feet high—one of King Dutugemunu who is said to have begun the building about B.C. 161, the others apparently of Buddha, and all dignified and noble in conception, if not anatomically perfect in execution.

But the dagobas which best show the gradual effacement of human handiwork by Nature are the Jetawanarama and the Abhayagiria, both of which stand some distance out in the woods, and tower above the foliage to the heights of 250 feet and 300 feet respectively. The former of these (see plate at beginning of this chapter) presents a vast cone of brickwork some 200 feet high, surmounted by a cylindrical column of the same ; and the conical portion is simply overgrown by dense masses of trees, which inserting their roots into the crevices of the bricks are continually dislodging portions of this artificial mountain. Cactuses, varieties of fig, and other trees climb to the very base of the column, and here, where the brickwork is too steep to be covered with foliage, the omnipresent wanderoo monkey may be seen disporting itself on the very summit.

The Abhayagiria is of similar shape, but only covered at present with a shrub-like growth. Originally it was the largest dagoba in Ceylon, being 405 feet high—or as high as S. Paul’s—but time has reduced it to somewhere about 300 feet. A rather precipitous path leads from the base to the summit, which has recently been restored in some fashion, and from thence a fine view may be obtained.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 43

Advertisements

One thought on “Ruins of Enormous Dagobas

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s