The Cave-Temples of Dambulla

හවස් යාමයේ අපි දඹුලු ගල උඩට නැග්ගා විහාරය දකින්න. විශාල පර්වතයක්. අඩි 500ක් 600ක් උසයි. කුරුණෑගල තියන ගල වගේ. අඩක් දුර නගිනකොට පළල් ලෙස පැතිරුණ ගැටියක් දකින්න ලැබෙනවා. යාර 100ක් දිගයි. එතැනට කඳු මිටියාවත් වල කදිම දර්ශනයක් පෙනෙනවා. මේ ගැටියත් ඊට උඩින් ඉස්සරහට නෙරා තියන ගල් ස්ථරයත් අතර තියන අවකාශයේ එක පෙළට විහාර මන්දිර පහක් දකින්න පුළුවන්. ප්‍රාසාද මුඛයක් කියල දෙයක් නැහැ. බදාම තාප්පයක් විතරයි.

දඹුල්ලේ ලෙන් ආරාම

ගුහා දොර පසු කරගෙන විශාල ගුහාව ඇතුලට ගියාම ග්‍රාම්‍ය ලෙස නෙළු පිළිම සෑහෙන ප්‍රමාණයක් දකින්න පුළුවන්. මේ විහාරයන්ගෙන් විශාලතම එක අඩි 150ක් දිගයි, අඩි 40ක් ඇතුලට විහිදිලා, අඩි 23ක් ඉදිරියෙන් උසයි. බොහොම අඳුරු අවකාශයක්. නිර්වාණය මූර්තිමත් කෙරෙන දුර්වර්ණ සිනහවකින් අන්ධකාරේ හිඳගෙන සිටින බුදුරදුන්ගේ මහා පරිමාණ පිළි රූ 50ක් වගේ තියනවා.

Interior of Cave Temple Dambulla
Interior of Cave Temple Dambulla with Buddhist Statues and Rock Roof photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

සුවයෙන් නිදාසිටින එක් විශාල අඩි 30ක් 40ක් දිග සැතපෙන පිළිමයකුත් තිබුනා. හැම එකක්ම බොහොම ගොරෝසුවට කරලා තිබුනේ. බොහොම තද කහ පැහැයකින් සහ රත් පැහැයකින් සායම් කරලා. නමුත් බොහොම විශ්මිතයි.

Interior of Rock Cave Temple Dambulla
Interior of Cave Temple Dambulla with Buddhist Statues and Rock Roof (ca. 1880) photographed by Skeen & Co. [Image Courtesy: http://www.lankapura.com ]

ගල් ලෙන් පියස්සේ සහ පැති වල පවා බුද්ධ චරිතයේ සිදුවීම් බොහොම කොරොස් විදිහට බිතු සිතුවම් කර තිබුනා. ඒ අතර හින්දු දේව රූපයනුත් දකින්න තිබුනා.

Interior of Cave Temple Dambulla
Interior of Cave Temple Dambulla with Buddhist Statues and Rock Roof photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

අවුරුදු දහස් ගණනක පුස් ගඳ, වැඩි පිරිසිදු කමක් නැති පැවිද්දෝ, දැල්වෙන පොල්තෙල් පහන්, පරවුණු මල් සහ යල් පැනපු සාම්බ්‍රානි සුවඳ, අපට සෑහෙන අසහනකාරි බවක් ගෙන දුන්නා. එතනින් නැවතත් එළියට ආවම දැනුනේ සෑහෙන ලොකු සහනයක්. දේවා කිව්වේ උත්සව කාලෙට මෙහෙ දකින්න ලැබෙන දර්ශනය බොහොම සිත් ඇදගන්නවා කියලයි. අනේක සංඛ්‍යාත වන්දනාකරුවන් මෙතනට එක් රොක් වෙලා ආලෝකයෙන්, පුෂ්පයන්ගෙන් සහ මුදලෙන් සෑම රූපයක් ඉදිරියේම ඇති ඵලක මත පුද පූජා පවත්වනවාලු. බෙරවාදන, සැදැහවතුන්ගේ ගථා සූත්‍ර සජ්ජායනා, දැල්වෙන දිදුලන ආලෝකය, සහ පිටත; පුර සඳෙන් වෑහී ගල මත පතිත වෙන ආලෝකය බොහොම චමත්කාරයිලු.

map-of-caves-dambulla

මේ ගල් පර්වතයට උරුමකම් කී වඳුරන් සිය ගණනක් මේ ගැටිය මත හිමි වරුන්ගෙන් අහාර සංග්‍රහ ලබා ගන්නවා.

Dambulla Caves Sectional Views
Dambulla Caves Sectional Views

ලංකාවේ ප්‍රධාන වශයෙන් ඉන්නේ බෞද්ධයෝ. දූපතේ කඳුකර පළාත් පුරාවටම මේ වගේ ගල් විහාර, මීට වඩා කුඩා එවා, විසිරී පැතිරී තියනවා. සමහරක්වා නිකම්ම සිද්ධස්ථාන. බුදුන්ගේ එක් හිඳි පිළිමයක් හෝ සැතපුණු පිළිමයක් තියන ඒවා. මේ බුදුපිළිම සුලභව නෙළා තියෙන්නේ වන මැද ගල් පර්වතයක ඉස්සරහට නෙරා තියන අධික බෑවුමක. කතා වල කියවෙන විදිහට නම් මේ ගුහා ලෙන් වල ඉස්සර කාලයේ යෝගීවරයෙක් හෝ ඉසිවර තාපසයෙක් වාසය කරලා තියනවා. ඒවායේ විහාර හදලා තියෙන්නේ ඔහුව සිහි වෙන්න.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පස්වන පරිච්ඡේදය : බ්‍රිතාන්‍යය නීති පද්ධතිය සහ බෞද්ධ සිද්ධස්ථාන.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER V: BRITISH LAW-COURTS AND BUDDHIST TEMPLES.

In the afternoon we went up the rock to see the temples. A great rock, 500 or 6od feet high, similar to that at Kurunegala. Half-way up stretches a broad ledge, 100 yards long, commanding a fine view over hill and dale, and between this led^e and an overhanging layer of rock above are niched five temples all in a row. No facade to speak of, mere stucco walling, but within you pass into large caverns full of rude statues. The largest of the temples is 150 feet long, 40 deep, and 23 high in front—a great dark space with perhaps fifty colossal images of Buddha sitting round in the gloom with their sickly smile of Nirvana, and one huge figure, 30 or 40 feet long, lying down In illumined sleep ; all crudely done, and painted bright yellows and reds, yet rather impressive. The sides too and roof of the cavern are frescoed in the same crude manner with stories from the life of Buddha, and with figures of the Hindu gods. Withal, a fusty smell, a thousand years old, of priests none too clean, of flaring oil-lamps, of withered flowers and stale incense, oppressed us horribly, and it was the greatest relief to get out again into the open. Devos says the scene is very striking at the great festivals, when multitudinous pilgrims assemble and offer their lights and their flowers and their money, on benches each before the figure they affect. Tomtoms beat, worshipers recite their prayers, lights twinkle, and outside the light of the full moon pours down upon the rock. Monkeys native to the rock are fed on this ledge in hundreds by the priests.

Ceylon is of course mainly Buddhist, and all over the hilly part of the island rock-temples of this sort, though smaller, are scattered—some mere shrines with a single seated or recumbent image of Buddha. They are commonly built among the woods, under some overhanging brow of rock, and the story generally runs that the cavern had in earlier times been occupied by some hermit-saint, or yogi, and that the temple was built in remembrance of him.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 39

Advertisements

One thought on “The Cave-Temples of Dambulla

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s