The Gaol and the Prisoners

අබිං කඩේ අබිං වෙළෙන්දා මගේ මිතුරෙක්. මම නිතරම ඔහුගේ කඩයට ගිහින් ඔහුගේ පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඔහු දමිළ නිසා මට දෙමළ උගන්වනවා. දිග කතන්දර මට හිමීට වචනයෙන් වචනය කියලා දෙනවා. ඔහු බොහොම කෙට්ටු, මෘදු, බුද්ධිමත්, වයස අවුරුදු 30ක විතර වුනත් මිත්‍රශීලි උද්යෝගිමත් ළමා ගතියක් දකින්න තියන පුද්ගලයෙක්. උතුරු පළාතේ සමහර ඥාති සගයන් වගේ ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන ඉන්නේ නැතුව ඉංග්‍රීසිත් ටිකක් විතර කියවලා තියෙනවා.

Street Scene of Shops
Street Scene of Shops photographed by Skeen & Co [Image Courtesy: http://www.imagesofceylon.com ]

මගේ මිත්‍ර අබිං වෙළෙන්දා

මේ කඩේ බෝතල් කිහිපයක දැමූ එක එක විදිහේ අබිං, බොන්න, උරන්න, හපන්න මේ හැම විදිහකටම දකින්න තිබ්බා. කිරා බලන්න තරාදියකුත්, පාන්තිර දෙක තුනක් දමාපු උඩින් එල්ලෙන පිත්තල පොල්තෙල් ලාම්පුවකුත්, ඇඳ තබන්න වෙන්කළ පිටිපස කොටසකුත් විතරයි ඒ කුටියේ තිබ්බේ. කඩේ ඉදිරිපස නම් සෙනග රැස්කකා සිටින වීදියට සම්පූර්ණයෙන්ම විවෘතයි. නමුත් රාත්‍රියේදි දොර පියනකින් වහලා දානවා.

පොලිස්කාරයා

වීදිය කෙළවරේ පොලිස්සියේ ඇත්තෙක් සිටගෙන ඉන්නවා. ඇත්තටම ඔහු නැත්තම් ඉතිං අපි සභ්‍යත්වය කරා ඇවිල්ලයි කියල කියන්නත් හෝඩුවාවක් නැති වෙනවා.

Ceylon Police Uniform of 1866
Ceylon Police Uniform of 1866 [Image Courtesy: Threeblindmen Photography Archive – Ceylon Memory Project]

අප්පේ…! කොතරම් පංකාදු පොලිස් නිලධාරියෙක්ද! ඉණ වටා දැමූ බඳ පටියකුත්, ඔළුවේ දැමූ තලප්පාවක් වගේ හිස් වැස්මකුත්, අතේ තියාගත් මිටකුත්, කකුලේ දැමූ  බූට් සපත්තුත්, නිල්පාට ලොමින් සෑදූ නිල ඇඳුම් කට්ටලයකිනුත් සැරසිච්ච (මේ කාලගුණේදි සෑහෙන රස්නයක් දැනේවි), ශාන්ත ටිකක් බයාදු “බෙල්ලෙක්ව” හිතේ මවා ගන්නකෝ. ලන්ඩනයේ දඩාවතේ යන අනාථ කොල්ලො රැල ඔහු දැක්ක සැනින් තනියම හාස්‍යයෙන් කෙකර ගාන හැටි මට හිතාගන්න පුළුවන්. බූට් සපත්තු දැමූ නියම සජීවි “බෙල්ලෙක්”! මේක නම් හරිම මෝඩ විහිලුවක්. කොතරම් දුක්ඛිත පෙනුමක්ද ඔහුට තියෙන්නේ. මෙහෙම අපරාධකාරයෙක් පිටිපස්සේ පන්නන්නේ කොහොමද. ඒ ගැන නම් හිතලා නෑ වගේ. ඒත් කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් මේ බූට් සපත්තු නම් මහරැජිණගේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව අපකීර්තියෙන් වළක්වගන්නවා!

සිරගෙදර සහ සිරකරුවෝ

Doctor's Prison Parade
Doctor’s Prison Parade 1883 [Image Courtesy: Cambridge University – Research ]

අපි මේ පොලිස් හොල්මන දිහා මහත් ඕනෑකමකින් බලා ඉන්නකොට 20ක විතර කේඩෑරි සිරකරුවෝ රැළක් පා ගමනින් ගියා. මේ ප්‍රාණීන්ගේ හිසෙහි, ගැටිය පැත්තකින් පහතට හැරුණු පන් තොප්පියක්, ඇඟෙහි, ඉරි වැටුන කපු කොට කලිසමක් සහ අත් කැපූ කමිසයක් දකින්න තිබුනා. හැම කෙනාගෙම අතේ කෙටේරියක්. එයාලා පාරෙ වැඩට යන ගමන් වගේ. මේ හැමෝමවම මුර කරන්න හසුරවන්න හිටියේ වයස අවුරුදු 21ක විතර සිංහල ඉළන්දාරියෙක් විතරයි (සත්තකින්ම ලංකාව කියන්නේ අතිශයින් සැපවත් භූමියක්!).  දිග සුදු සරමකින් සැරසිලා, කැස්බෑ ලෙලි පනාවක් හිසේ ගසාගෙන තමයි ඔහු හිටියේ. අතේ කුඩයක් තිබ්බා හිරුගෙන් හෙවණක් ලබා ගන්න. ඇයි මේ කෙටේරි අරගත්ත මිනිස්සු විසි දෙනා අර කුඩයක් අතින් අරන් ඉන්න තනි කොල්ලට ගහලා පැනලා යන්නෙ නැත්තෙ? මට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඒත් ඒ ප්‍රශ්නේ අහපු හැම වෙලේම මට ලැබුනේ මෙන්න මේ වගේ උත්තරයක්.

Convicts photographed by C.A. & Co.
Convicts photographed by C.A. & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

“මේ හිර කාරයන්ට පැනලා යන්න අවශ්‍යතාවක් නෑ. බොහෝ දෙනා පිළිගන්න විදිහට, හිරගෙදරදි එළියෙ ඉන්නවට වඩා හැම සැපක්ම ලැබෙනවා. ඉස්තරම්ම සැපක්. කොහොම නමුත් පරදේශක්කාර ආණ්ඩුවකින්, පරදේශක්කාර නීති රීති වලින් හිරේට යන්න වුනාම ස්වභාවයෙන්ම මේ මිනිසුන්ගෙන් වැඩි කොටසකට ඒක අවනම්බුවක් නෙවී. ඒක නිසා හිර ගෙදරට එක පාරක් හරි ගිහිල්ලා ඔවුන් ඔවුන්ට පුළුවන් උපරිම සතුට විඳිනවා.”

Old Kalutara Police Station
Old Kalutara Police Station [Image Courtesy: http://www.lankapura.com ]

මම දවසක් මේ හිර ගෙදර බලන්න ගියා. මම හිතනවා බ්‍රිතාන්‍යයන් ඒ අතින් නම් සෑහෙන්න සාර්ථකයි කියලා. මම කියන්න බොහෝම සතුටුයි, අදාළ බලධාරීන් ඔවුන්ට හැකි සෑම දේම කරනවා මේ සිර කාරයන් සැප පහසුවට තියන්න. ඔවුන්ට දවසට දෙපාරක් මාළු පිනිත් එක්ක ලොකු බත් පිඟානක් හම්බවෙනවා. කැමති නම් මසුත් අරගන්න පුළුවන්. ඒ ඇරත් උදේට කෝපිත් එක්ක පාන් කන්නත් ලැබෙනවා. මේක නම් අනිවාර්‍යෙන්ම ගොවියෙක් වෙලා කල දවස ගෙවනවට වඩා සැපෙන් ඉන්න පුළුවන් විදිහක්. වරදට පොඩි දඬුවමක් විදිහට දහවල් කාලයේ පොදු ස්ථාන වල වැඩ කරලා, වෙලාවක් ලැබිච්ච හැටියේ සගයෙක් එක්ක කතාවක් දාලා, රෑට කල්ලියත් එක්ක හිර කූඩු වල නිදා ගන්නවා. හැම කෙනෙකුටම පැදුරක්, කොට්ටයක් සහ රෑ ඇඳුමක් තියනවා. ඒ හන්දා සමස්තයක් විදිහට ඔවුන්ට අඩු පාඩුවක් කියලා කියන්න දෙයක් නෑ.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

The opium-seller is a friend of mine. I often go and sit in his shop—on his one chair. He teaches me Tamil—for he is a Tamil—and tells me long stories, slowly, word by word. He is a thin, soft-eyed, intelligent man, about thirty, has read a fair amount of English—of a friendly riant child nature— not without a reasonable eye to the main chance, like some of his Northern cousins. There are a few jars of opium in its various forms—for smoking, drinking, and chewing ; a pair of scales to weigh it with ; a brass coconut-oil lamp with two or three wicks hanging overhead ; and a partition for the bed at the back,—and that is all. The shopfront is of course entirely open to the thronged street, except at night, when it is closed with shutter boards.

At the corner of the street stands a policeman, of course, else we should not know we were being civilised. But, O Lord, what a policeman ! How a London street arab would chuckle all over at the sight of him ! Imagine the mild and somewhat timid oyster dressed in a blue woollen serge suit (very hot for this climate), with a belt round his waist, some kind of turban on his head, a staff in his hand, and boots on his feet ! A real Hve oyster in boots ! It is too absurd. How miserable he looks ; and as to running after a criminal—the thing is not to be thought of. But no doubt the boots vindicate the majesty of the British Government.

While we are gazing at this apparition, a gang of prisoners marches by—twenty lean creatures, with slouched straw hats on their heads, striped cotton jackets and pants, and bare arms and lower legs, each carrying a mattock—for they are going to work on the roads—and the whole gang followed and guarded (certainly Ceylon is a most idyllic land) by a Cinghalese youth of about twenty-one, dressed in white skirts down to his feet, with a tortoise-shell comb on his head, and holding a parasol to shade himself from the sun. Why do not the twenty men with mattocks turn and slay the boy with the parasol, and so depart in peace ? I asked this question many times, and always got the same answer. ” Because,” they said, ” the prisoners do not particularly want to run away. They are very well off in prison,—better off, as a rule, than they are outside. Imprisonment by an alien Government, under alien laws and standards, is naturally no disgrace, at any rate to the mass of the people, and so once in prison they make themselves as happy as they can.”

I visited the gaol one day, and thought they succeeded very well in that respect. The authorities, I am glad to say, do all they can to make them comfortable. They have each a large dish of rice and curry, with meat if they wish, twice a day, and a meal of coffee and bread in the morning besides ; which is certainly better fare than they would get as peasants. They do their little apology for work in public places during the day—with a chance of a chat with friends—and sleep in gangs together in the prison sheds at night, each with his mat, pillow, and night suit ; so possibly on the whole they are not ill-content.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 23

Advertisements

One thought on “The Gaol and the Prisoners

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s