Language and Literature

දමිළයන්ට සැලකිය යුතු තරම් පුරාතන කාලයේ ඉඳන් බොහෝ සෙයින්ම පෘථුල වෙච්ච සාහිත්‍යයක් තියනවා. වැඩි වශයෙන්ම ඒවා දාර්ශනිකයි. එහෙම නැතිනම් කාව්‍යමය දර්ශනයක් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ භාෂාව, වචන මාලාවන්ගෙන් වගේම  ව්‍යාකරණ රීතීන්ගෙන්, වර නැගීම් වලින් බොහොම පොහොසත්. ඒ වුනත් බොහොම සංක්ෂිප්ත, යන්තම් පිරිමහගත්ත ආචාරශීලි භාෂිතයක් (“ස්තූතියි”, “සුභ උදෑසනක්” වගේ) තියෙන්නේ. සද්දෙන් ටිකක් රළුයි. ක’ සහ ර’ ශබ්දය දත් අතරින්  ශීඝ්‍රයෙන් පියඹා යනවා.

Vallipuram gold inscription
Period: 2nd Century AD
Language: Sinhala Prakrit
Script: Early Sinhala Brahmi.
Location Found: Veli-pura (or Vallipuram in Tamil, originally Badhakara Athana) (This plaque is the first gold inscription discovered in Ceylon around in 1936)
Sinhala Translation:
වසභ මහ රජුගේ රාජ්‍ය සමයේදී ඉසගිරිය අමාත්‍යවරයා නකදිව (නාගදීපය හෙවත් වර්ථමාන යාපන අර්ධද්වීපය) පාලනය කරත්දී බදකර අතන ප්‍රදේශයේ පියඟුක තිස වෙහෙර (හෙවත් පුවඟුදීප තිස්ස වෙහෙර) කරවන ලදී.
English Translation:
Success! In the reign of the great King Vasabha, and when the Minister Isigiraya was governing Nagadipa (present day peninsular Jaffna), Piyaguka Thisa Vihara was built at Badakara Athana

භාෂාව හා සාහිත්‍යය

සිංහලයන්ට නම් තියෙන්නේ බොහොම සෞම්‍ය සුන්දර ස්වරයක්. ඒ අතර බොහෝ ආර්ය්‍ය වදන් දකින්න පුළුවන්. ඇත්තටම කිව්වොත්, සිංහල භාෂාව, සංස්කෘත භාශාවේ අංකුරයක් කියලයි කියන්නේ. පෙනෙන විදිහට වචන කිහිපයක් ඉල්ලා ගෙන හැරෙන්නට දමිළයන්ට නම් සංස්කෘත සමඟ කිසිඳු සම්බන්ධතාවක් නැහැ.

කුතුහලය දනවන දේ වන්නේ, ජාතියක් විදිහට ලොකු සම්බන්ධතාවයක් නැති වුනාට, සංස්කෘත භාෂාවෙන් වේද ග්‍රන්ථ, උපනිශධ් ග්‍රන්ථ වගේ දේවල් ලියවුනාට, දමිළයන් සංස්කෘත දර්ශනය වැළඳගෙන නොතිබීමයි. එහෙම වුනානම් සංස්කෘත ග්‍රන්ථයන්ට වඩා සංයුක්තව ක්‍රමානුකුලව ඔවුන්ට අදහස් ප්‍රකාශ කරන්න තිබුනා.

Mahavamsa Manuscript from the Mahamanthinda Pirivena, Matara.
A Copy of the Great Chronicle or MAHAWANSA of the original written in the 4 Cent AD now stored in a temple at Matara. [Image Courtesy: http://www.sirimunasiha.wordpress.com]

මා විශ්වාස කරන ලෙසට සිංහලයන් ශාස්ත්‍රීය කාරණාවලින් දුර්වල වුනත්, ඕනෑම භාෂාවක පැවතෙන්න පුළුවන් වංශකථා සාහිත්‍යයන් අතරින් විශිෂ්ටතම කෘතියන්ගෙන් එකක් වන මහාවංශයට උරුම කම් කියනවා. එය ඔවුන්ගේ ජාතිය පිළිබඳ, ඒ කියන්නේ ලක්දිවට ගොඩ බැසීමේ ඉඳලා නූතන යුගය දක්වා, විශ්වාසදායක ඉතිහාස තොරතුරු (ඔව් ඇත්තටම අරුමෝසම් අලංකරණයන්ගෙන් පිරුණු අරුම පුදුම ප්‍රාතිහාර්යයන් පිළිබඳ දක්වා සිටියත් ඒවා ලේසියෙන්ම කපා දමන්න පුළුවන්) ලබා ගන්න පුළුවන් මූලාශ්‍රයක්. මහාවංශය ලියන්නට ආරම්භ කරන්නේ මහානාම හිමියන්. එතුමන් ක්‍රි.ව. 460 පමණදී ක්‍රි.පූ. 543 ඉඳලා ක්‍රි.ව. 301 දක්වා කාලය අඩංගු වන මුල් අදියර සම්පාදනය කරනවා. එතැනින් පසුව අනුක්‍රමිකව විවිධ කතුවරුන් විසින් මෙය නොකඩවා ලියාගෙන එනවා බ්‍රිතාන්‍යය යුගය, ඒ කියන්නේ ක්‍රි.ව 1758 දක්වා.

කොළඹ මුද්‍රණය වෙන සිංහල පත්තර දෙකක් තියනවා. ඉන් එකක් තමයි “බෞද්ධ ලෝකය”. [අනුවාදක සටහන: බෞද්ධ ලෝකය පත්‍රය කොළඹ මධ්‍යස්ථානය කොට පවත්වා ගන්නා නමුත් මුද්‍රණය ආරමභ වන්නේ කුමන කාලයේදීද?] දමිළ භාෂාවෙනුත් පත්‍රයක් මුද්‍රණය වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි පුවත් පත් 3කුත් තියනවා.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පළමු පරිච්ඡේදය : කොළඹ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER I : COLOMBO

The Tamils have a quite extensive literature of considerable antiquity, mostly philosophical or philosophical poetical ; and their language is very rich in vocabulary as well as in its grammatical forms and inflexions—though very terse, with scanty terms of courtesy (” thank you,” ” good-morning,” and such like), and a little harsh in sound, k’s and r’s flying through the teeth at a great rate. Cinghalese is much more liquid and pleasant in sound, and has many more Aryan words in it. In fact it is supposed to be an offshoot of Sanskrit, whereas Tamil seems to have no relation to Sanskrit, except that it has borrowed a good many words. The curious thing is that, so little related as races, the Tamils should have taken their philosophy, as they have done, from the Sanskrit Vedas and Upanishads, and really expressed the ideas if anything more compactly and systematically than the Sanskrit books do. Though poor in literature I believe, yet the Cinghalese has one of the best books of chronicles which exist in any language—the Mahawanso—giving a very reliable history of the race (of course with florid adornment of stupendous miracles, which can easily be stripped off) from their landing in Ceylon down to modern times. The Mahawanso was begun by Mahanamo, a priest, who about 460 a.d. compiled the early portion comprising the period from B.C. 543 to A.D. 301, after which it was continued by successive authors right down to British times, i.e., a.d. 1758 !

There are two newspapers in Colombo printed in the Cinghalese language, one of which is called “The Buddhist World ” there is also a paper printed in Tamil ; and there are three English newspapers.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 6

Advertisements

One thought on “Language and Literature

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s