Boat-Voyage Down the Kaluganga to Kalutara

මේ පාරු බෝට්ටු වර්ගය මේ ගඟේ බහුලව දකින්න තියන වර්ගයක්*. ඔරු දෙකකින්, ඒ කියන්නේ කුහරයක් සැකසූ ගස් කඳන් දෙකකින් තමයි හදලා තියෙන්නේ. දෙකම අඩි විස්සක් දිගයි. අඩි පහක් හයක් එකිනෙකට දුරින් මේ දෙක තියලා, දෙකටම උඩින් බිම් තට්ටුවක් අතුරලා, ඒ මැද කුඩා අතු සෙවිල්ලපු කුටියක් තනලා තියනවා. මේ කුටියේ ඇතුලේ උයා පිහා ගන්නයි, නිදා ගන්නයි පුළුවන්. එක් කොණක ගිනිගොඩකුත්, හට්ටි මුට්ටිත් අනෙක් කොණේ පැදූරුත් එලා තබා තිබුනා.

Kalu Ganga at Rathnapura
Kalu Ganga at Rathnapura (ca. 1870) photographed by Joseph Lawton [Image Courtesy: http://www.lankapura.com ]

බෝට්ටුවෙන් දිය තරණය, කළුගඟ දිගේ කලුතරට

බෝට්ටුවේ ඉදිරිපස කොටසේ වාඩි වී ගත්ත අවල්කරුවන් දෙන්නෙකුත්, රිටි කාර අවර අල්ලන්නා පිටිපසින් හිටගෙනත් හිටියා. කණ්ඩායමේ නායකයා සමඟ තවත් හතරදෙනෙක් (වයසක ජයෝනිස්, මැදි වයස් සිඤ්ඤප්පු, කොලු ගැටැව් දෙන්නා ජුවානිස් සහ තොරෝනිස්) සිටියා.  කණ්ඩායමේ නායකයාගේ නම වුනේ පෙද්‍රි (පේදුරු).

රත්නපුරට සැතපුම් දෙකක් පහලදි විහාරයක් අසල ඉවුරේ අපි බෝට්ටුව නැවත්තුවා. පේදුරු සහ වයසක මනුස්සයා පඬුරු දාලා ගමනට ආශිර්වාදය ලබා ගන්න මේ විහාරය කරා ගියා. ඊට ප්‍රථමයෙන් ඔවුන් තඹකාසි කිහිපයක් අරන් ගංගා ජලයෙන් සෝදලා බෝ කොලයකින් ඔතලා එයත් හෝදලා, නළලට ජලය ඉසගත්තා. ඔවුන් ඉක්මනින්ම ආපසු පැමිණ නැවත ගමන ආරම්භ කළා.

House Boats, Ratnapura River (Kalu Ganga)
House Boats, Ratnapura River (Rice-Boats on Kalu Ganga – A clump of bamboos on the right.) photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ගඟ දෙපැත්ත නම් වාසස්ථානයක් බවට පත් කරගෙන තිබෙන බවට එතරම් සලකුණක් හොයාගන්න බැරි වුනා. අතරින් පතර ඉවුරු කණ්ඩියේ ග්‍රාම්‍ය ලෙස ගඟ පහලට සකස් වුනු පඩි කිහිපයක් සහ අඳුරු පැහැ දේහ රූපයන් හිසට ජලය වත් කරවාගමින් ස්නානය කරනවා නම් දකින්න ලැබුනා. ගඟ හැමතැනම ඒකාකාරි නැහැ. යාර සියයක් තරම් විතර පළලයි. හතට විතර හොඳටම කලුවර වැටුනා. ඒ හන්දා අපි ගං ඉවුරේ සඳ පායනකන් නැවතී ඉන්න ගමන් රාත්‍රී ආහාරය අනුභව කළා. බත්, පිසූ බිත්තර, බෝංචි සහ අන්නාසි. ඉතා කදිම කෑම වේලක්.

ඊට පස්සේ කාලා ඉවරවෙලා, ඉවුරු වැල්ලේ ඉඳගන්නා අතරේ ගැටව් දෙන්නා ගිනි මැලයක් පත්තු කලා. අන්ධකාරව තිබ්බ ඉවුර අද්දර උස ගැට්ට ගිනි දැල්ලට අලංකාරෙට කාන්තිමත් වුනා. කැලෑව අතරේ ඈත ගම්මානෙකින් කුඩා ළමයින් සෙල්ලම් කරන කට හඬවල් ඇසුනා.

ටික වෙලාවක් එහි ගත කරලා අපි නැවතත් පාරුවට ගොඩ වුනා. පාරුවේ වාඩි වෙලා වරද්දමින් හිනා වෙමින් එකිනෙකාට ගණන් කරන්න ඉගැන්නුවා. “එකයි, දෙකයි, තුනයි, හතරයි – වන්, ටූ, ත්‍රී, ෆොර්.” සිංහල භාෂාවේ  (දෙමළ වගේ නෙවෙයි ) සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ “මිනිහා – මෑන්, ගෑනි – වුමන්” ආදි වශයෙන් ආර්ය මූලයන්.

කුඩාම කොලු ගැටයා, තොරෝනිස් (වයස අවුරුදු 12යි) පටස් ගාලා එක දෙක තුන ඉගෙන ගත්තා. ඔහුට බොහොම තියුණු දැක්මක් තිබ්බා. ඔහු තමයි අපිට උයා පිහා දීලා අපේ කෑම වේල සකස් කරන්නේ. ඒ අතර අවල් ගානවත් එක්ක. පේදුරු ලොක්කා කොල්ලන්ට බොහොම කරුණාවන්තයි. පේළියට නිදියලා ගොරෝනකන්ම ඔවුන් බොහොම සතුටින් දවස ගෙවනවා.

සඳපානත් සමඟ මධ්‍යම රාත්‍රියේදි අපි නැවත ගමන ආරම්භ කලා. ඊට පස්සේ මා උදෑසන හය පමණ වන තුරු නිදාගත්තා. නැගිටලා ගොඩට ඇවිත් හොඳට නා ගත්තා. වතුර හොඳට උණුසුම්.

ආයෙත් ගමන පටන් ගත්තා. බොහොම සුළු සැඩ පහරවල් කිහිපයක් තිබ්බත් එච්චර ලොකුවට ප්‍රයෝජනයක් වුනේ නැහැ. ගොඩ ඇනී කිහිපයක් මතින් ඉඳ හිට ගියත් ඊට බෝට්ටුව ඔරොත්තු දෙනවා. පාරුව හදලා තියෙන්නේ ගස් කඳන්ම හාරලා නිසා මේ බෝට්ටු බොහොම දැඩියි. ගල් පවා හැප්පුනත් කිසිවක් වන්නේ නැහැ. ගැටැව් ටික නම් වැලි ඉවුරකින් ඉවත් වන්නට කරන අරගලයේදි හොඳට විනෝද වුනා. මේ වෙලාවෙදි ජුවානිස් තමන් ලැග උන් තැනින් එක පාරට පැනලා වතුරේ ගිලෙන්නේ බොහොම පැහැදිලි කැමැත්තකින්. එතකොට රිටෙන් පාරුවේ පාලනය හසුරවලා ඉදිරියට ගෙනියන්නේ වයසක ජයොනිස්. ඔහු සිහිනුවණැතිව කටයුතු කරන මුහුණක් ඇති සන්සුන් කෙසඟ පුද්ගලයෙක්. කුරුළු හිස් වැස්මක් නැති උතුරු ඇමරිකාවේ ඉන්දියානුවෙක් වගේ.

Crow Pheasant
Crow Pheasant (Greater Coucal – Centropus sinensis) [Image Courtesy: https://bandi42.wordpress.com ]

ඇතැම්විට වඳුරෙක් හරි සරුංගලයක් හරි දකින්න තිබුනා. ගඟේ මේ කොටසේ නම් සැඩ පහරට උඩින් කිඹුල්ලු නැහැ. විශාල හැඩකාර පිළිහුඩුවන්, වළි කුකුළාගේ වගේ පිල් කලඹක් ඇති ඇටිකුකුළන්** දකින්නත් පුළුවන්.

යාත්‍රාවෙන් සතුටු වූ කළුවා

Kalua photographed by Scowen & Co.

කළුවා මේ යාත්‍රාගමන බොහොම ආසාවෙන් වින්ඳා. ඔහුගේ උදාසීන සමාජශීලී චිත්ත ස්වභාවයට එය බෙහෙවින් ගැලපුනා. පේදුරු ඇතුළු මුළු නඩයත් එක්කම නිමක් නැතුව ඔහු දොඩමළු වුනා. ඔහුගේ වනචාරී කායබලයත් ඒ වගේම හිතු මනාපෙට වැඩ කරන කරදරවලින් නිදහස් ගතියත් ඉතා කදිමයි. මුළු සිරිපාද ගමන පුරාම ඔහු ගමන් කලේ නිකන් පයින්. කිසිම තෙහෙට්ටුවක් පෙන්නුවෙත් නැහැ. හරියට වත්තක ඇවිද්දා වගේ. ඕන තැනක ඇල වෙලා නිදා ගන්න පුළුවන්. ඒ වගේම නොනිදා ඉන්නත් පුළුවන්. කෑවා, නොකෑවා කිසි ප්‍රශ්නයක් නැහැ. හිතලටත් උණුසුමටත් එක වගේ ඔරොත්තු දෙනවා. භෞතික වශයෙන් සම්පූර්ණයෙන්ම වගේ තවම වනචාරි ගති පෙන්නුවත්, ඔහු දැක ඇති සුළු දෙයින් සභ්‍යත්වය ඔහුට ගෙන ආවේ මොන වගේ ආකර්ෂණයක්ද කියන එක හරිම අරුමයක්. ඔහු නිතරම වගේ මගෙන් අහනවා යුරෝපය ගැන. බොහොම පැහැදිලිව ඔහු එහි සමෘද්ධිය සහ තේජස ගැන සිහින දකිනවා. මේ ළාමක සිතට සියලුම නූතන පහසුකම් සහ නිපැයුම්, අරුමයක් ගෙන දෙන සෙල්ලම් භාණ්ඩ වගේ. මම හිතන්නේ ඔහු මට බොහොම සමීප වුනා. ඔහුගේ හිතෛෂී චරිත ස්වභාවය ගැන කිසි සැකයක් නැහැ. ඒ වුනත්, තවම ඔහුගේ මනසේ ඇති අනේකාකාර සියලු දේ අතර මා හුදෙක් කොටසක් පමණයි. මම දිනක් උත්සහ ගත්තා දෙවියන් සහ යක්ෂ‍යන්, නැතිනම් අදිසි බලයන් ගැන ඔහු දරන මතය ගැන දැන ගන්න. ඒත් ඒක හරිම නිෂ්ඵල දෙයක් වුනා. මොකද ඔහුගේ මනස සැරිසරන්නේ ප්‍රත්‍යක්ෂ භෞතික දේවල් මත. කොහොම වුනත් බොහෝ සිංහලයන් මේ වගේ කාරණාවන් ගැන තමන්ගේ අනුමානයන් දක්වන්න කැමතියි. මා නවාතැන් අරගෙන හිටපු එක් හෝටලයක එක්තරා කාමර සේවකයෙක්, බුදුන් වහන්සේගේ දේශනාවක් මඟින් මගේ සිත පිනෙව්වා. ඒත් එය ඉවර වුනේ, හුදෙක්ම දෙවියන්ට යාච්ඤා කිරීමෙන් හෝ ජේසුස් වහන්සේ විශ්වාස කිරීමෙන්ම තමන් කල පාපයන්ගේ විපාක වලින් බේරෙන්න පුළුවන් කියන ක්‍රිස්තියානි අදහස උපහාසයට ලක් කරමින්.

Native Family in a House Boat
Native Family in a House Boat photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

සැඩ පහරින් පල්ලම් බැසීම

ගඟ දිගේ අඩක් දුර ගිය තැන “නරක ගල” හමුවෙනවා. එතැන වතුර පාර බොහොම සැඩයි. අපි දැන් එය තරණය කලා. එය තමයි මේ ගඟේ කරදරයක් ලෙස පෙන්වපු එකම සැඩ පහර. මෙතනදි ගල් අතරින් යාර පහක් හයක් ගඟ පටු වෙලා එක පාරට ඉදිරියට බෑවුම් වෙනවා. අපි ගැස්සිලා උඩට විසිවෙලා වැටුනත් හානියක් නම් වුනේ නෑ. ඉරත්, බෝට්ටුවෙන් එන ගන්ධයත් හරිම පීඩාවක් ගෙන දුන්නා. ස්වදේශික ගෙපැලක් තියන ඕන තැනක මේ කරවල ගඳ කෙනෙක්ගෙ හිතේ හොල්මන් කරනවා. දැන් නම් අපිට ඉක්මනින්ම මගේ ගමනාන්තය වෙච්ච කලුතරට ටිකක් ඉහලින් පිහිටි තැනට ලඟා වෙන්න පුළුවන්.

white-water-lily-flower
White Water Lily Flower – Olu (Nymphaea pubescens)

අපේ බෝට්ටුව වගේ හොඳ බෝට්ටු විශාල ගානක් ගඟේ තිබුනා. සමහරක්වා හාල් පටවාගෙන පහලට ගියා. අනික්වා රිටි ලාමින් උඩහට ගියා. සමහරක් වෙලාවට මුළු පවුලක්ම ගමනේ. සුදු පැහැ ඕලු මල් රාශියක් ඉවුර අද්දර වසාගෙන තිබුනා.


[අනුවාදක සටහන:

*– මෙය පද්දා බෝට්ටු විය යුතුය. දක්වා ඇති දිග ප්‍රමාණය අනුව අඟුලට වඩා පාරුව ලෙස කීම වඩාත් සුදුසු වේ.

**– “fruit-crow” ලංකාවේ බහුලව නැත. මේ කියන්නේ ඇටි කුකුළා “crow pheasant” ගැන විය යුතුයි.

]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සිව්වන පරිච්ඡේදය : සිරිපා ශිඛරය හා කළු ගඟ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER IV: ADAM’S PEAK AND THE BLACK RIVER.

This boat, which is of a type common on the river, consists of two canoes or “dug-outs,” each twenty feet long, and set five, or six feet apart from each other, with a flooring laid across them, and a little thatched cabin constructed amidships. The cabin is for cooking and sleeping—a fire and cooking pots at one end, and mats laid at the other. At the front end of the boat sit the two rowers, and the steersman stands behind. We have a skipper and four crew (an old man, Djayanis ; a middle-aged man, Signapu ; and two lads, Duanis and Thoranis). The name of the skipper is Pedri. About two miles below Ratnapura we drew to the shore and stopped below a temple ; and Pedri and the old man went up to offer money for a favorable voyage ! They washed a few coppers in the river, wrapped them in a bo-tree leaf, which had also been washed, sprinkled water on their foreheads, and then went up. They soon came back, and then we started.

Hardly any signs of habitation along the river. Now and then rude steps down to the shore, and a dark figure pouring water on its own head. The river varying, a hundred yards, more or less, wide. At about seven it got too dark and we halted against a sandbank, waiting for the moon to rise, and had dinner—rice, curried eggs, and beans, and a pineapple—very good. Then got out and sat on the sand, while the boys lighted a fire. Very fine, the gloom on the tall fringed banks, gleams from the fire, voices of children far back among the woods, playing in some village. After a time we went back on board again, and sat round teaching each other to count, and laughing at our mistakes — ekkai, dekkai, tonai, hattarai—one, two, three, four. The Cinghalese language (unlike the Tamil) is full of Aryan roots — minya, man ; gani, woman ; and so on. The small boy Thoranis (12 years) learnt his ” one two three ” in no time; he is pretty sharp ; he does the cooking, and prepares our meals, taking an oar between times. The man Pedri seemed good to the lads, and they all enjoyed themselves till they got sleepy and lay in a row and snored.

Started again at moonrise, about midnight ; after which I went to sleep till six or so, then went ashore and had a bath—water quite warm. Then off again ; a few slight rapids, but nothing much. We go aground every now and then ; but these boats are so tough—the canoes themselves being hollowed trees—that a bump even on a rock does not seem to matter much. The lads quite enjoy the struggle getting over a sandbank, and Duanis jumps down from his perch and plunges through the water with evident pleasure. The old man Djayanis steers — a shrewd-faced calm thin fellow, almost like a North American Indian, but no beak. See a monkey or a kite occasionally ; no crocodiles in this part of the river, above the rapids ; some large and handsome kingfishers, and the fruit-crow, whose plumage is something like that of a pheasant.

Kalua enjoys the voyage. It suits his lazy sociable temperament, and he chats away to Pedri and the crew no end. His savage strength and insouciance are splendid. All over Adam’s Peak he walked barefoot, with no more sign of fatigue than if it had been a walk round a garden,—would lie down and sleep anywhere, or not sleep, eat or not eat, endure cold or heat with apparent indifference ; yet though so complete a savage physically, it is interesting to see what an attraction for him civilisation, or the little he has seen of it, exerts. He is always asking me about Europe, and evidently dreaming about its wealth and splendor. All the modern facilities and inventions are sort of wonderful toys to this child of nature ; and though I think he is attached to me, and is no doubt of an affectionate disposition, still it is partly that I am mixed up in his mind with all these things. I tried one day to find out from K. his idea of god or devil, or supreme power of any kind ; but in vain. His mind wandered to things more tangible. Many of the Cinghalese however have rather a turn for speculations of this kind ; and at one hotel where I was staying the chamber-servant entertained me with quite a discourse on Buddha, and ended by ridiculing the Christian idea that a man can get rid of the results of sin by merely praying to God or believing in Jesus.

We have now passed the narraka-gala (bad rock) rapid, which is about half-way down the river, and is the only rapid which has looked awkward, the river narrowing to five or six yards between rocks, and plunging over at a decided slope. We went through with a great bump, but no damage ! The sun and smells on board are getting rather trying ; this dried-fish smell unfortunately haunts one wherever there are native cabins. But we shall not be long now before reaching my landing-place, a little above Kalutara.

There are a good many boats like ours on the river, some laden with rice going down, others poling upwards—sometimes whole families on the move. Quantities of ragged white lilies fringing the shore.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 33

Advertisements

One thought on “Boat-Voyage Down the Kaluganga to Kalutara

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s