The Coco-Nut Palm and Catamaran

මට නම් කවදාවත් පොල් ගස් දිහා බලන් ඉඳිද්දී විඩාවක් දැනෙන්නේ නෑ. ඒවා ඇත්තටම මිලියන ගණනක් කොළඹින් උතුරට හා දකුණට  මේ වෙරළ තීරය දිගේම වැවී තියනවා. දකුණු මුහුදුබඩ මාර්ගය සෙවණ වී තිබෙන්නේ ඒවායෙන්.

View across a coconut grove to Colombo Harbour From the Cathedral
View across a coconut grove to Colombo Harbour From the Cathedral (ca. 1890) photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com]

පොල් ගස

මේ දකුණු මුහුදුබඩ මාර්ගය දිගේ යම් දුරක්, සැතපුම් කිහිපයක් මා ගමන් කරලා තියනවා. මුහුද හා මාර්ගය අතර තියන බිම් තීරය යාර 100ක් පමණ පළලයි. එහි මූද අද්දරට වෙනකන්ම ගනසැරේට වැවුනු, මූදු හිරිකඩට ආලෙන් වගේ ලස්සනට ඒ දෙසට ඇලවුනු පොල් කඳන් දකින්න පුලුවන්. මාර්ගයෙන් එහා පැත්තෙත් මේවා වැවෙනවා. ඒවා යට කුඩා විලාවන්, ගොවිපළවල් සහ ඉතා කුඩා කුටි දකින්න පුළුවන්. කුකුළන්, බූරුවන්, මොල්ලිය සහිත ගවයන්, කලු ඌරන්, තලඑළලු පැහැ ළමයින්, මේ සියල්ලෝම මේ කලබගෑනිය මැද ජීවත් වෙනවා. ඒ අතර පිටිසර ගැමි මිනිසුන් හා කාන්තාවන් දීප්තිමත් පැහැ සළු පොරවාගෙන ගොනුන් බැඳි බක්‌කි කරත්ත වල නැගිලා චාරිකා කරනවා. ඉතා ක්‍රියාශීලි කුඩා බඹ ගොනුන් කිංකිණි නද දෙන සීනුවක් බැඳගෙන එකසේ හැල්මේ දුවනවා හරියට අපේ ඉංග්‍රීසි පෝනියන් වගේ. මේ දර්ශනය එයාලම කියන විදිහට මේ විදිහට ගාල්ල වෙනකන්ම (සැතපුම් 80ක්) දකින්න පුළුවන්ලු.

The shore-hugging Galle Road
The shore-hugging Galle Road (ca. 1880) [Image Courtesy: http://www.lankapura.com]

මේ ගස් ලංකාවේ කැලෑවක් වගේ වැවෙන්නේ නෑ. බොහෝ විශාල වතු යායන් වල ඒවා රෝපණය කරලා රැකබලා ගන්නවා. එහෙම නැතිනම් සිංහලයන්ගේ ගෙපැල වටා ඉඩමේ අක්කරෙන් හතරෙන් පංගුවක මේවා වවා ගන්නවා. සිංහලයන් සතුව හොඳ කියමනක් තියනවා මේ පොල් ගස් ගැන. එයාලා කියන විදිහට මේවා මිනිස් කටහඬකින් එපිට තැනක වැවෙන්නේ නැහැලු. ඒ වගේම එයාලා කියන්නේ මිනිහෙකුට තනි කෙලින් ගිය පොල්ගහක් දකින්න ලැබෙන්නේ ජීවිතේ එක පාරක් විතරයිලු. වෙනත් වර්ගවල තාල ගස් අපූර්ව ලෙස සෘජුව වැඩුනට, මේ වර්ගය නම් එහෙම නෑ. පොල් රුප්පාවක, හිතාගන්න බැරි විදිහට අරුම පුදුම ලෙස වක්‍ර වෙලා ඉහළට විදී ගිය අලු පැහැ සුමට පොල් කඳන් සිය ගණනක් ඔබට දකින්න පුළුවන්. ඒක දැක්කම, වා තලය ඔස්සේ ඉහළට ඇදෙන රොකට් වෙඩිමුර වල ගමන් පථය මතක් කරවලා, ජීවය සහ බලය පිළිබඳ සුව්ශේෂ හැඟීමක් දනවනවා. අඩි 50ක් 60ක් උසේදි එය කොළ පැහැ පිහාටුවලින් සැකසූ තේජාන්විත ඔටුන්නක් ලෙස බිඳි විහිදී යනවා. මේ අතු හිරු එළියට කාන්තිමත් ඔපයක් විහිදුවලා, මඳ සුළඟට අතවනා රහසේ කොඳුරා කියනවා වගේ සෙලවෙනවා.

The Breakwater at Colombo during the S.W. Monsoon
The Breakwater at Colombo during the South West Monsoon (ca. 1881 – 1882) by Captain F Bayley (The Cruise of H.M.S. Bacchante) [Image Courtesy: http://www.royalcollection.org.uk]

පහත් බිමකින් පිහිටි මේ පොල් රුප්පා සහිත වැලි ඉවුරු බිම් තීරුව මතින් මුහුදු රළ බිඳී ගියත්, උදම් රළ මට්ටමේ එතරම් ලොකු වෙනසක් සිද්ධ වෙන්නෙ නෑ. නිරිතදිග මෝසම් සුළඟින් මුහුදු රළ ශබ්ද නගා ගර්ජනය කළත්, ඊසාන දිග මෝසම් සුළඟින් වහ වහා කිපී ගියත්, කලාතුරකින් බොහොම උපශාන්ත ගතියක් පෙන්වනවා. උෂ්ණත්වමාපකයට අනුව මේ ප්‍රසන්න මද පවනේ උෂ්ණත්වය 900ක්. අවලස්සන බඳක් සහිත තුන් හුලස් රුවලකින් යුතු මාළු බෝට්ටුවක් නැංගුරම් ලා තිබුනා වැලි සහිත දිග මූදු තුඩුවක.

කට්‌ටුමරම

ඉවුර අද්දර වළලුකර තෙක් වතුරේ බැහැගත්තු ස්වදේශික මිනිසුන් සහ කොල්ලන් දෙතුන් දෙනෙක් සිටගෙන බිලිපිත්තකින් මාළු බාමින් සිටියා. උජාරු නිල් දිය රැල්ල, වතුරේ බැහැලා නාන්න ලොකු ආශාවක් ඇති කෙරුවත් වෙරළ සාපේක්ෂකව ජනශූන්‍යයි. කවුරුත් වතුරේ ඉන්න වගක් පේන්න නෑ. උපද්‍රවයක් කරන්න බලාන ලෑස්ති පිට ඉන්න භය උපදවන මෝරුන් රොඳ බැඳලා වගේ. ඒත් යාර 300ක් 400ක් ඈත මුහුදේ මිනිස් රුවක් දිස්වෙනවා. ඔහුත් බිලීපිත්තකින් මාළු බානවා. පෙනෙන හැටියට නම් ඔහු ඉඟටිය වෙනකන් වතුරෙ බැහැගෙන වගේ.

Native Boys Rowing Canoe (kattu maram)
Native Boys Rowing Canoe (kattu maram) photographed by Skeen & Co. (ca. 1900) [Image Courtesy: http://www.imagesofceylon.com]

ඒත් ඇත්තටම ඔහු ඉතා ප්‍රාථමික වර්ගයේ පහුරක හෝ බෝට්ටුවක ඉඳගෙන ඉන්නේ. මේ බෝට්ටුව හදල තියෙන්නේ ලිහිල් ලෙස එකට බඳින ලද ලී කොටන් තුන හතරක් එකතු කරලා. උඩට හැරවූ දෙකොණින් යම්තම් හැඩයක් ලබාදීලා තියනවා. මේ නියම කට්‌ටුමරම් යාත්‍රාවයි. (අනුවාදක සටහන : දමිළ වදනකින් බිඳී ආවකි – கட்டு மரம் : ගැටගැසූ ගස. බොහෝ ඡායාරූප කට්ටුමරම ලෙසින් දක්වා ඇත්තේ කොල්ලෑ සහිත ඔරුවකි)  ඇත්තටම ඔහුව මෙහිදී ජලයෙන් නැහැවීගෙන යනවා. ඒත් උණුසුම් දිනයක නම් එය හරි කදිමයි. ඒවගේම ඔහු මෝරුන්ගෙනුත් ප්‍රවේශම්. රෑ කෑමට මොනාහරි අල්ලගන්න පුළුවන් සම්භාවිතාව හරි කුඩායි. ඉතින් ඔහු මෙලෙස ආදම්ගේත් පෙර කාලයේ නෂ්ටාවශේෂයක් ලෙස ඉඳගෙන ඉඳිද්දී, කලුතර ඉඳන් එන කෝච්චියක් යටි ගිරියෙන් කෑගහගෙන කොළඹට යනවා.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පළමු පරිච්ඡේදය : කොළඹ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER I : COLOMBO

I am never tired of looking at the coco-nut palms ; they grow literally by the million all along this coast to the north and south of Colombo. To the south the sea-shore road is overshadowed by them. I have been some miles along the road, and the belt of land, a hundred yards or so wide, between It and the sea, is thick with their stems right down to the water’s edge, over which they lean lovingly, for they are fond of the salt spray. On the other side of the road too they grow, and underneath them are little villas and farmsteads and tiny native cabins, with poultry and donkeys and humped cows and black pigs and brown children, in lively confusion ; while groups of peasant men and women in bright-colored wraps travel slowly along, and the little bullock gigs, drawn by active little brahmin bulls with jingling bells, trot past at a pace which would do credit to an English pony—a scene which they say continues much the same the whole way to Galle (80 miles). These palms do not grow wild in Ceylon ; they are all planted and cared for, whether In huge estates, or In the rood of ground which surrounds a Cinghalese cabin. The Cinghalese have a pretty saying that they cannot grow afar from the sound of the human voice. They have also a saying to the effect that a man only sees a straight coco-palm once in a lifetime. Many of the other kinds of palms grow remarkably straight, but this kind certainly does not. In a grove of them you see hundreds of the grey smooth stems shooting upwards in every fantastic curve imaginable, with an extraordinary sense of life and power, reminding one of the way in which a volley of rockets goes up into the air. Then at the height of 50 or 60 feet they break into that splendid crown of green plumes which sparkles glossy in the sun, and waves and whispers to the lightest breeze.

Along this palm-fringed and mostly low and sandy shore the waves break—with not much change of level in their tides—loudly roaring in the S.W. monsoon, or with sullen swell when the wind is in the N.E., but seldom altogether calm. A grateful breeze tempers the 900 of the thermometer. A clumsy-hulled lateen-sailed fishing boat is anchored in the shelter of a sandy spit ; two or three native men and boys are fishing with rod and line, standing ankle-deep at the water’s edge. The dashing blue waves look tempting for a bathe, but the shore is comparatively deserted ; not a soul is to be seen in the water, infested as it is by the all dreaded shark. Only, 300 or 400 yards out, can be discerned the figure of a man—also fishing with a line—apparently standing up to his middle in water, but really sitting on a kind of primitive raft or boat, consisting of three or four logs of wood, slightly shaped, with upturned ends, and loosely tied together— the true catamaran (kattu maram, tied tree). The water of course washes up and around him, but that Is pleasant on a hot day. He is safe from sharks ; there is a slender possibility of his catching something for dinner ; and there he sits, a relic of pre-Adamite times, while the train from Kalutara rushes by with a shriek to Colombo.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 8

Advertisements

One thought on “The Coco-Nut Palm and Catamaran

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s