Modern Commercial Policy

තේ කියන්නේ කිහිප දෙනෙකුට විතරක් ධනවත් වෙන්න තියෙන සුඛෝපභෝගී අපනයන භාණ්ඩයක්. එය සලකන්නේ එදිනෙදා පරිභෝජනයට භාවිතා කරන බෝග වලටත් වඩා, තවත් විදිහකට කියනවනම් බොහෝ දෙනාගේ අවශ්‍යතාවයන් සපුරන භාණ්ඩ වලටත් වඩා, වැදගත් දෙයක් විදිහට.

නූතන වාණිජ්‍ය ප්‍රතිපත්ති

ඇත්තෙන්ම එය ඕනෑම නූතන රාජ්‍යයක තියන සාමාන්‍යය වාණිජ්‍ය ප්‍රතිපත්ති වල තියන එක උදාහරණයක් විතරයි. ඒත් කාටවත් බෑ ඒක වැරැද්දක් කියලා හරි ඉතා කුඩා ආරම්භක ආයෝජනයක් හරහා සමාජීය සමෘද්ධිය ඉතා උසස් තත්ත්වයකට ගේන්න කරපු උත්සහයක් කියල හරි සුළුවෙන් හිතන්න.

Tea Auction in progress at the Ceylon Chamber of Commerce - Sale Room. 1909.
Tea Auction in progress at the Ceylon Chamber of Commerce – Sale Room. 1909. The first public Colombo Tea Auction was held at the premises of Somerville & Co. on 30 July, 1883 under the auspice of Ceylon Chamber of Commerce. The Colombo Tea Auction is considered as the oldest and largest tea auction centre in the world. Ceylon tea gained in popularity throughout the world, a need arose to mediate and monitor the sales of tea. [Image Courtesy: Threeblindmen Photography Archive – CTTA COLLECTION ]

මෙහි යම් කිසි කාරණාවක් කුතුහලය දනවනවා. ඇත්තටම මේ තත්වය ස්වයං විරෝධි දෘෂ්ටියක් නොවෙයිද? සිද්ධාන්තයක් විදිහට ශිෂ්ට සම්පන්න ලෝකයේ සෑම රටක්ම අනෙක් දේවල් වලට වඩා තමන්ගේ අපනයනයන් වැඩි වීම පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරනවා. මූලික වශයෙන් ඔවුන් තම නිශ්පාදන සිදු කරන්නේ සියරට පරිහරණය සඳහා නොවේ. ඔවුන් උත්සහ කරන්නේ තමන් නිපදවන දේවල් අන් අයට මිලදී ගන්න සලස්වන්න. ඒක හරියට අපි වටේට වාඩි වෙලා ඉඳන් අපේ බාල වෙළඳ බඩු අනික් අයගේ ඇඟේ ගහලා, අහම්බයකින් වගේ අපේ අතට ආයේ හොඳ  බඩුමූට්ටුවක් හුවමාරු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. කෙසේ වුනත් මේ ක්‍රියාවලිය එච්චර වැඩ කරන පාටක් නැහැ වගේ. මොකද මේ දූපතේ වාසය කරන වැසියන් සියලු දෙනාම වගේ, අස්ථීර  වුනත්  ස්වයංපෝෂිත අර්ථක්‍රමයකින් ජීවිතය ගත කරන අය.

Clearing of Forest for a Tea Estate
Clearing of Forest for a Tea Estate [Image Courtesy: Threeblindmen Photography Archive – CTTA Collection]

කවුරු හරි කෙනෙක් අහගන්න පුළුවන්, අපනයන වෙළෙඳ පොළ සඳහා නිශ්පාදන කිරීමේ ක්‍රියාවලියට අනුග්‍රහය ලබා දීමේ අනුහසින් සිදුකරන, පරිහරණය සඳහා නිශ්පාදන නොසලකා හැරීමේ පුරුද්ද අතිවිශාල ලෙස වර්ධනය වෙලා තියෙන්න ඇත්තම ප්‍රධාන හේතුව මොකද්ද කියලා. එය ඇත්තටම මුදල් සහ වෙළෙන්දන්ගේ උවමනා නිසා නෙවෙයිද? ජනතාවගේ සැප පහසුවත් සුබසිද්ධියත් තකා, ජනයා වැඩිමනක් අතර ඇති ස්වීය පරිහරණය උදෙසා කරන ස්වීය නිශ්පාදන අර්ථක්‍රමයට, අනෙකුත් දේවල් වලට වඩා වැඩි වැදගත්කමක් අවිවාදයෙන්ම ලැබිය යුතුයි කියලා කවුරු හරි හිතන්න පුළුවන්. ඒ වගේම ඔහු හිතන්න පුළුවන් අතිරික්තය තුලින් සිදු කරන භාණ්ඩ හුවමාරුවක් මඟින් සියරට නොවැඩෙන දේ අත් කරගැනීමයි අනිවාර්‍යෙන්ම අනුමත කළ යුත්තේ කියලා. ඒත් ඒ වගේ නිශ්පාදන ක්‍රියාවලියක් සැබෑවටම අදහස් කරන්නේ නෑ එය මූල්‍යමය හෝ වාණිජ්‍යමය ගනුදෙනුවකටයි කරන්න ඕනෙ කියලා. මේ කියපු දේවල් හරි ගලාගෙන ආ හැකි ප්‍රතිලාභ හරි නැතිව වුනත්, ශුද්ධ ලාභ හෝ පොලී ආදායම් හෝ ලාභාංශය හෝ ඒ වගේ දේවල් අරමුණු නොකලා වුනත්, මේ කටයුතු ඉතා හොඳින් සිදු කරගෙන යා හැකි බව හිතෙන්න පුළුවන්. නමුත් කවදාවත් ඒවා ඒ විදිහට සිද්ධ වෙන්නේ නෑ. මුල්‍යමය සහ ව්‍යාපාරික ලාභය තමයි දැන් සෑම නූතන රාජ්‍යකම බොහොම බලවත් උනන්දුව වෙලා තියෙන්නේ. රජයක් එච්චර මෝඩ නෑ තමන්ගේම විනාශය ළඟා කරදෙන ජාතික ආර්ථික ක්‍රියා පිළිවෙළකට අනුග්‍රහයක් ලබා දෙන්න. නැහැ! මොන වියදමක් ගියත් මොන විදිහකට හරි කර්මාන්ත සඳහා  අනුබලයක් ලබා දිය යුතුයි. වෙළඳාම, ව්‍යාපාර, භාණ්ඩ හුවමාරුව, අපනයනය සහ ආනයනය; මේ දේවල් තමයි  මිනිස්සුන්ව සූරා කමින් සාක්කු පුරවගන්න පරපෝෂිතයන්ට ලාභ ලාභාංශ උපයන්න පුළුවන් දේවල්. ඒ විදිහට රටවල් වටේට ඉඳගෙන එකතු වෙලා තවත් වෙනසක් සිදු වෙනකන් සුවච කීකරුව මේ නිරර්ථක ක්‍රියාවලිය දිගටම ඇදගෙන යනවා.

Tea Sampling and Tasting at Rosita Tea Factory
Tea Sampling and Tasting at Rosita Tea Factory, Ceylon 1894 [Image Courtesy: http://www.lankapura.com ]

ලංකාව ඉන්දියාව වගේ උෂ්ණාධික රටවල් සලකා බැලුවොතින් සර්ව සම්පූර්ණ වාරි පද්ධතියක් ඉදි කරීම මඟින් සාරවත් ඵලදාවක සීමා රහිත ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියනවා. නමුත් මේ භූමි තුල ජීවත් වෙන ගැමි ගොවි ජනතාව හාමත් වී පෙළෙන තාක් කල්, ඒ වගේම වාරි කර්මාන්තය නොසලකා හැර කටයුතු කරන තාක් කල්, මේ දුර්දසාවේ වගකීම පාලකයන් හට පැවරෙනවා. නිරායාසයෙන්ම, මේ වාණිජ සූදු කෙළියේ නිකන් ආවට ගියාට කාඩ් පෙරළලා හරි වැවිලි කරුවන් වෙළෙන්දන් කිහිප දෙනෙක් විතරක් මහා ධන කුවේරයෝ කරවන අපනයන වෙළඳාමින් ලැබෙන ධර්‍යයෙන්ම පමණක් අපේක්ෂා කරන්න බෑ මේ කාරණාවන් වඩා හොඳ තත්වයකට ගෙන එන්න පුළුවන් කියලා.

Sir Thomas Lipton
Portrait of Scottish businessman (founder of the Lipton tea brand – Ceylon) and yachtsman Sir Thomas Lipton (1848 – 1931) as he poses on the deck of an unidentified vessel, early twentieth century. [Image Courtesy: Threeblindmen Photography Archive – CTTA Collection]

“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

Tea, which is an export and a luxury, and which enriches the few, is thought to be so much more important than an article which is grown for home consumption and for the needs of the many. It is of course only an instance of the general commercial policy of all modern Governments ; but one cannot the less for that think it a mistake, and an attempt to make the pyramid of social prosperity stand upon its apex. There is something curious—and indeed is it not self-contradictory ?—in the fact that every country of the civilized world studies above all things the increase of its exports—is engaged, not in producing things primarily for its own use, but in trying to get other people to buy what it produces !—as if we all stood round and tried to shuffle off our bad wares on the others, in the hope that they by some accident might return us good stuff in exchange. Somehow the system does not seem as if it would work ; it looks too like the case of that island where the inhabitants all earned a precarious living by taking in each other s washing. What, one may ask, is really the cause of the enormous growth of this practice of neglecting production for use in favor of production for export and for the market ? Is it not simply money and the merchant Interest ? Production at home by the population and for its own use Is and always must be, one would think, by far the most important for the population and for its own comfort and welfare, though a margin may of course be allowed for the acquirement by exchange of some few articles which cannot be grown at home. But production such as this does not necessarily mean either money or mercantile transaction. Conceivably it may very well take place without either these or the gains which flow from their use—without profits or Interest or dividends or anything of the kind. But this would never do ! The money and commercial interest, which is now by far the most powerful Interest In all modern states, Is not such a fool as to favor a system of national economy which would be Its own ruin. No ; it must encourage trade in every way, at all costs. Trade, commerce, exchange, exports and imports—these are the things which bring dividends and Interest, which fill the pockets of the parasites at the expense of the people ; and so the nations stand round, obedient, and carry on the futile game till further orders.

As a matter of fact in these hot countries, like Ceylon and India, almost unlimited results of productiveness can be got by perfected irrigation, and as long as the peasantry in these lands are (as they are) practically starving, and the Irrigation works practically neglected, the responsibility for such a state of affairs must lie with the rulers ; and naturally no mere shuffling of commercial cards, or encouragement of an export trade which brings fortunes into the hands of a few tea-planters and merchants, can be expected to make things better.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 20

Advertisements

One thought on “Modern Commercial Policy

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s