The District Court

කුරුණෑගල – මගේ නිගමනය වුනේ මෙහෙ  තියන උසාවි සහ අධිකරණ කටයුතු එක්තරා ආකාරයකට බ්‍රිතාන්‍ය රජයේ වියදමින් මේ “බෙල්ලන්ට” ලබා දෙන විනෝද සංග්‍රහයක් කියලා. මේ මිනිස්සු එච්චරටම මේ ආයතන තකන්නේ ඒ තරම් සුළුවට. අනේ පව්! අසරණ මිනිස්සු! ඒ ගොල්ලන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න වලින්, ප්‍රාදේශීය දේශපාලනයෙන් හෙබි පැරණි සාම්ප්‍රදායික ජීවන රටාව, ඊටත් වඩා  තියන ආගමික උත්සව, මේ හැම දෙයකම වර්ධනය කඩා වැටෙනවා.

අධිකරණය, ජනප්‍රිය මාතෘකාවන්ගේ මධ්‍ය කේන්ද්‍රය

අලුත් තාලෙට විනෝදයක් ලබන්න ඔවුන්ට තියන අවස්ථා අඩුයි; සැණකෙළි නැහැ, රංගශාලා  නැහැ, සංගීත ශාලා නැහැ. ඡන්ද බලයත් මැතිවරණත් තිබුනනම් අපේ යාළුවා මොණරසිංහ වුනත්  සතුටු වේවි. ඔවුන්ට තියන එකම දේ පොලිස් උසාවියෙන් ලැබෙන උද්වේගය හැරෙන්න වෙන මොකද්ද?

මෙහි තියන දිස්ත්‍රික් උසාවිය මම දැක්කේ මේ නගරේ තියන වඩාත්ම වැදගත්ම ආකර්ෂණයක් දිනාගන්න තැනක් විදිහට. උදේ පාන්දරම මිනිස්සු මෙතනට එකතු වෙනවා. හවස් යාමේ ගෙවල් දොරවල් බලා විසිරිලා යනකන්ම මුළු දවසම ඒ අවට ලැගගෙන එක්කෝ නඩු විසඳනවා බලාගෙන ඉන්නවා, නැතිනම් දුන්න තීන්දු ගැන කතා කර කර ඉන්නවා. මේ ස්ථානය නම් පොළක් වගේ හරිම කලබලකාරියි. තැනක සීත කල බීම විකුණනවා, හිඟන්නන් පුරුදු පරිදි තමන්ගේ රක්ෂාවේ යෙදෙනවා, පුංචි තිරික්කල* හැල්මේ උඩට පහළට යනවා.

පෞද්ගලික පළිගැනීම් පිරිමසාගැනීම වෙනුවෙන්

පිට දේසක්කාර අධිකාරියකින් වරදකරුවෙක් කලාට ඔවුන්ට විශේෂ කැලලක් ඇති වෙන්නේ නැහැ. ජනසම්මත සිරිත් විරිත්, භාෂාවන්, හරි හැටි තේරුම් ගන්න බැරි යම් වෙන වාර්ගික නියෝජිතයෙක් අඩමානෙට ලබාදෙන තීන්දු වලින් ඔවුන් ඇත්තටම සතුටකුයි ලබන්නේ. වෙන්න පුළුවන් අන්තිම නරක දේ සිරදඬුවමකට නියම වීම වුනත් එය ඔවුන්ට අප්‍රසන්න දෙයක් නෙවෙයි.

ඒ ඇරත් මේ ආයතන පෞද්ගලික කෝන්තර පිරිස්මසාගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. බොහොමයක් නඩු හරිම විස්තර සහිතව අලංකාරෙට ගෙතෙනවා. අඩන්තේට්ටමක් වුනා කියල බොරුවට ගොතලා කියලත් වන්දි ඉල්ලනවා. ඇත්තටම හිංසනයක් සිද්ධවෙලා තියනවානම්, පැමිණිලිකාරයා චෝදනාකරන්නේ ඇත්තම වරදකාරයට විතරක් නෙවෙයි, සිදුවීමට කිසිම සම්බන්ධයක් නැති පැත්තක ඉන්න එක එක අප්පුසිඤ්ඤොලාටත් ඔහු ඇඟිල්ල දික් කරනවා. (මම මේ නරක තත්වය නිරතරයෙන් නැවත නැවත ඇතිවනවා දුටුවා). නමුත් ඒ සියලුදෙනාම ඔහුට පෞද්ගලික ඒදිරිවාදිකම් තියන කට්ටිය. ඔහුගේ බලාපොරොත්තුව මේ ඔක්කොමත් කොහොම හරි කරලා මේකට පටලවන්න.

මම කලින් කිව්ව වගේ සිංහලයෝ කියන්නේ හරිම සංවේදි ජන කොට්ඨාශයක්. ඕනම හිත්තැවුලක් පැසවන්නේ ඔවුන්ගේ පපු තුරුලෙන්මයි. පළිගැනීම් වලට පිහිය පාවිච්චිය දුර්ලභම නැහැ. යුරේශියානු මිත්‍ර වෛද්‍යවරයෙක් වරක් කිව්වා, ඔහු හිතන්නේ, බොහෝ වෙලාවට තවත් එකෙක්ගෙන් තුවාලයක් ලබපු හරි පහරකාපු හරි මනුස්සයෙක්, පහර දීපු එකාගෙන් පළිගන්නකන් මැරෙනතුරාවට කෝපයෙන් වෙව්ලුම් කනවා කියලා. ජීවිතයම කැප කරන්නේ ඒකට. ඒ මදිවට තමන්ගේ නෑ-හිතවතුන් පවා මේ සඳහා පොළඹවාගන්නවා. ඒත් ලබාපු තුවාලය සුවපත් කරගන්න උත්සහයක් නැහැ. ඔහු කියන විදිහට, අපිට නිතර නිතර වුනත් අසන්න ලැබෙන, බඩේ පිහිඇනුම් පාරවල් වලට ලක්වෙච්ච රෝගීන්ගේ තුවල කොහොම නමුත් නියම තුවාල. ඒ හන්දා නිතරම හැදෙන උණ රෝග නිසා අප්‍රමාණ ලෙස මේ තුවාලය විශාල වෙනවා. ඊට පස්සේ ඉතා කුඩා දේකට වුනත්, උදාහරණයක් විදිහට වතුකාරයාගේ හැරමිටියෙන් ලබන පහරකට වුනත් තුවාලෙ පෑරෙනවා.

Interior of a Courthouse
Interior of a Courthouse in Kandyan Province – The Late insurrection in Ceylon (1850) Publisher: Illustrated London News. [Image Courtesy: http://www.lankapura.com ]

දිස්ත්‍රික් උසාවිය

Punkah Fan is Hanging in Roof
Punkah Fan is Hanging in Roof

මේ රටේ උසාවි සාමාන්‍යයෙන් ඉතා විශාලයි. සෙවිලි කරපු, නැතිනම් උළු හෙවිල්ලපු ශාලා. සමහර ඒවායෙ වීදුරු පැතිරාමු තිබුනත් බොහෝවිට  සුළඟට විවෘතයි.  පහත් බැම්මක් පමණක් ශාලාව වටේට තියනවා. ඔබ ඇතුලේ වාඩිගත්තොතින්, රැස්කාපු සෙනකගෙ නග්න බාහු, නග්න සිරුරු, ඔලුගෙඩි ඉන් මතු වෙනවා. එක් අන්තයක වාඩි වී සිටින ඉංග්‍රීසි නිලධරයා තමන්ගේ රාජකාරිය නියම ලෙස කලත්, බොහොම වෙහෙස බවක් පෙන්වමින් තමයි වැඩ කරන්නේ. ඔහුගේ හිසට උඩින් පුංකාවක් වැනෙමින් නින්දයනසුළු මධ්‍යාහ්න ග්‍රීෂ්මය පලවා හැරියා. ඔහුට පහළින් භාෂා පරිවර්තක ලෙස කටයුතු කල තෝල්ක මුදලි සිටගෙන සිටියා. ශිෂ්ට රීතින් නිසා උසාවිය ඇතුලේ සිදුවන ගනුදෙනු භාෂා ද්විත්වයෙන්ම සිදු කරන්න අවශ්‍ය වෙනවා. මේ නිලධරයා ස්වදේශිකයෙක් වුවත් ස්වදේශික භාෂාව හොඳින් දන්නා ඉංග්‍රීසියෙකු වුවත් එය සිදුවන්නේ ඒ විදිහටමයි. මේසය මැද්දේ වාර්තාකරුවෝ කිහිපදෙනෙක් සහ පෙරකදෝරුවෝ කිහිප දෙනෙක් අසුන්ගෙන සිටියා. අනෙක් අන්තයේ තමයි සපත්තු දාපු පොලිස් කාරයොයි විත්තිකූඩුවේ සිරකරුවොයි සිටියේ.


 [අනුවාදක සටහන:

*– ‘Bullock-Hackery’ ලෙස මෙහි සඳහන් කරත්ත වර්ගය පිළිබඳ පැහැදිලි වැටහීමක් නැත. බොහෝවිට එය ‘Race Trap’ වර්ගයට අයත් වහලය රහිත තිරික්කලය විය යුතුය.

]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පස්වන පරිච්ඡේදය : බ්‍රිතාන්‍යය නීති පද්ධතිය සහ බෞද්ධ සිද්ධස්ථාන.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER V: BRITISH LAW-COURTS AND BUDDHIST TEMPLES.

Kurunegala.—I have come to the conclusion that the courts and judicial proceedings out here are a kind of entertainment provided for the oysters at the expense of the British Government, and that the people really look upon these institutions very much in that light. Poor things ! their ancient communal life and interests, with all the local questions and politics which belonged thereto, and even to a great extent the religious festivals, have been improved away ; they have but few modern joys—no votes and elections such as would delight our friend Monerasingha—no circuses, theatres, music-halls. What is there left for them but the sensations of the police-courts ? The district court here is, I find, the one great centre of interest in the town. Crowds collect in the early morning, and hang about all day in its vicinity, either watching the cases or discussing the judgments delivered, till sunset, when they disperse homeward again. Cooling drinks are sold, beggars ply their trade, the little bullock-hackeries trot up and down, and the place is as busy as a fair. There is no particular stigma in conviction by an alien authority ; there is a happy uncertainty in the judgments delivered by the representatives of a race that has difficulty in understanding the popular customs and language ; and the worst that can happen—namely relegation to prison life—affords a not unpleasant prospect. Besides, these institutions can be used to gratify personal spleen ; cases can be, and frequently are, cooked up in the most elaborate manner. Damages can be claimed for a fictitious assault ; and when an injury has really been done, the plaintiff (and this I find is a constantly recurring difficulty) will accuse not only the author of the mischief, but Tom, Dick, and Harry besides, who have had nothing whatever to do with it, but who are the objects of personal spite, in the hope of getting them too into trouble. The Cinghalese, as I have said before, are a very sensitive people. Any grievance rankles in their bosom, and in revenge they will not unfrequently use the knife. An Eurasian friend, a doctor, says that he quite thinks cases might occur In which a man who had been wounded or assaulted by another would die out of spite in order to get the other hanged !—would connive with his relations and starve himself, and not try to heal the wound. He says however that the cases of ruptured spleen—of which we so frequently hear — are genuine, as frequent fevers often cause Immense enlargement of the spleen, which then bursts for a comparatively slight cause, e.g. a planter and a stick.

The courts In this country are generally large thatched or tiled halls, sometimes with glass sides, but often open to the wind, with only a low wall running round, over which, as you sit Inside, a crowd of bare arms and heads and bodies appears. At one end sits the English official, dutifully but wearily going through his task, a big punkah waving over his head and helping to dispel the slumbrous noontide heat ; below him stands the mudaliar, who acts as Interpreter—for the etiquette properly enough requires that the transactions of the court shall be given in both languages, even though the official be a native or an Englishman knowing the native language perfectly ; at the table in the centre are seated a few reporters and proctors, and at the other end are the prisoners In the dock, and the policemen in their boots.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 36

Advertisements

One thought on “The District Court

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s