The Present Village of Anuradhapura

අනුරපුර පුරාණ නගරයේ නෂ්ටාවශේෂ රැඳී පවතින්නේ ලංකා දූපතේ උතුරු කෙළවර පැත්තේ ඇති විශාල තැනිතලාව මධ්‍යයට ආසන්නයේ. දඹුල්ලේ ඉඳන් ගියත් පවා ඒ කරා ළඟා වෙන්න, නැතිනම් ඒ ළඟම ඇති සභ්‍යත්වයක් සහිත අන්තිම වාසස්ථානය කරා යන්න, කෙනෙකුට සිද්ධ වෙනවා තැපැල් කරත්තයේ රාත්‍රියක් ගත කරන්න.

“තැපල් කරත්තයේ” රාත්‍රියක්

මේ කරත්තය නම් ගොනුන් විසින් ඇදගෙන යන අවලස්සන කුඩා කරත්තයක්*. අන්ධකාරේ හැල්මේ යන සෙමින් ගමනක්. සාමාන්‍යයෙන් ස්වදේශික මගීන්ගෙන් හොඳටම පිරෙනවා. සැතපුම් හතලිස් දෙකක් වුනු සම්පූර්ණ ගමනේ හය වතාවක් කුඩා මොල්ලිය සහිත හරක් බාන මාරු කළා. අන්තිමට කවුරු හරි හොඳට තේරුම් ගත්තා නම් මේ වගේ තැනක හරියට එක විදිහකට නිදාගන්න බැහැයි කියලා, අන්න ඒ වෙලාවෙදි උදේ පාන්දර 6ට විතර ඔහු දකීවි තමන් මෙච්චර වෙලා ගමන් කරලා තියෙන්නේ නටඹුන් පිරිච්ච කැළෑවක් මැද්දෙන් කියලා.

වර්තමාන යුගයේ අනුරපුර ගම්මනයක්

කාලයක් අති විශාල ලෙස ජනාකීර්ණ ලෙස වැජඹුනු භූමි භාගයක් වූ මේ ප්‍රදේශයේ දැන් කුඩා ගම්මානයක් දකින්න තියනවා. රජයේ පිහිට ආධාරයෙන් ඉතා සුවිශේෂ නටඹුන් වටා ඇති වනය නම් එළිපෙහෙලි කරලා දාලා. මේ නටඹුන් මේ වර්තමාන ක්ෂේත්‍ර බිමේ ඔහේ මතුවී තියනවා හොඳින් දැක ගන්න පුළුවන්. මෙහි දකින්න තියන ප්‍රධාන ලක්ෂණය වෙන්නේ අලංකාර උද්‍යානය කලාපයක් වගේ වැවී ඇති තණ බිම් සහ තැනින් තැන විසිරී පැතිරුණු වෘක්ෂයන්. ඒ අතර තියන විසි ගණනක් සිය ගණනක් නැගී සිටින ප්‍රාකාර කුළුණු, පිළිම, අති විශාල දාගැබ්, කැඩී බිඳී ගිය මන්දිර, පුරාණ ගොඩනැගිල්ලක අප්‍රමාණ ලෙස ඉතිරි වී ඇති සාක්ෂි විශිෂ්ට දර්ශනයක්.

Lowa Maha Paya (Brazen Palace)
Lowa Maha Paya (Brazen Palace) photographed by Joseph Lawton [Image Courtesy: http://www.imagesofceylon.com ]

”ජලයෙන් පිරි පොකුණු සහ බිටර්න් කුරුල්ලන්ගේ වාසස්ථානය”

වර්තමාන කච්චේරිය පිහිටා තියෙන්නේ එක් විශාල ජලාශයක වෙරළාන්තයේ. මේ ජලාශයෙන් තමයි ඒ කාලයේ නගරයට සහ අසල්වැසි ප්‍රදේශ වලට ජලය ලබාගෙන තියෙන්නේ. ඒත් වර්තමානයේ නම් වර්ෂාව මත්තේම යැපීම සහ ඇළ මාර්ග හිඟකමට ණය ගැති වෙන්න ජලාශය වියළී යන්න බොහොම ආසන්න වෙලා. වැව් ඉවුරු කණ්ඩියට නැග්ග සැනින් පෙනෙන්නේ සිය ගණනක් හීලෑ කරපු මී හරක් සහ අනෙකුත් ගවයන් දෙණිබිමේ ඇති තණ උළා කන ආකාරය. නග්න උඩුකයෙන් යුතු අඳුරු පැහැ දේහයන් ජලය ඉතුරු වී ඇති එක් කොණක මාළු බාමින් සිටියා. මොන පැත්තෙන් බැලුවත් වැව් පතුල මහ කැළෑවකින් මායිම් වෙලා. ඒ කැළෑවෙන් එපිට සහ තෙරක් නොදන්නා කැළෑව අභ්‍යන්තරයේ තුරු මුදුන් වලට ඉහළින් නොපැහැදිලි ලෙස දුරින්, කොළ පැහැයෙන් යුතුව අධික ලෙස ගල්වැඩ ක්‍රියාකාරකම් සිදු වූ බව දැකගන්න පුළුවන්. ඒ අතර ඊට පහළින්, ගවේෂණ නොකළ ගරාවැටුණු ගොඩනැඟිලි වලින් සැකසුණු වංකගිරි, ගනසැරේට වැවුණු අඳුරු කටු අකුල් වලින් සැඟවීගෙන ගිහින්.

ලෝහමය පායේ නෂ්ටාවශේෂ

ලන්ඩනය නැවතත් මනුෂ්‍යවාසයක් නැති වල්බිහි වූ බිමක් බවට පත් වුනොතින් මේ වගේ හිටිවී. ඒවිට ඇල්බර්ට් ස්මාරකයේ, ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ සහ ලන්ඩන් කුළුණේ පෙඳ පාසි තණ වැවුණු ශෛලමය සහ ගඩොල් බැමි, අන්දබූත වී එසවී තිබේවි. එතකොට බැටළුවන් සහ ගොනුන් සාමකාමීව, දැන් තවත් අතකට හරවා ඇළ මාර්ගයක් කොට ඇති තේම්ස් නදී තීරේ ඉවුරු තැනිතලාවේ තණ උලාකාවි.

උදාහරණයක් විදිහට තවමත් මෙහි, අක්කරයක් පුරා විහිදී ඇති චතුරස්‍ර භූමි භාගයක රළු ලෙස කපන ලද කණු හයසියයක් නැගී සිටිනවා. තද කළු ගලෙන් නෙළා තියෙන්නේ. අඩි දහයක් පමණ උසට පොළවෙන් මතු වෙලා. සමාන්තර පේළියක එකෙනෙකට සෘජුව කෝණ වී පිහිටා තියෙනවා. ඒවා පෙනෙන විදිහට නම් මහල් නමයක ගොඩනැගිල්ලක පදනම වූ බිම් මහලේ අත්තිවාරම වෙන්න ඕනා. කිසිම සැකයක් නැහැ අනික්වා හදලා තියෙන්නේ දැවයෙන්. ඒත් පුරාණ වංශ කතාව ලියවී ඇති මහාවංශයේ ඉතා අලංකාරව හැඩ වැඩ දමා මෙය කියා ඇත්තේ, ඉතා දීප්තිමත් පිත්තල ආලේපිත පියස්සක්, රනින් කළ ස්තම්භ ඇති මධ්‍ය ශාලාවක් සහ ඇත්දළ රාජාසනයක් තිබූ බවයි. ඊට අනුව මෙය ගොඩ නගා ඇත්තේ ක්‍රි.පූ දෙවන සියවසේ. මෙය පරිහරණය කොට ඇත්තේ රාජකීයයන් සහ භික්ෂූණ් විසින්. මෙය නම් කොට ඇත්තේ ලෝවා මහා පාය ලෙසින්.


[අනුවාදක සටහන:

*– ඡායාරූප ගත වී ඇති “Mail Coach” වල ඇත්තේ අශ්වයන්ය. ඒවා අශ්ව කෝච්චි කියා හඳුන්වයි. ඒ ඡායාරූප සියල්ලම වගේ ඇත්තේ කොළඹ නුවර ආශ්‍රිතවය. ඒවායේ “Mail Coach” වචනයද මුද්‍රිතව ඇත. ඒ අනුව දුෂ්කර පැළාත් වල මේ කාර්‍ය කර ඇත්තේ ගොනුන් බව කිව හැක.]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සයවන පරිච්ඡේදය : අනුරාධපුරය, වන අරණේ නටබුන් නගරය.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VI: ANURADHAPURA – A RUINED CITY OF THE JUNGLE.

The remains of this ancient city lie near the centre of the great plain which occupies the north end of the island of Ceylon. To reach them, even from Dambulla, the nearest outpost of civilisation, one has to spend a night in the “mail-coach,” which in this case consists of a clumsy little cart drawn at a jog-trot through the darkness by bullocks, and generally full of native passengers. Six times in the forty-two miles the little humped cattle are changed, and at last—by the time one has thoroughly convinced oneself that it is impossible to sleep in any attainable position—one finds oneself, about 6 a.m., driving through woods full of ruins.

Here, on the site of a once vast and populous town, stands now a small village. The care of Government has cleared the jungle away from the most important remains and those lying just around the present site, so that the chief feature is a beautiful park-like region of grass and scattered trees, in which stand out scores, and even hundreds, of columns, with statues, huge dagobas, fragments of palaces, and innumerable evidences of ancient building. It is a remarkable scene. The present cutcherry stands on the shore of one of the large reservoirs which used to supply the city and neighborhood, but which at present, owing to want of rain and deficiencies of channels, is nearly dry. On climbing the embankment the bed of the lake stretches before one, with hundreds of tame buffalos and other cattle grazing on its level meadows ; a few half- naked darkies are fishing in a little water which remains in one corner ; on either hand the lakebottom is bounded by woods, and out of these woods, and out of the woods behind one, high above the trees loom green and overgrown masses of masonry, while below and among them labyrinths of unexplored ruins are hidden in thick dark tangle. It is as if London had again become a wilderness, above which the Albert Memorial and S. Paul’s and the Tower still reared confused heaps of grassy stone and brickwork, while sheep and oxen browsed peacefully in the bed of the Thames, now diverted into another channel.

Here for instance still standing in a great square, on a piece of ground over an acre in extent, are sixteen hundred rough-hewn columns, solid granite, projecting about ten feet out of the ground, and arranged in parallel rows at right angles to each other. They are supposed to form the foundation storey of a building nine storeys high, no doubt built of wood, but according to the ancient chronicles of the Mahawanso gorgeously decorated, with its resplendent brass-covered roof and central hall of golden pillars and ivory throne, erected in the second century B.C., occupied by the royal folk and the priests, and called the Brazen Palace.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 41

Advertisements

2 thoughts on “The Present Village of Anuradhapura

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s