Native Servants, Their Relation to British Masters

අපට ගෙදර වැඩටයි, වත්තෙ පිටියේ වැඩටයි පිරිමි මෙහෙකරුවන් තුන් හතර දෙනෙක් ඉන්නවා. ආයලා දෙන්නෙක් ඉන්නවා පොඩි දරුවන් බලාගන්නයි, කාන්තාවන්ට වෙන්වුනු කොටසේ වැඩ වලටයි. මං හිතන විදිහට, මේ ඉන්දියානු සහ සිංහල ජාතීන් හරි කැමතියි මෙහෙකාර වැඩ කරන්න (හොඳ ස්වාමියෙක් ගාව).

Singhalese Ayah
Singhalese Ayah photographed by L.A. Beurteaux [Image Courtesy: http://www.imagesofceylon.com ]

ස්වදේශික මෙහෙකරුවෝ , සහ බ්‍රිතාන්‍ය ස්වාමියන්

ඔවුන්ගේ මාතෘ සංවේදී ජන්මගතිය, බොහෝ විට ව්‍යවසායකත්ව ලක්ෂණ පෙන්නුම් කරනවාට වඩා අන් අයගේ සෙවණක් මත යැපෙන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට හොඳ සැලකිල්ලක් ලැබුනොතින් බොහෝ අවස්ථාවල අනිවාර්‍යයෙන්ම මේ සොඳුරු යහපත් සේවකයන්ගේ හිතෛෂීවන්තභාවය සහ සේව්‍ය-සේවක අවබෝධය, පැහැදිලිව ලියලා වැඩෙනු දැක ගන්න පුළුවන්. මට මතකයි වරක් ඉංග්‍රීසි වැසියෙක් ඔහුගේ සේවා ස්ථානයට සැතපුම් 200ක් ඈතකදි හදිසි අනතුරකට පත් වෙලා ඉන්නකොට, ඔහුගේ “භාරකාරයා” මේ තොරතුර කණ වැකිච්ච හැටියේ, කතාබහ කරලා වෙන තොරතුරක් දැනගන්න ක්‍රමයක් නැති හන්දා පයින්ම ඒ ඔක්කොම දුර ඇවිදගෙන, තමන්ගේ ස්වාමියා මැරෙන්න කලින් එතැනට ආවා.

හැබැයි ඉතින් එහෙම උනාට එයාලා රාජකාරියට අමතරව ඕනෑම දෙයක් කරන්න සූදානම් කියලා හිතන් ඉන්නවනම් ඒකත් වැරදි වැටහීමක්. පෙරදිග ශබ්දාවලියේ රාජකාරිය කියන දේට, යුරෝපයේ කෙල්ටික මිනිස්සු දෙන තරම්වත් එච්චර වැදගත් තැනක් හිමි වෙන්නේ නෑ. මේක ජාතින් අතර තියන වැරදි වැටහීමකට බොහොම බලපාන හේතු සාධකයක්. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ඉන්දියානු සේවකයන්ට ක්‍රමානුකූලව දිනපතා ගෙවීම් කරනවා. බ්‍රිතාන්‍යයන් ඉන් නැවත බලාපොරොත්තු වෙන්නේ නියමිත මුදලට අවශ්‍ය සේවයක් ලබා ගන්න. එහෙම ලැබුනේ නැතිනම් පයින් ගහල එලවලා දාන්න අයිතියකුත් ඉන් ලැබෙනවා කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Mr. Sternberg’s bullock conveyance, guides and servants
Mr. Sternberg’s bullock conveyance, guides and servants in Ceylon photographed by F. Sternberg [Image Courtesy: http://www.lankapura.com ]

බ්‍රිතාන්‍යයෝ හිතන්නේ මේක සාධාරණ ගණුදෙනුවක් කියලා. ඒත් මේ “බෙල්ලන්ට” මේක පොඩ්ඩක්වත් තේරෙන්නේ නෑ. ඔවුන් කැමතියි මේ ගෙවීම අඩුවෙන් උනත් අරගෙන ඔවුන්ට මනුෂ්‍යයෙක් වගේ සහෝදරයෙක් වගේ සැලකුමක් ලබෙනවා දකින්න.

Ernst Haeckel in Ceylon in the year 1881

හෙකල්ගේ වාර්තාවල ඔහුගේ රොඩී සේවක ගැටවරයාගේ ඔහුට ඇති දයාව සහ ආදරය ගැන සඳහන් වෙනවා. හෙකල්ට ඔහුව හැර දමා යන්න වුනු වෙලාවේ මේ කොලු ගැටයාට ඇතිවුනු අපේක්ෂා බංගත්වය හරිම සංවේදනීයයි. දහසක් මේ සමාන අහන්නට ලැබෙන කතාවලින් මේ බව තහවුරු වෙනවා. අනික ඉතින් සේව්‍ය-සේවක බැඳීමක් නැතිනම් රාජකාරියක තියන තේරුම මොකද්ද?

“බෙල්ලන්ගේ” මේ තදබල ලෙස අන්‍යයන් මත යැපීමේ දුර්වල ගතිය කපටිකමක් කම්මැලිකමක් ලෙස දකින්නත් පුළුවන්. දාමරික යුරෝපානු ගමන් මඟකට වඩා ඔවුන්ගේ දුෂ්චරිතය ගමන් කරන්නේ ඒ වගේ මාර්ගයක.

සේව්‍ය-සේවක සබැඳියාව හරි විදිහකට පවත්වගත්තේ නැතිනම්, ඔවුන්ට පුළුවන් ඔවුන්ටම ආවේණික විදිහකට තමන්ගේ ස්වාමියාව කාලකණ්ණි තැනකට පත් කරන්න. ඇත්තටම ඔවුන් එහෙම කරනවා. හැබැයි එතැන ඉඳන් පටන්ගන්නේ දෙන්න දෙපැත්තට බැන ගන්න ඉවරයක් නැති ආරවුලක් තමයි.

Singhalese Headman
Singhalese Headman (Village Judge) photographed by Plate & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ආරච්චිල උන්නැහෙ කියන්නේ අරුණාචලම් යටතේ ඉන්න එක්තරා රාජ්‍ය නිලධාරියෙක්. බොහොම ආචාරසම්පන්න මනුස්සයෙක්. හොඳ ප්‍රඥාසම්පන්න බවක් පේනවා. ඒ වගේම හරිම සංවේදියි. හැමෝම වගේ බයෙන් ඉන්නේ ඔහුගේ සැලකිලි සත්කාර පිළිනොගත්තොත් ඔහුගේ හිත තැලෙයි කියලා. ඔහු කාමරේට එන්නෙ යන්නේ ඒ ජාතියේ හැමෝම කරනවා වගේ කිසිම සද්දයක් නොනගා පාවහන් නොමැතිව. ඒ හන්දා කවුරුවත් කවදාවත් දන්නේ නෑ තමන් ඉන්නේ තනියමද නැද්ද කියලා.

Singhalese Appu
Singhalese Appu photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

චණ්ඩාලයන් සහ අපේ මුඩුක්කු වාසීන්

මායි මෙහෙ ඉන්න අස්සපාලකයයි, අපි දෙන්නගෙ ශබ්දමාලාව අඩු නිසා සංවාද ඉතා සීමාසහිත වුනත් හොඳ යාලුවෝ බවට පත් වුනා. ඔහු නම් පෙනුමෙන් නියම යකෙක් වගේ. කලුම කලුයි. කවුරු හරි දැක්කොත් ඔහුගේ වැඩට ඇතිවන කරදරකාරි හැඟීම විරිත්තල්ලකින් අන්තර්ධාන වෙනවා.

Group of Tamil Servants
Group of Tamil Servants photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]
Life in an Indian village by Thottakadu Ramakrishna Pillai
Life in an Indian village by Thottakadu Ramakrishna Pillai

අරුණාචලම් කියන්නේ ඔහු හිතන විදිහට නම් චණ්ඩාලයන් හෝ වසලයන්, මිනිසුන් අතර උපරිමයෙන්ම හොඳ අව්‍යාජ හදවතක් හිමි කොටසක් කියලා. මේ අස්සපල්ලනුත් චණ්ඩාලයන් තමයි. “භාරතයේ ගම්මාන ජීවිතය” පොතෙහි කතුවරයාත් මේ වගේ දෙයක්ම කියලා තියනවා මම දැක්කා. “සමාජමය පංතියක් වශයෙන් ඔවුන් බොහොම උත්සාහවන්තයි, අවංකයි, සත්‍යවාදියි,” කියා ඔහු ප්‍රකාශ කරනවා. ඔවුන් බැඳී ඇති ජන්මගත උරුමගත පරම්පරාගත පවුල් සමූහයාගේ ඕනෑ එපාකම් සඳහා ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගය විස්තර කොට ඔහු මෙහෙම කියනවා. “නූගත් චණ්ඩාලයන් යනු එවැන්නවුන්ය. අද්විතීය සමාජ පංතියකි. ඔවුන්ගේ චරිත ස්වභාවයේ දකින්නට තියන නිර්මල දිවි පැවැත්ම, මහාත්මා ගතිය අගය කල යුතුම වටිනා කාරණයකි.”

Le Puddleur (The Puddler) by Constantin Meunier,
Le Puddleur (The Puddler) by Constantin Meunier, 1887 © Royal Museum of Fine Arts Brussels, Belgium.

ඒකත් හරිම පුදුමාකාර දෙයක්. නිරන්තරයෙන්ම මගේ හිතට වැදුණු කාරණයක් තමයි, මෙහි සිටින පහත් කුලවල සිටින අයයි, අපේ මහා නගර වල සිටින මුඩුක්කු වාසීනුයි අතර තියන සමපාත බව. දෙගොල්ලන්ගෙම දේහ ලක්ෂණ ගත්තත්, හැමවිටම උදාර බවක් පෙන්වන අචේතනික පුද්ගල ගතිලක්ෂණ ගත්තත්, ඒවායේ සමරූපිතාවක් දකින්න පුළුවන්. “මියුනියර්ගේ” යකඩ වැඩකරුගේ ප්‍රතිමාවේ (“පඩ්ලෙයර්”) මෙන් හොඳින් හඳුනාගත හැකි මෘග ගතිය, හැඩයක් නැති කට, යම් ප්‍රමාණයක ඝණ ඇහිබැමි දකින්න තියනවා වගේම ඊට වැඩිමනක් ලෙස ඝන තොල්පෙති පිහිටා තියනවා.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

We have three or four male servants about the house and garden, and there are two ayahs, who look after the children and the women’s apartments. I believe many of these Indian and Cinghalese races love to be servants (under a tolerably good master) ; their feminine sensitive natures, often lacking in enterprise, rather seek the shelter of dependence. And certainly they make, in many instances and when well treated, wonderfully good servants, their tact and affectionateness riveting the bond. I know of a case in which an English civilian met with an accident when 200 miles away from his station, and his ” bearer,” when he heard the news, in default of other means of communication, walked the whole distance, and arrived in time to see him before he died. At the same time it is a mistake to suppose they will do anything out of a sense of duty. The word duty doesn’t occupy an important place in the Oriental vocabulary, no more than it does among the Celtic peoples of Europe. This is a fruitful source of misunderstanding between the races. The Britisher pays his Indian servant regularly, and in return expects him to do his duty, and to submit to kicks when he doesn’t. He, the Britisher, regards this as a fair contract. But the oyster doesn’t understand it in the least. He would rather receive his pay less regularly, and be treated as ” a man and a brother.” Haeckel’s account of the affection of his Rodiya servant-lad for him, and of the boy’s despair when Haeckel had to leave him, is quite touching ; but it is corroborated by a thousand similar stories. But if there is no attachment, what is the meaning of duty ? The oyster, in keeping with his weaker, more dependent nature, is cunning and lazy—his vices lie in that direction rather than in the Western direction of brutal energy. If his attachment is not called out, he can make his master miserable in his own way. And he does so; hence endless strife and recrimination.

The Arachchi here, a kind of official servant of A.’s, is a most gentle creature, with remarkable tact, but almost too sensitive; one is afraid of wounding him by not accepting all his numerous attentions. He glides in and out of the room—as they all do —noiselessly, with bare feet ; and one never knows whether one is alone or not The horse-keeper and I are good friends, though our dialogues are limited for want of vocabulary ! He is a regular dusky demon, with his look of affectionate bedevilment and way of dissolving in a grin whenever he sees one. A. says that he thinks the pariahs, or outcastes—and the horse-keepers are pariahs—are some of the most genuine and good-hearted among the people ; and I see that the author of Life in an Indian Village says something of the same kind. ” As a class, hardworking, honest, and truthful,” he calls them ; and after describing their devotion to the Interests of the families to whom they are often hereditarily attached, adds, ” Such are the illiterate pariahs, a unique class, whose pure lives and noble traits of character are in every way worthy of admiration.”

It is curious, but I am constantly being struck by the resemblance between the lowest castes here and the slum-dwellers in our great cities—resemblance in physiognomy, as well as in many unconscious traits of character, often very noble ; with the brutish basis well-marked, the unformed mouth, and the somewhat heavy brows, just as in Meunier s fine statue of the ironworker (” puddleur “), but with thicker lips.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 26

Advertisements

One thought on “Native Servants, Their Relation to British Masters

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s