To Dambulla in a Bullock-Cart

මේ මාසේ (ජනවාරි) 10වෙනිදා එෆ්. මොඩර් සහ මා, මෙහෙ ඉඳන් දඹුල්ලට සෙල්ලම් ගමනක ගියා (සැතපුම් 35). එතැනින් අනුරාධපුරයට (සැතපුම් 42). දඹුල්ල ඉතා ප්‍රසිද්ධ වෙන්නේ බෞද්ධ ගල් ලෙන් විහාරවලට. අනුරාධපුර භූමි භාගය බොහොම පෞරාණික නගරයක්. නමුත් දැන් වල් වැදිච්ච කැලෑවක් මැද්දේ තියන නටබුන් නගරයක්.

දඹුල්ලට ගොන් කරත්තයෙන්

මේ වගේ සංචාරයකට ගතවන දිගු කාල ප්‍රමාණය සහ අමාරුකම් ගැන කියන එක එක ජාතියේ වාර්තා තිබියදීත් (ප්‍රධානම දුෂ්කරතාව වෙන්නේ නිවැරදි තොරතුරු ලබාගන්න එක) මොඩර්ට පුළුවන් වුනා හදිස්සියේ වුනත් ගොං කරත්තයකුත් ගොන්නු ජෝඩුවකුත් මේකට සූදානම් කරගන්න. අපි හවස 6.30ට වගේ ගමන ආරම්භ කලා. කරත්තය ඇතුලේ තිබුන මෙට්ටයත් කොට්ටත් හොඳ සනීපයක් ලබා දුන්නා.  අපි පැය කිහිපයක් වාඩි වෙලා කතා බහ කරමින් ගිහිල්ලා, ඊටපස්සේ ඇවිදන් ගිහිල්ලා, ඊලඟට නින්දට වැටුනා.

පැයකට සැතපුම් දෙකක් වගේ සාමන්‍ය වේගයකින් ගිහින් මධ්‍යම රාත්‍රියේදි අපි ගොකරැල්ලේ තානායමට ළඟා වුනා. ඒ වුනත් ගොනුන් මාරු කරගෙන ඉක්මනින්ම එතනින් පිටත් වුනා. තවත් පැය හයක ගමනකින් අපි ළඟාවුනේ සිංහල ජාතික රජයේ වෛද්‍යවරයෙක්ගේ නිවසකට. එහිදී අපි උදෑසන ආහාරය අරගෙන ආයෙත් ගමන පිටත් වෙලා ඉර මුඳුන් වේලාව වෙද්දි දඹුල්ලේ වෛද්‍ය දේවාගේ  නිවාසය කරා ආවා. රාත්‍රියේදි මේ පුංචි ගොනුන්ගේ ගමන බොහොම හිමින්. දමිළ රියදුරා උස් ස්වරයකින් ‘ජඃ’ සහ ‘පුතා’  යනුවෙන් උන්ට කතා කළා (අපේ කරත්තරකාරයන් ‘ඔර්ව්’ සහ ‘ජී’ කියනවා වගේ). සමහරක් විනෝදකාමි ඉංග්‍රීසි සංචාරකයන් මේක අර්ථදක්වනවා, ලංකාවෙ ඉන්න ස්වදේශික ජනතාව ඔවුන්ගේ හරකුන්ට කතාකරන්නේ ‘ජැක් පීටර්’ කියලා!

ක්ෂීරපථයේ තාරකා අනන්තප්‍රමාණයක් බැබළෙමින් තිබුනා. ආ පාර නම් බොහොම කටුකයි. විටින් විට වේලිච්ච ජල ප්‍රවාහයක වැලි තට්ටුවකට පල්ලම් බහින්න සිද්ධ වුනා. හැම තැනම මහ කැළෑව (මොඩර් කියන්නේ මේ යටිකැලෑව අස්සේ නටබුන් නගරවල නෂ්ටාවශේෂ තැනින් තැන දැකගන්න තියනවලු).

මහ කැළෑව වුනත් අපි හැමෝම සැපට නිදාගත්තා. මොඩර් නිදාගත්තා. මම නිදාගත්තා. රියදුරා නිදාගත්තා. අතරින් පතර අපේ හොඳ ගොන් නාම්බනුත් නිදාගත්තා. වරක් දෙවරක් අපිට සම්පූර්ණයෙන්ම නවත්තන්න සිද්ධවුනා හැමෝටම නිදාගන්න. ඒත් නුපුරුදු නිශ්ශබ්දතාව මැද්දේ හැමෝම නැගිට්ටා.

අරුණෝදයේ පළමු හිරුකිරණ නැගෙනකොට, තුරු වදුලක හැන්ගීගෙන අමුතු අමතු කුරුල්ලන් නද දුන්නා. සුදු පැහැ කඳ දිගේ දිග ඇදී ගිය විශාල කයිරුමුල් සහිත මහා දැවැන්ත නුගගස් මේ අවතාර ආලෝකයට එදිරිව නැගී සිටියා. කොතක් වැනි කේතුකාකාර වේ තුඹස් පාර දිගටම දකින්න තිබුනා. තුරුවැල් ගලාගිය අවුල් ජාලාවනුත් ඒ අතරම තිබුනා.

Ceylon Rose
Ceylon Rose (Pachliopta jophon) belongs to the swallowtail family endemic to Sri Lanka

හිරු නැගෙද්දී සමනල්ලු සෑහෙන ගාණක් පියඹා ආවා. මම නම් සමනල්ලු ගැන එච්චර දෙයක් දන්නේ නැහැ. ඒත් මේ රටේ ඉන්න සමනල්ලු එක එක ආකාරයි. ඒ වගේම ලස්සනයි. එක් වර්ගයක් සුලභව දකින්න පුළුවන්. හරහට අඟල් හතරක් වගේ දිගයි. කලුයි සුදුයි පියාපත්. ඇඟ දීප්තිමත් රතු පැහැයක්. යටි පියාපතේ ඒ පාටින්ම ලප වැටී තිබුනා. හරිම රූප සම්පන්නයි. එක් දිනක් වනන්තරේ හිරු නාමින් ඉන්න වෙලාවක අතිවිශාල වැහිලිහිනි වලිග ගනයට අයත් සමනලයෙක් මා වටා කැරකි කැරකි හිටියා.  එක් පියාපත් කොණක ඉඳලා අනෙක් පියාපත් කොණටම අඟල් දහයක් තරම් විශාලයි.

 යුරේශියානු මිත්‍ර සමාජය

මොඩර්* කියන්නේ වයස අවුරුදු තිහක විතර උද්යෝගිමත් හාදයෙක්. පේන හැටියට නම් ඕලන්ද සම්භවයක් තියෙන්නේ. පෙරකදෝරුවෙක් නැත්තන් ස්වදේශිකයන්ගේ සොලිසිටරවරයෙක්. හොඳට සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි පුළුවන්. අනික බොහොම හොඳ පුරාවිද්‍යා දැනුමකුත් තියනවා. ඒ වගේම මිහිරි හඬකින් ලස්සනට සෙල්ලමට වගේ උස් හඬකින් විකට සින්දු කියන්නත් පුළුවන්. මම දැක්කෙ ඔහු නියම ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදිහට. ඔහු තමන් ජීවත් වෙන සමාජයේ ගැබ්වුනු කුල ගෝත්‍රවාදය සම්පූර්ණයෙන්ම පිළිකුල් කරනවා. ඔහු හිතන්නේ එක්සත් ජනපදය කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ රටක් කියලා.

ඔහු කියන විදිහට ඔහු නිතරම සිංහල සහ දෙමළ මිනිස්සුන්ට කියනවාලු කුලවාදය කියන්නේ හරිම මෝඩ වැඩක් කියලා. මුලදි ඔවුන්ට ඔහු කියන කිසිම දෙයක තේරුමක් වටහා ගන්න බැරිලු. වෙනස් දෙයක් හිතන්න ගියොතින් එයාලා සම්පූර්ණයෙන්ම අතරමං වෙනවලු. ඒත් ටික කාලෙකට පස්සේ ඒ අදහස මුල් බැස ගන්නවාලු.

දඹුල්ලේදි අපිට දේවා ව මුණගැසුනා. අවුරුදු තිස්තුනක විතර නැවුම් මුහුණක් ඇති කදිම  හාදයෙක්. අව්‍යාජ ගතිගුණ ඇති කලබල නැති පුද්ගලයෙක්. සුළු ජනගහනයක් පවතින මේ දිස්ත්‍රික්කයේ රෝහලක් පවත්වාගෙන යනවා. එය යම් තරමක විශාල ස්වදේශික ගමක් විතරයි, වෙන කිසිවක් නැහැ. ඒත් මෙහාට තැපැල් සේවාව ලැබෙනවා. අනුරාධපුරයට සහ අනෙක් ප්‍රදේශ වලට යන ඇතැම් ඉංග්‍රීසීන් මෙහාටත් ගොඩවදිනවා. දමිළ කුලී කණ්ඩායම් පවා ඉන්දියානු මහා භූමිප්‍රදේශයේ ඉඳන් දඹුල්ල හරහා උඩරට බලා යනවා. මෙතැන තමයි කොළරාව වගේ රෝග වලට බයේ වෛද්‍ය පරීක්ෂණයට ලක්වෙන්නේ.

tamil-boy-skeen
Tamil Boy photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

දේවා එක්ක තරුණයන් දෙන්නෙක් නේවාසිකව ඉන්නවා. පර්සි කැරොන් කියන්නේ යුරේශියානුවෙක්. අනෙකා සිංහල තරුණයෙක්. ඔවුන් දෙන්නම වන අඩවි නිලධාරීන්. මේක තනිකඩයන්ගේ කලබල නැති කුඩා ගෙයක්. සියලුම දෙනා බොහොම මිත්‍රත්වයෙන් වාසය කරනවා. මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ දෙමළ කොල්ලා ජෝන්ටත් බොහොම හොඳින් සලකනවා. ඔහුගේ නම කියල තමයි කතා කරන්නේ. ඔහුට කෑගහලා බැන වදින්නේ නැහැ.

මේ කට්ටියගේ සම්පූර්ණ කතා බහ එකිනෙකා අතර සිද්ධ වෙන්නේ ඉංග්‍රීසියෙන්. හැබැයි වැඩි කතාබහක් නැහැ. කියන දෙයක් ඉක්මනට වුනත් ගෞරවයෙන් කියනවා. අනෙක් දෙන්නා මේ සිංහල මනුස්සයව සෑහෙන්න විහිළුවට ගන්නවා. ඔහු නම් පුරුදු පරිදි බොහොම සංවේදි භාවාත්මක බැඳීම් වලින් හෙබි චරිතයක්.


[අනුවාදක සටහන:

*– රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාකාවේ සඟරාවේ පහළොස් වන වෙළුමේ (1897-1898) එෆ්. එච්. මොඩර් නැමැත්තෙකුගේ කුරුණෑගල ප්‍රදේශය (වයඹ පළාත) ආශ්‍රිතව පුරවිද්‍යා ලිපි පළවී ඇත. බොහෝවිට මොහු ෆ්‍රාන්සිස් හඩ්සන් ලොවේ මොඩර් විය යුතුය.

]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පස්වන පරිච්ඡේදය : බ්‍රිතාන්‍යය නීති පද්ධතිය සහ බෞද්ධ සිද්ධස්ථාන.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER V: BRITISH LAW-COURTS AND BUDDHIST TEMPLES.

On the loth of this month (January), F. Modder and I went off on an excursion from here to Dambulla (35 miles), and thence to Anuradhapura (42 miles). Dambulla is celebrated for its Buddhist rock- temples, and Anuradhapura is the site of a very ancient city, now in ruins amid the jungle.

Despite all sorts of reports about the length of the journey and its difficulty—the chief difficulty being that of getting any exact information—M. managed to secure a bullock-cart with springs, and two pairs of bullocks ; and we made a start about 6-30 p.m. A mattress in the cart and a pillow or two made all comfortable. We sat and talked for a couple of hours, then walked, and then went to sleep. With an average speed of two miles an hour we reached the rest-house at Gokarella at midnight, changed bulls, and immediately went on. Another six hours brought us to the house of a Government medical practitioner—a Cinghalese—where we got an early breakfast, and finally we reached Dr. Devos’ house, at Dambulla, about mid-day.

The little bulls went patiently on during the night, the Tamil driver chirruping ” Jack ” and ” Pitta ” to them (corresponding to our carters’ “Orve” and ” Gee,”) which some cheerful English traveler is said to have interpreted into the statement that the natives of Ceylon call all their cattle either Jack or Peter; the stars shone bright—the Milky Way innumerable. The road was bad, with occasional descents into dry sandy torrent beds ; jungle stretched all around (with here and there, M. says, the remains of some town buried in undergrowth) ; but we slept—M. slept, I slept, the driver slept, and occasionally even the good little bulls slept. Once or twice we came thus to a total stoppage, all sleeping, and then woke up at the unwonted quiet.

Just the first light of dawn, and a few strange bird-calls In the bush ; the great Ficus trees with their mighty buttresses stretching white stems up into the yet ghostly light ; ant-hills, conical and spired, all along the road-side ; tangles of creepers, and then, as the sun rose, quantities of butterflies. I know nothing of butterflies, but the kinds in this country are very various and beautiful. There is one which is very common, about four inches across, black and white, with body a bright red, and underwing spotted with the same colour—very handsome ; and one day, when taking a sun-bath in the woods, an immense swallow-tail hovered round me, fully ten inches across from tip to tip of wings.

Modder is a cheerful fellow, of Dutch descent probably, of about thirty years of age, a proctor or solicitor for native cases, well up in Cinghalese and Tamil, and full of antiquarian knowledge, yet can troll a comic song nicely with a sweet voice. I find he is a regular democrat, and hates the whole caste system in which he lives embedded—thinks the U.S. must be “a glorious country.” He says he has often talked to the Tamil and Cinghalese people about the folly of caste. At first they can’t understand what he means—are completely at a loss to imagine anything different, but after a time the idea seems to take hold on them.

Found Devos at Dambulla—a fine clear-faced man of about thirty-three, genuine, easy – going, carrying on a hospital in this slightly populated district— just a large native village, no more—but the mails come through this way, and a few English on their way to Anuradhapura, and other places. Gangs of Tamil coolies also, from the mainland of India, pass through Dambulla in going up country, and have to be medically examined here, for fear of cholera, etc. Living with Devos are two younger fellows, Percy Carron, who is also an Eurasian, and a Cinghalese youth, both foresters—a small easygoing bachelors’ household, and all very chummy together. Thought they also treated their Tamil ” boy ” John well—actually called him by his name, and did not shout at him. These fellows all talk English among themselves, in a close lipped, rapid, rather neat way. The other two chaffed the Cinghalese a good deal, who was of the usual sensitive clinging type.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 38

Advertisements

One thought on “To Dambulla in a Bullock-Cart

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s