A Night on the Siri-Paa Summit

1891, ජනවාරි පළමු වන දා. – අපි සිරිපා කඳු මස්තකය මත තිබිච්ච කුඩා මඩුවක කලින් සූදානමක් නැතිව එවෙලේම හදාගත්ත ගිනි මැලයක් වටා නවාතැන් අරගත්තා. මධ්‍යම රාත්‍රියටත් ආසන්නයි. අඩ ඇඳුමින් හිටපු කැලිබන් මට පසෙකින් ඇනතියාගෙන වාඩි වෙලා සිටියා. කළුවා සහ මග පෙන්වන්නා බිම නිදියගෙන. ඒත් මටනම් නිදාගන්න බැරි තරම් සීතලයි.  මේ මඩුවේ කිසිම බඩු මුට්ටුවක්වත් නෑනේ.

This slideshow requires JavaScript.

සිරිපා නැඟුම සහ කඳුමුඳුනේ රාත්‍රිය

සමස්ථයක් වශයෙන් අද වැදගත් සිද්ධීන්ගෙන් පිරුණු නව වසරක නව දිනයක්. ඊයෙ රාත්‍රිය මම ගත කලේ නුවර, කළුවාගේ සහ ඔහුගේ සහෝදරයාගේ දිහාවේ, ඔවුන්ගේ කුඩා ගෙපැලේ. ඔවුන් දෙදෙනාම මට බොහොම හිතෛෂීවන්ත වුනා.

Typee by Herman Melville
Typee: A Peep at Polynesian Life written by Herman Melville

මට නිතර නිතරම මතක් වුනේ “හර්මන් මෙල්විල් සහ ඔහුගේ මාර්ක්වේසස් දූපත් අත්දැකීම්“. රෑ දහයේ කණිසමට පායන හඳ, හතර වටේටම ඇති මහා වනාන්තර සහ තැනිතලා, බිම සකස් කල දර ලිපක කිරා උයන ඉවිල්ල වගේ දේවල් මවන්නේ හරිම සොඳුරු දර්ශන පෙළක්.  අපි හඳ එළිය තරු එළිය මැද්දේ පාන්දර 5ට අවදි වුනා. පා ගමනින්, කරත්තයෙන් සහ කෝච්චියෙන් අපි මස්කෙළියට ළඟා වුනා.

Adams Peak from Maskeliya
Adams Peak from Maskeliya photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මස්කෙළිය කඳු පාමුලට එනකොට සවස 2.30 විතර ඇති. එතැනදි අපිට හොඳ ශිෂ්ට සම්පන්න දමිළ තරුණ මග පෙන්වන්නෙක් ලැබුනා. අපි මෙතනට එනකොට රෑ 7.30-8.00 විතර වෙන්න ඇති. අපේ ගමන් මග මුලදි වැටී තිබුනේ තේ වත්තක් මැදින්. ඒවා පසු කරගෙන ආපුවාම කඳු ප්‍රදේශ ගමන් මග බොහෝ සෙයින් සෘජු රේඛාවක වැටී තියෙනවා. අඩි 3,000ක විතර ගමන් පථය මහ ඝන වනය මැද්දේ ගස් මුල් අතරින්, ගල් පර අතරින් ඉහළට නැගෙන පඩි ආකාරයෙන් සකස් වෙලා තිබුනා. ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැමිණි අසංඛ්‍ය ප්‍රමාණයක් වන්දනාකරුවන්ගේ පා වලින් ගෙවිලා තැලිලා ගමන් මාර්ගයක් සකස් වෙලා තිබුනත්, තවමත් පාරේ පළල ඇත්තේ එක් අයෙකුට යාමට පමණයි. අපි යන අතර වාරෙදිම රාත්‍රිය උදා වුනා. අන්තිම හෝරාවෙදි දෙකේදි අපිට පාර බලාගන්න ගිනිහුලක් දල්වගන්නත් සිද්ධ වුනා. කැළෑව මැද්දේ අපේ වටේටම වගේ හරි හරියට අලි මංකඩවල්. කඳු මුදුන ආසන්නයේමත් මේවා නොතිබුනේ නෑ. මේ වගේ බෑවුම්, ගල් පර්වත සහිත ප්‍රදේශයක මේ වගේ සතුන් කිසිම භයක් සැකක් නැතිව සැරිසැරීම ඇත්තටම අසාමාන්‍ය දෙයක්. ඒත් උන් එකෙක්වත් දැකගන්න තරම් වාසනාවක් නම් අපිට හිමි වුනේ නෑ.

Adam Peak Falls
Adam’s Peak Falls – This 10m-high water fall flows from the aquifers of Sri Pada & later on to Maskeli Oya Reservoir near Maskeliya. (ca. 1880 – 1885) Photographed by B.F.K Rives

ශීත ඉවසූ ස්වදේශිකයන්

මේක නම් නින්ද යන්නෙ නැති දිගුම දිගු රාත්‍රියක්. මේ මඩුවත් මහ එපාකරපු මඩුවක්. දොරක්වත් නැහැ. ඒ විතරක් නම් මදෑ, හතර වටින් එන සුළඟට ආවරණයක්වත් නැහැ. මා මෙය ලියන වෙලේ කැලිබන් මා වෙනුවෙන් ගිනි මැලේ ගින්දර සකස් කළා. ඔහු කපු පොරෝනයක් සහ තුනී බැනියමක් හැරෙන්න වෙන මුකුත් ඇඟ ලා සිටියේ නැහැ. ඒත් සීතල තදට දැනිච්ච පාටක් තිබුනෙත් නැහැ. අපේ මග පෙන්වන්නා ඊටත් වඩා තුනී ඇඳුමින් සැරසුනා වුනත් හොඳට නිදාගෙන හිටියා. ඒ අතර මම ඇඳුම් වලින් එතී වෙලීගෙන, කබායකිනුත් හොඳින් වැසීගෙන හිටියත්, සීතලේ ගැහි ගැහි නොනිදා පහන් කලා. ඉංග්‍රීසීන්ට මේ රටේ සීතල දැනෙන විදිහෙත් යම් කිසි අපූර්වත්වයක් තියනවා. කවුරු හරි මීට ප්‍රතිවිරුද්ධ දෙයක් අපේක්ෂා කලත් ඇත්තටම ස්වදේශිකයන්ටත් වඩා වැඩියෙන් ඔවුනට ඒ සීතල දැනෙනවා. මම ඒ වග හැම තිස්සෙම වගේ නිරීක්ෂණය කරලා තියනවා.

This slideshow requires JavaScript.

අව්ව තැපීමේ ලාභය

මට නිකමට හිතුනේ අපි මේ වගේ උණුසුම් රටවල අපේ හම වැඩියෙන් හිරුට සහ වාතයට නිරාවරණය නොකිරීමෙන් කරන්නේ සෑහෙන ලොකු වරදක් කියලා. නිරාවරණය කිරීමෙන් හම තව තවත් දැඩි වෙලා ශක්තිමත් වෙනවා. තදට රස්නෙ දැනෙන වෙලාවකදී, නිතරම ඇඳුම් පැලඳුමින් ආවරණය වෙලා ඉන්නවනම් ඇඟෙන් සෑහෙන්න දහඩිය පිට කරනවා. ඉන් පස්සේ ඇඟ දහඩියෙන් අධික ලෙස පෙඟිලා ශක්තිය හීන වෙනවා. ඒකෙන් වෙන්නේ සම ඕනෑවට වඩා සියුම් වෙන එක. ඒ තත්වය ලේසියෙන්ම හීතල අල්ලගන්න සෑහෙන්න බලපාන කාරණයක්. මම මෙහි කිහිපවරක්ම විවිධ කාල වල කැළෑ මැද්දේ අව්ව තැපලා තියනවා. ඒකෙන් සෑහෙන හොඳ ලාභයක් ලැබෙනවා කියන්න පුළුවන්.

නිරුවතට අනුබලය දෙන සමාජයක්

[මම මේ ඉහත කොටස ලියන වෙලාවේ, මට සොයාගන්නට ලැබුනා ඉන්දියාවේ පැවතෙන ඉංග්‍රීසීන්ගෙන් සැදුම් ලත් නිරුවතට අනුබලය දෙන කුඩා සමාජයක් ගැන. ඔවුන් ඇඳුම් ඇඳීම පුළුවන් තරම් අත් හරිනවා ආකාර තුනකින්. භෞතිකව, අධ්‍යාත්මිකව, සෞන්දර්යාත්මකව. සැපය වෙනුවෙන්, ශිෂ්ටත්වය වෙනුවෙන්, අලංකාරය වෙනුවෙන්.  මම මේ සමාජයට සෑම සාර්ථකත්වයක්ම ලැබෙන්න යයි ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ රීතීන්ට අනුව මූලික අභිමතාර්ථය වෙන්නේ “හැකි සෑම අවස්ථාවකම මුළුමනින්ම නිරුවත් වෙන්න” යන්නයි. ඔවුන්ගේ සෑම රැස්වීමක් සඳහාම සාමාජිකයන් කිසිම ආවරණයක් නොමැතිව පැමිණීම අනිවාර්‍ය කොන්දේසියක්. සාමාන්‍ය සමාජයේ ඉතා වැදගත් තැනක් ගන්න අධ්‍යාත්මික සහ සෞන්දර්යාත්මක කාරණාවන් ගැන ඔවුන් අමතක කර දැමුවත්, හැමෝවම ආකර්ෂණය කරගන්නා භෞතික සුඛය සහ සන්තෝෂය වෙනුවෙන් තවමත් ඔවුන්ට යම් සැලකිල්ලක් තියනවා කියලා කියන්න පුළුවන්. ඉන්දියාව වගේ ඉතාමත් අඩුවෙන් ඇඟ ආවරණය කරගන්නා බහුතරයක් සිටිනා ජන සමාජයක, මේ වැඩේ කරන එක කිසි අමාරුවක් නැතිව ලෙහෙසියෙන් පහසුවෙන් සතුටකින් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනි. පොදු තැන්වල පෙනී සිටින සෑම අවස්ථාවකම හැම ඇසකටම පේන විදිහට අනිවාර්යෙන්ම ඇඳුම් ඇඳන් ඉන්න ඕනෑයි කියලා හිතන අවාසනාවන්ත යුරෝපානුවන්ට නම් මේ දර්ශනය සෑහෙන ලොකු අපහසුතාවයක් ඇති කරන්න පුළුවන්.

Frock Coat
Frock Coat (Great Britain, ca. 1890)
Waistcoat
Waistcoat (Great Britain, ca. 1860-1870)
Starched Collars
Starched Collars (Great Britain ca. 1890-1900)
Fiberloid Collar And Cuffs
Fiberloid Collar And Cuffs (ca. 1910)

ඇත්තට මේ ඇඳුම් මිනිස්සු කොහොම ඉවසනවද කියන එක නම් මවිතයට කාරණයක්. යට කබා කියයි, උඩු කබා කියයි, කැඳ දැමූ කොලර් කියයි, මැණික් කටුව වැසෙන්න මැසූ කමිස අතේ අග කියයි. ශිෂ්ටත්වයේ මේ සෑම මෙවලමක්ම දැඩි උණුසුමක් යටතේ ඉවසන්න අමාරුයි. ඉතා සැහැල්ලු යමක් නම් ඔන්න ප්‍රශ්නයක් නෑ. ඉහත කිව්ව හේතුව නිසා මේ ක්‍රමවේදයෙන් ඇති වෙන අධික වෙහෙස ගැන ගැන ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ. ඇත්තටම කිව්වොත් නියම උත්තේජනය සහ ශක්තිමත් බව හිරුගෙන් සහ වාතයෙන් අපේ සමට ලැබෙන්නේ අපේ මව් රටේ දේශගුණයෙන්. ඒත් ඉන්දියාව වගේ තැනකදි මේක මගහරින්නම බැරි වෙන්නේ නිස්කලංක පරිසරයක ආකර්ෂණය ඉතාමත් ප්‍රබල හන්දා. ඇත්තටම කට්ටියකට හිතෙන්න පුළුවන් ඉංග්‍රීසීන් ඉන්දියාවෙදි බෙලහීන තත්වයට පත් වෙන්නේ මේ කාරණාව හන්දා කියලා. තව කට්ටියකට හිතෙන්න පුළුවන් අපේ මිනිස්සුන්ගේ ඉතා දරුණු මාංශ අනුභවයත්, තදබල ලෙස මත්පැන් පානයත් වගේ වැරදි ආහාර පුරුදු නිසා කියලා. මේ ක්‍රියාවන් දෙකම සිය රටේදිත් සෑහෙන තරමට අනර්ථදායක ලෙස සිදුවුනත් මේ වගේ උණුසුම් රටක ඒවගේ කලොත් විනාශකාරී බවක් ලඟා කර දෙනවා. පුදුමය වෙන්නේ ඉංග්‍රීසීන් ඉන්දියාවේ ජනපද පිහිටුවන්න අසමත් වීමවත් එහි තම ප්‍රජාව බෝ කරන්න අපොහොසත් වීමවත් නෙවෙයි. පුදුමය වෙන්නේ ඔවුන් එහි සේවය කරන්න ගත කරන කෙටි අවුරුදු කිහිපයේ පවා කෙසේ හෝ ගලපාගෙන නොනැසි ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි.]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සිව්වන පරිච්ඡේදය : සිරිපා ශිඛරය හා කළු ගඟ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER IV: ADAM’S PEAK AND THE BLACK RIVER.

January 1st, 1891.—Sitting by an impromptu woodfire in a little hut on the summit of Adam’s Peak — nearly midnight—a half- naked Caliban out of the woods squatting beside me, and Kalua and the guide sleeping on the floor. But I find it too cold to sleep, and there is no furniture in the hut.

Altogether an eventful New Year’s day. Last night I spent at Kandy with Kalua and his brother in their little cabin. They were both very friendly, and I kept being reminded of Herman Melville and his Marquesas Island experiences—so beautiful the scene, the moon rising about ten, woods and valleys all around—the primitive little hut, Kirrah cooking over a fire on the ground, etc. We were up by moon and starlight at 5 a.m., and by walking, driving, and the railway, reached Muskeliya at the foot of the peak by 2.30 p.m. There we got a guide —a very decent young Tamil—and reached here by 7.30 or 8 p.m. Our path lay at first through teagardens, and then leaving them, it went in nearly a direct line straight up the mountain side—perhaps 3,000 feet—through dense woods, in step-like formation, over tree-roots and up the rocks, worn and hacked into shape through successive centuries by innumerable pilgrims, but still only wide enough for one. Night came upon us on the way, and the last hour or two we had to Hght torches to see our route. Elephant tracks were plentiful all round us through the woods, even close to the summit. It is certainly extraordinary on what steep places and rock sides these animals will safely travel ; but we were not fortunate enough to see any of them.

This is a long night trying to sleep. It is the wretchedest hut, without a door, and unceiled to the four winds ! Caliban makes the fire for me as I write. He has nothing on but a cotton wrap and a thin jersey, but does not seem to feel the cold much ; and the guide is even more thinly clad, and is asleep, while I am shivering, bundled in cloth coats. There is something curious about the way in which the English in this country feel the cold — when it is cold—more than the natives ; though one might expect the contrary. I have often noticed it. I fancy we make a great mistake in these hot lands in not exposing our skins more to the sun and air, and so strengthening and hardening them. In the great heat, and when constantly covered with garments, the skin perspires terribly, and becomes sodden and enervated, and more sensitive than it ought to be—hence great danger of chills. I have taken several sun-baths in the woods here at different times, and found advantage from doing so.

[Since writing the above, I have discovered the existence of a little society in India—of English folk—who encourage nudity, and the abandonment as far as possible of clothes, on three distinct grounds—physical, moral, and aesthetic—of Health, Decency, and Beauty. I wish the society every success. Its chief object, as given in its rules, is to urge upon people “to be and go stark naked whenever suitable,” and it is a sine qua non that members should appear at all its meetings without any covering. Passing over the moral and aesthetic considerations— which are both of course of the utmost importance in this connection—there is still the consideration of physical health and enjoyment, which must appeal to everybody. In a place like India, where the mass of the people go with very little covering, the spectacle of their ease and enjoyment must double the discomforts of the unfortunate European who thinks it necessary to be dressed up to the eyes on every occasion when he appears in public. It is indeed surprising that men can endure, as they do, to wear cloth coats and waistcoats and starched collars and cuffs, and all the paraphernalia of propriety, in a severity of heat which really makes only the very lightest covering tolerable ; nor can one be surprised at the exhaustion of the system which ensues, from the cause already mentioned. In fact the direct stimulation and strengthening of the skin by sun and air, though most important in our home climate, may be even more indispensable in a place like India, where the relaxing influences are so terribly strong. Certainly, when one considers this cause of English enervation in India, and the other due to the greatly mistaken diet of our people there, the fearful quantities of flesh consumed, and of strong liquors—both things which are injurious enough at home, but which are ruinous in a hot country—the wonder is not that the English fail to breed and colonise in India, but that they even last out their few years of individual service there.]


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 27

Advertisements

One thought on “A Night on the Siri-Paa Summit

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s