Tanks and Irrigation

ඇතාගල මුදුනේ ඉඳන් බලන ඕනෑම කෙනෙකුට මේ කුරුණෑගලට සහ අහල පහළ අයට ජලසම්පාදනය කරන ජලාශයේ හොඳ දර්ශනයක් දැක බලාගන්න පුළුවන්. උකුස්සන් ගැවසෙන, පිළිහුඩුවන් වැවට උඩින් උඩින් ඉගිල්ලෙන, මිනිසුන් දිනපතා  දියෙහි බැස නාන, සැතපුම් තුන් කාලක් දිග, සැතපුම් භාගයක් පළල මනස්කාන්ත කුඩා වැවක්.

වැව් හා වාරි පද්ධතිය

ලංකාවේ ජලාශ සහ වාරි ඇල මාර්ග ඉතාමත් වැදගත් තැනක් ගන්නා විශේෂිත දෙයක්. මම හිතනවා රජයට අමාරුවෙන් හරි පුළුවන් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. වාරි පද්ධතියක තියෙන වැදගත් කම පුරාණ කාලෙ නම් හොඳට අවබෝධ කරගත්ත බවක් පේනවා. ඒ සම්බන්ධයෙන් අපරිමිත කර්තව්‍යයක් කරපු බව මේ දූපතේ විවිධ ප්‍රදේශ වල දකින්න තියන අවුරුදු දහසක් විතර පැරණි, මේ නෂ්ටාවශේෂව පවතින නටඹුන් සම්පූර්ණයෙන්ම  සාක්ෂි දරනවා.

Panoramic View of Kurunegala Lake
Panoramic View of Kurunegala Lake [Image Courtesy: Dumidu Padeniya 500px]

කුඹුරු බද්ද

මේ වාරි පද්ධතියේ නටඹුන් ප්‍රතිසංස්කරණය කරලා ප්‍රතිෂ්ඨාපනය කරන්නට එතරම් වෙහෙසක් දරා නැති බවක් පේනවා. මොකද අද කාලයේ වැඩි නැඹුරුවක් තියෙන්නේ බ්‍රිතාන්‍ය තේ වැවිලිකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. ඒ සඳහා සහල් නිපදවන ගැමියාගේ අවශ්‍යතාවයන් නොසලකා හරිනවා. කුඹුරු බද්ද මේ බව පෙන්වන නියම උදාහරණයක්. මේ බද්දෙන් ගොවියා මත යෙදෙන අධික පීඩනය ඔහුව සම්පූර්ණයෙන්ම හාමත් කර දමනවා. ඒත් තේ බෝගය නම් සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස්.

Kurunegala Lake Paysage
Kurunegala Lake Paysage [ca. 1900] [Image Courtesy: http://www.delcampe.net ]

“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

From the top of the rock one gets a good view of the tank which supplies irrigation water for the town and neighborhood. It is about three-quarters of a mile long and half a mile broad, and forms a pretty little lake, over which kites hover and kingfishers skim, and in which the people daily bathe. These tanks and irrigation channels are matters of the utmost importance, to which I think Government can hardly give too much attention. Their importance was well understood in past times, as indeed the remains and ruins of immense works of this kind, over a thousand years old, in various parts of the island fully testify. A little is being done towards their renewal and restoration, but the tendency today is to neglect the interests of the rice-growing peasant in favor of the tea-planting Englishman. The paddy tax, which presses very hardly on the almost starving cultivator, while tea goes scot-free, is an instance of this.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 19

Advertisements

One thought on “Tanks and Irrigation

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s