Ratnapura, the City of Jewels

කන්ද පාමුල, පළාබද්දල, ඉතා කුඩා ගම්මානයක් තියනවා. කන්ද පහළට ගාටලා මට නම් හොඳටම මහන්සියි. බෑවුම් කොටස් වලදි මගේ අතින් අල්ලාගෙන මට සහය දී බොහොම ළැදිව කටයුතු කල කළුවා නොහිටියානම් මම කීප පාරක්ම ඇද වැටෙන්න තිබ්බා.

Paths to Sri Pada
Paths to Sri Pada (Paths which Edward Carpenter took highlighted in yellow) [Image Courtesy: https://ianlockwood.wordpress.com ]

රත්නපුරය, මැණික් නගරය

මේ ගමේ කුඩා කුටියක පැය දෙකක් විතර අපි නැවති හිටියා. ඔවුන් හරිම හොඳ මිත්‍රශීලි පවුලක්. අම්මයි තාත්තායි කොලු ගැටැව් දෙන්නයි. ලෝකෙ හැම තැනකම වගේ දකින්න තියන තැවුල් සහගත මෘදු මව්වත් මුහුණු ඔවුනට තිබ්බා. ඔවුන් මට හාන්සි වෙන්නට කවිච්චියක් වගේ දෙයක් ලබා දුන්නා. නමුත් ඔවුන් මුලින් විශ්වාස කලේ නැහැ මා ඔවුන්ගේ කෑම අනුභව කරයි කියලා. කොහොම හරි ඒ බව ඒත්තු ගැන්නුවායෙන් පස්සේ ඔවුන් මට තේකක් (මිනිස්සු දැන් නිදහසේ තේ බොන්න පටන් අරන්) සහ මාළුපිනි බෙදූ බොහොම රසවත් බතක් ලබා දුන්නා. මමත් ඉතින් මගේ ඇඟිලි වලින් අනාගෙන දේශිය ක්‍රමේටම කන්න පටන් ගත්තා. ඒත් ඔවුන් මං කන ආකාරයේ යම් වරදක් දැකලා මගේ විරුද්ධත්වයත් මැද්දේ “කරණ්ඩි” (දමිල භාෂාවෙන් හැන්දක්) සොයාගෙන එන්න කියලා සැතපුම් භාගයක් පමණ දුරකින් පදිංචි වෙලා හිටපු පොහොසත් අසල්වැසියෙකුගේ ගෙපැලකට කොල්ලෙකු පිටත් කලා. අවසානයෙදි මේ ගැටයා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවෙක් වගේ ආවේ දිරාපත් වෙච්ච රිදී ජර්මන් තේ හැන්දකුත් එක්කයි!

Sri Pada Map of Hatton-Maskeliya-Nallathanni Trail
Sri Pada Map of Hatton-Maskeliya-Nallathanni Trail

තවත් මයිල දොළහක් පමණ දුරක් ගිහිල්ලා රත්නපුරේට යනවද නැද්ද කියලා මං අඩමාණෙන් හිටියේ. කොහොම වුනත් මගෙ උපරිම උත්සහය යොදනවයි කියලා හිතාගෙන අපි ගමන පිටත් වුනා. නමුත් අනෙක් අය නම් මට වඩා තරමක් හොඳින්. මට පැයකට සැතපුම් දෙකකට වඩා වත් යා ගන්න බැරි වුනා. හවස හතර වෙද්දි අපි සැතපුම් හතරක් ගිහිල්ලා ළඟා වුනේ සමතල භූමියකට. මේක නම් හොඳ මාර්ගයක්. පොල් සහ කෙසෙල් ගස් ගොන්නක්, අලංකාර එළිමහන් තණ පිට්ටනියක් සහ ඇතිකල හීලෑ මී හරකුන් ඇති කුඩා ගම්මානයක් පේන්න තියනවා. එතැන ඉඳන්, ලංකාවේ ගංගාවන් අතරින් ලස්සනම ගඟ වන කලු ගඟ අයිනේ වැඩුණු උණ බට වදුළු අතරින්, තුරු ගොමු අකුල් පසු කරමින් තවත් කුඩා ගම්මාන, තණබිම් පසු කරමින් අවසානයේදි හවස හයට විතර අපි කුඩා කඩයක් අසල නැවතුනා (ඔක්කොම එපා වෙච්ච ගතියක් ඇති වුනත්, මේ ගමනේ හැම පියවරක්ම මම රස වින්ඳා කියන්න පුළුවන්). කඩෙන් තව තේකකුත් බීලා, මට කන්නයි කියල දේකට හිතුනු කෙසෙල් ගෙඩි කිහිපයකුත් කාලා, පැදුරක් එලපු බූරු ඇඳක පැයක විතර හාන්සියකුත් දාලා, එහිම රාත්‍රිය ගත කරන්නත් අපි තීරණය කලා.

Old Routes to Siri Pada
Old Routes to Siri Pada

කළුවාත් මා අසලින්ම දිග ඇදුනා. එතැන හිටපු මිනිසුන් බිම දිගෑදිලා නිදාගත්තා. කාන්තාවන් නම් ඇතුලේ. ලෑලි දොර පියනකින් වහලා ආලෝකයත් නිවා දැමුනා. මට නම් හොඳටම නින්ද ගියා. අන්තිමට නැගිට්ටේ වහලේ හිල් වලින් උදා ආලෝකය එබිකම් කරන වෙලාවෙදි එක එක සද්ද බද්ද ඇහිලා. කුඩා දොළ පාරකින් කදිමට ඇඟ පතත් හෝදගෙන, උදේ කෑමට තේ වතුරත්, කෙසෙලුත්; බත්, පොල් සහ සීනි වලින් හදපු උණු උණු අග්ගලත් කෑවා. ඊට පස්සේ සැතපුම් හතරක් විතර පා ගමනින් ඇවිල්ල තමයි අන්තිමට මෙතනට (රත්නපුරය) ආවේ. මහපාරක් සහ සභ්‍යත්වයට ළඟා වුනු සලකුණු දකින්න තිබුනා. මෙහි තියන තානායම නම් හරිම සැපපහසුයි. තව පාරක් නාලා, නියම විදිහට ආයෙ උදේ කෑමත් කාලා, බෝට්ටුවකුත් හොයාගත්තා හවස ගඟ දිගේ කළුතර ගමනට (සැතපුම් 60).

Ratnapura/ Palabaddala Route
Ratnapura/ Palabaddala Route

ජනවාරි 4, ඉරිදා – ඊයෙ නගරෙ වටේම ඇවිදලා අපේ ගමනට උවමනා කරන පළතුරු සහ අනෙක් කළමනා අරගෙන අපි හවස හයට බඩු ටික බෝට්ටුවට පටවාගෙන පිටත් වුනා. දැන් නම් කළු ගඟේ පාවෙමින් උදාසීනව කල් හරිනවා. ගඟේ වතුර අඩුයි. වේගයත් හොඳ මදි. ඒත් ගඟ නම් හරිම චමත්කාරයි. නොසෑහෙන්න උණ ගස්, පුවක් ගස් සහ අනෙකුත් ගස් ගඟට නැවී තිබුනා.

Gem Cutters, Ceylon
Gem Cutters, Ceylon photographed by Plate & Co. [Image Courtesy: https://www.delcampe.net%5D

රත්නපුරය (මැණික් නගරය) හරිම කුඩා නගරයක්. යන්තමට වගේ කුරුණෑගල තරම් ලොකුයි කියන්න පුළුවන්. එක දිගු මාවතයි තියෙන්නේ. එය කුඩා ගෙපැල් සහ කඩ කාමර තියන, තැපැල් කාර්‍යාලයක්, උසාවියක්, කච්චේරියක්, පුරුදු පරිදි ඉංග්‍රීසි ඒජන්තවරුන්ගේ බංගලා දෙක තුනක් තියන, සහ නිලධාරීන් සිටින වැඩවසම් රක්ෂිතය ඉඩමක් ආකාරයේ උද්‍යානයක වගේ බිම් කඩක් තියන පාරක්.

Gem Cutter
Gem Cutter photographed by C.A. & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මේ නගරයට මේ නම ලැබිලා තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ මෙහි පවතින මැණික් කර්මාන්තය නිසා. පද්මරාග, ඉන්ද්‍රනීල සහ අනෙකුත් වර්ගයේ මැණික් ගල් මේ කඳුකරයේ සෑහෙන කොටසක් පුරා හමු වෙනවා.

Primitive Gemstone Cutting Technique
Primitive Gemstone Cutting Technique (ca. 1903) [Image Courtesy: http://www.lankapura.com ]

රත්නපුර කඩවලින් භාගයකම වගේ, මිනිසුන් සහ කොලු ගැටවුන් බිම ඇන තියාගෙන වාඩි වෙලා මැණික් මදිමින් ඔප දමනවා.

Gem Cutter
Gem Cutter photographed by Plate & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ඒගොල්ලෝ එක අතකින් දුන්නකින් රෝදය කරකවමින් අනෙක් අතින් මැණික් ගල යම් ඉරියව්වකින් අල්ලගෙන හිටියා.

Singhalese Jeweler
Singhalese Jeweler [Image Courtesy: http://www.imagesofceylon.com ]

මේ ඔප දැමූ මැණික් විකුණන්න තබා තිබුවත් එය ඉතාමත් අඩු මුදලක් කියන්න පුළුවන්. හැබැයි ගැනුම්කාරය ටිකක් පරිස්සම් වෙන්න ඕනි. මොකද නවීන වෙළහෙළඳාම් වල ආශිර්වාදය මෙහෙටත් ලැබෙනවා. මේ කදිම ගල් වලින් සෑහෙන කොටසක් බර්මිංහැම් වලින් තොග විදිහට එවන වර්ණ ගැන්වූ වීදුරු.

Jewelers
Jewelers (A Moor Buyer and Three Sinhalese Sellers with head comb) photographed by Samuel Bourne [Image Courtesy: http://www.imagesofceylon.com ]

[අනුවාදක සටහන: ශ්‍රී පාදය කරුණා කල හැකි මාර්ග හයකි. එඩ්වඩ් කාපෙන්ටර් ඉතාම පහසු මාර්ගය වූ හැටන්-නල්ලතන්නි මාර්ගය ඔස්සේ ඉහළට කරුණාකොට, ඉතාම අපහසු, පැරණිතම මාර්ගය වූ රජ මාවත, එනම් රත්නපුර-පළාබද්දල හරහා පහළට කරුණාකොට ඇති සෙයකි. අනෙකුත් මාර්ග වන්නේ කුරුවිට-එරත්න මාර්ගය, මරේ වත්ත (රාජමලේ-සඳගලතැන්න) මාර්ගය, මුක්කුවත්ත මාර්ගය සහ මාලිබොඩ (දැරණියගල) මාර්ගයයි.]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සිව්වන පරිච්ඡේදය : සිරිපා ශිඛරය හා කළු ගඟ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER IV: ADAM’S PEAK AND THE BLACK RIVER.

At Palabaddala, the tiny little hamlet at the foot of the mountains, I was dead-beat with the long jolting downhill, and if it had not been for the faithful Kalua, who held my hand in the steeper parts, I should fairly have fallen once or twice. Here we stopped two hours at a little cabin. Good people and friendly—a father and mother and two lads — the same anxious, tender mother-face that is the same all over the world. They brought out a kind of couch for me to lie on, but would not at first believe that I would eat their food. However, after a little persuasion they made some tea (for the people are beginning to use tea quite freely) and some curry and rice—quite palatable. I began to eat of course with my fingers, native fashion ; but as soon as I did so, they saw that something was wrong, and raised a cry oi Karandi ! (spoon); and a boy was sent off, despite my protests, to the cabin of a rich neighbor half a mile off, and ultimately returned in triumph with a rather battered German-silver teaspoon!

I felt doubtful about doing another twelve miles to Ratnapura ; however thought best to try, and off we went. But the rest had done little good, and I could not go more than two miles an hour. At 4 p.m., after walking about four miles, we came out into flat land—a good path, little villages with clumps of palm and banana, lovely open meadows, and tame buffalos grazing. Thence along the side of the Kaluganga, most lovely of rivers, through thickets of bamboo and tangles of shrubs, and past more hamlets and grazing grounds (though feeling so done, I thoroughly enjoyed every step of the way), till at last at a little kind of shop {kadai) we halted, about 6 p.m. Got more tea, and a few bananas, which was all I cared to eat ; and then went in and lay down on a trestle and mat for an hour, after which we decided to stay the night. Kalua stretched himself near me ; the men of the place lay down on the floor—the women somewhere inside ; the plank shutters were built in, and lights put out. I slept fairly well, and woke finally at the sound of voices and with dawn peeping in through the holes in the roof. Had a lovely wash in a little stream, and an early breakfast of tea, bananas, and hot cakes made of rice, coco-nut, and sugar — and then walked four miles into this place (Ratnapura), where at last we came to a road and signs of civilisation.

The rest-house here is comfortable ; have had another bath, and a good solid breakfast, and made arrangements for a boat to start with us this evening down the river to Kalutara (60 miles).

Sunday, Jan. 4th.—After walking round the town yesterday, and getting fruit and provisions for our voyage, we embarked about 6 p.m., and are now floating lazily down the Kaluganga. The water is rather low, and the speed not good ; but the river is very beautiful, with bamboos, areca-palms, and other trees, leaning over in profusion.

Ratnapura (the city of jewels) is only a small town—hardly so big as Kurunegala—just about one long street of little booths and cabins, a post-office, court-house and cutcherry, and the usual two or three bungalows of the English agent and officials standing back in park-like grounds in a kind of feudal reserve. The town derives its name from the trade in precious stones which has been carried on here for long enough—rubies, sapphires, and others being found over a great part of the mountain district. In perhaps half the little shops of Ratnapura men and boys may be seen squatted on the floor grinding and polishing jewels. With one hand they use a bow to turn their wheels, and with the other they hold the stone in position. The jewels are also set and offered for sale—often at what seem very low prices. But the purchaser must beware ; for the blessings of modern commerce are with us even here, and many of these precious stones are bits of stained glass supplied wholesale from Birmingham.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 32

Advertisements

One thought on “Ratnapura, the City of Jewels

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s