A Case of Burglary

මේ නඩු බොහොමයක් අඬ දබර හන්දා ඇති වෙන ඒවා. ඒ අතර අරෝවට කරන අබූත චෝදනාත් නැතුවා නෙවෙයි. හරක් හොරකම්, පොල් හොරකම් වගේ දේවල් සම්බන්ධයෙනුත් නඩු වැටෙනවා. ටික දවසකට කලින් මම උසාවියේ හිටපු දවසේ විභාගයට ගත්ත ප්‍රධාන නඩුව ටිකක් විනෝදජනකයි.

ගෙවල් මංකොල්ල නඩුවක්

මීට දින කිහිපයකට කලින් මිනිස්සු තුන් හතරදෙනෙකුට එරෙහිව ගෙවල් බිදීමක් සම්බන්ධයෙන් කෙරුණු චෝදනාවකින් ඔවුන් නිදහස් වෙලා තියනවා (සාක්ෂි ප්‍රමාණවත් නොවන නිසා). බාග වේලාවට සාවද්‍ය චෝදනාවක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඊට පස්සේ මුන් ටික උසාවියෙ ඉඳන් කෙළින්ම අරක්කු තැබෑරුමකට ගිහින් හොඳටම බීලා. ඉන් පස්සේ මුන් තුන් හතරදෙනා කතිකා කරගෙන, ඊට කලින් එහෙම වැඩක් කරලා නැති වුනත් එදා හවසට ඒ මිනිහව ඇත්තටම සම්පූර්ණයෙන්ම සුද්ද කරලා දාලා මිනිහට හොඳ කණේ පාරක් ගහන්න. ඉතින් මේ වැඩේටම හරියන්න අලුත් පණක් අරගෙන කට්ටියම වැඩේට තැබෑරුමෙන් පිටත් වෙලා.

Native Bar with Native People
Native Bar with Native People (ca. 1905) photographed by Adolphus William Andrée

මේ මිනිහා ඔහුගේ ගෙදර පිළ උඩ නිදන් ඉඳලා තියෙන්නේ. මුන් ටික ඔහුව බැඳලා දාලා පහර දීලා. ඒත් සාක්ෂි සාධක වලට අනුව ඇඟේ තිබිලා තියෙන්නේ බොහොම සුළු පහරකෑම් සලකුණු ටිකක් විතරයි. බොහොම සංවේදි ගැස්සෙන හිතක් තියන මේ මිනිහා, මුන් ටික ඔහුට ගුටිබැට දෙන්න කලින්ම මියගිහින්. ඒ නිසා මුන් ටික මේ පාර චූදිතයන් වුනේ මිනිමැරුම් චෝදනාවකට.

මේ මිනිහගේ අම්මා බොහොම වයසක කාන්තාවක්. වයස්ගත වුනත් බොහොම අලංකාර මුහුණක් ඇයට තිබුනා. ඇය තමයි සාක්ෂි දෙන්න ආවේ. ඇය කියන්නේ ඈට අවුරුදු 100ට ළඟයි කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂියක් නැහැ. කොහොම නමුත් ඇයට තිබුනේ නිරවුල් මනසක්. ඇය හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට බොහොම හොඳින් මුහුණදීලා සිරකරුවන් කිහිප දෙනෙක් අඳුනගත්තා. ඇය කිව්වේ ඔවුන් ගෙදරට කඩා පැනලා වටිනා කියන දේවල් සොරකම් කරගෙන ගියයි කියලා. සොරමුලේ නායකයා ඇයට ගෙදර මුල්ලකට යන්න සන් කරලා “නාකි අම්මේ, පැත්තකට වෙන්න. නැතිනම් උඹටත් රිදෙයි” කිව්වලු. ඒ අතර තව එකෙක් ඇවිත් “මම හිතන්නේ මේ වළලු මම උඹේ අතින් ගැලෙව්වොත් හොඳයි. උඹ දන්නවනේ ඔව්ව උඹට දැන් හරියන්නේ නැහැ” කිව්වලු. මේ අපරාධයට මිනිස්සු නව දෙනෙකුටම නඩු පැවරුනා. ඉහළ උසාවියෙදි තව දුරටත් නඩුව විභාග කරන්න යැවුනා. මේ කල්ලියේ නිවට හබකාරයන් අතරින් විනීතම මුහුණක් තිබුනු පුද්ගලයා මානුෂීය ගුණාංග වලින් හෙබි සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගෙයි පෙනුනේ.

ස්වදේශිකයන් මන නොබඳීන බ්‍රිතාන්‍ය ජීවන පරමාදර්ශ

මෙහි සහ අනෙක් ප්‍රදේශ වල මා දුටු ඉංග්‍රීසි නිලධාරීන් මට හැඟුනේ හොඳ හදවතක් හිමි වෙහෙසී වැඩ කරන මිනිස්සු විදිහට. ඒත් කාටහරි දැනෙන්න පුළුවන් මේ ගොල්ලොත් මහජනයාත් අතර ලොකු හිඩසක්, ලොකු පරතරයක් තියනවා කියලා. මේ පරතරය කවදාවත් යා වෙන එකක් නැහැ. ප්‍රායෝගිකව බැලුවොත් අපේ වගේ රජයකින් කරන්නේ, සහ කරන්න පුළුවන් එකම දේ, අපේ සමාජ සංස්ථාව- අපේ දුම්රිය මාර්ග, අධ්‍යාපනය, බයිබල දූත මෙහෙයන්, රෝහල්, නීති සහ උසාවි, කුලී වහල් කම්, ලාබ ඉපයීම්, සහ සෙසු සියල්ලක්ම; ආගමික හැඟීම් දැනීම් එක්ක වෙනත් මුල් වලින් සම්පූර්ණ ජීවිතයම දුවන, සම්පූර්ණයෙන්ම පිටස්තර මිනිස්සු කොටසක් මධ්‍යයේ මෙහි ස්ථාපිත කරන එක විතරයි. මේ දෙක කවදාවත් එකතු කරන්න බැහැ. ඒත් මේ දෙක ඝට්ටනය වෙලා ඇතිවන කම්පනය, සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ශිෂ්ටාචාර දෙකටම ප්‍රතික්‍රියා කරලා යම්කිසි වැදගත් ප්‍රතිඵලයක් නිපදවෙන්න පුළුවන්.

මොකවුනත් යහපත් අරමුණකින් වැඩ කරන නිලධාරීන්ට නම් මේක ධෛර්ය්‍යය අඩු කෙරන කටයුත්තක්. තමන්ගේ හෘදය සාක්ෂියට තමන්ගේ විශ්වාසයන්ට අනුව උතුම් චේතනාවකින්; ඒ කියන්නේ මහජනයාගේ භෞතික ශුභසාධනය, ලැබෙන සියයට පහ, රජයට ලැබෙන ලාභය වගේ දේවල් සලකලා ඔහු ඉතා වටිනාකමක් තියන ජලාශයක් හරි ඕනෑම දෙයක් හරි ඉදිකරලා දුන්නත් ඔහුට මිලියන ගණනකගේ හදවත් දිනා ගන්න බැහැ. නමුත් ඔහුට හෝ ඔහුගේ මහන්සියට වඩා වැඩි ගෞරවයක් භාගෙට පිස්සු යෝගි වරයෙකුට ලැබෙනවා.

gov-british-officer-scowen
British Officer photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

දමිළ සිසුවෙකුගේ දර්ශනය

අරුණාචලම්ගේ මිත්‍රයා, ස්වාමිනාදන්* මා සමඟ ඉංග්‍රීසි කියවන්න හැමදාම එනවා. ඒ වෙනුවට ඔහු මට දෙමළ පොඩ්ඩක් උගන්වනවා. ඔහුගේ කොළ පටරෙදි කබාය, පිටදිගේ වැටුනු ගොතපු කොණ්ඩය, සිවුමැලි අත් දෙක සහ හැසිරීම අනුව ඔහු ටිකක් විතර ජේත්තුකාරයෙක්. තිහත් පැනපු දරු මල්ලො ඉන්න පවුල්කාරයෙක් වුනත් ජීවනෝපායක් නැහැ. තමන්ගේ දෙමව්පියන් එක්ක ජීවත් වෙමින් ඔවුන්ගෙන් තමයි යැපෙන්නේ. ඊටත් වඩා පුදුම දේ මේ තත්වය පිළිගත් සහ බලාපොරොත්තු විය හැකි ක්‍රමයක්. තාමත් පැතිර තියන හොඳින් දන්නා කොමියුනිස්ට්වාදයත් මේ වගේ. ස්වභාවයෙන්ම ඔහුගේ සෑහෙන ශිෂ්‍ය ගතියක් තියනවා. ඔහු උපන් ගම්පළාතේ (ඉන්දියාවේ) ඔහු දර්ශනය පිළිබඳ, දේවධර්මය පිළිබඳ නොමිලේ කිසිම ගාස්තුවක් නැතිව දේශනා පවත්වනවා. මේවා බොහොම ජනප්‍රියයි.

ඔහු මාත් සමඟ එස්. මාර්ක් කියෙව්වා. ඔහු බොහොම හොඳට කියවනවා. සමහර වචන වල උච්චාරණය අඩමාණෙට කලත් දර්ශන විද්‍යාවේ වචන හොඳට හුරුපුරුදු බවක් පැහැදිලිවම පෙන්නුවා. ඔහුට යේසුස් තුමානන්ගේ කතාව ගැන උනන්දුවක් තිබුනා. ඔහු හිතුවේ කිසිම සැකයක් නැතිවම යේසුස් කියන්නේ ඉසිවරයෙක්, ඒ කියන්නේ අති සමර්ථයෙක් කියලා. එහෙම නැතිනම් අඩු ගණනේ පෙරදිග ගුප්ත කථාවක පද්‍යයක් වෙන්න ඕනි කියලා ඔහු විශ්වාස කළා. නමුත් ඔහු බෙහෙවින් විනෝද වුනා කිතු දහමේ සඳහන් වන මෝක්ෂය කාරණාව සම්බන්ධයෙන්. මම හිතන්නේ ඔහු එය දැනගන්නට ඇත්තේ මාර්ක්ගෙන් නොව මිශනාරි ධර්ම ධූතයන්ගෙන් වෙන්න ඕනි.

American Missionaries, Jaffna
American Missionaries, Jaffna photographed by S.K. Lawton [Image Courtesy: http://www.imagesofceylon.com ]

[අනුවාදක සටහන:

*– ස්වාමිනාදන් යනු මෙම ලේඛනයේ ඇති පරදි, අරුණාචලම් බොහොම ගෞරවයෙන් නිතරම සඳහන් කරන ‘Master’ ගේ වැඩිමහල් පුතණුවන් විය හැක.]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පස්වන පරිච්ඡේදය : බ්‍රිතාන්‍යය නීති පද්ධතිය සහ බෞද්ධ සිද්ධස්ථාන.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER V: BRITISH LAW-COURTS AND BUDDHIST TEMPLES.

The cases are largely quarrels, and more or less unfounded accusations arising out of quarrels, thefts of bullocks or of coco-nuts, and so forth. The chief case when I was In court some days ago was rather amusing. A few days before, three or four men, having been accused, possibly wrongfully, of burglary, and having (on account of insufficient evidence) been acquitted, went off straight from the court to an arrack shop and got drunk. They then made It up between them that they would rob the man thoroughly that evening, even If they had not done so before, and give him a good hiding Into the bargain ; and taking to themselves some other congenial spirits went off on their errand. They found the man asleep in the verandah of his cabin, and tying him down gave him some blows. But—as It came out In the evidence with regard to the very slight marks on the body—before they could have hurt him much, the man, with great presence of mind, died, and left them charged with the crime of murder ! An old woman—the man’s mother— with a beautiful face, but shaking with age, came forward to give evidence. She said she was nearly 100 years old, though the evidence on this point was not very clear. Anyhow, her head was remarkably clear, and she gave her testimony well ; identified several of the prisoners, said they had broken Into the cabin and carried off valuables, and that one, the leader, had motioned her Into a corner of the cabin, saying, ” Stand aside, old mother, or you’ll get hurt,” while another had come up to her aad said, ” I think I had better take those bangles from you, as they are no good to you now, you know.” There were nine men charged with the offence, and they were committed for trial in a higher court—very decent- looking scaramouches on the whole, just about average types of humanity.

The English officials that I have seen here and at other places strike me as remarkably good-hearted painstaking men ; but one feels the gulf between them and the people—a gulf that can never be bridged. Practically all that a Government like ours does, or can do, is to make possible the establishment of our social institutions in the midst of an alien people—our railways, education, Bible missions, hospitals, law-courts, wage-slavery, and profit grinding, and all the rest of it, in the midst of a people whose whole life springs from another root, namely religious feeling. The two will never blend, though the shock produced by the contact of two such utterly different civilisations may react on both, to the production of certain important results. Anyhow for a well-meaning official it must be depressing work ; for though he may construct a valuable tank, or what not, from the highest motives according to his own lights — i.e. for the material welfare of the people and the realisation of a five per cent, profit to Government—still he never comes near touching the hearts of the millions, who would probably pay much more respect to a half-luny yogi than to him and all his percentages.

A.’s friend, Samanathan, comes to read English with me every day, and teaches me a little Tamil in return. He is something of a dandy, with his green silk coat and hair plaited down his back, and delicate hands and manners—a fellow over thirty, with a wife and children, and yet not earning any livelihood, but remaining on at home with his parents, and dependent on them ! And what seems to us most strange, this is quite an admitted and natural thing to do—such is the familiar communism which still prevails. He is very much of a student by nature, and in his native town (in India) gives lectures, philosophical and theological, free of charge, and which are quite popular. He is reading S. Mark with me, and reads it pretty well, being evidently familiar even with the more philosophical words, though doubtful about the pronunciation of some. He is interested in the story of Jesus, and thinks Jesus was no doubt a ” sage ” — i e. an adept—or at any rate versed in the arcane lore of the East. But he is much amused at the Christian doctrine of the redemption, which I suppose he has got hold of, not from Mark but the missionaries.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 37

Advertisements

One thought on “A Case of Burglary

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s