The Suez Canal and Port “Said”

නීලවර්ණයයි පලා පැහැයයි එකතුවෙච්ච යාර 60ක් විතර පළල් ජල තීරයක්,  අඩි 10ක් හරි 20ක් හරි උස් වෙච්ච රළු වැලි වැටියක්, ඉන් ඔබ්බට ගියොතින්, ගිනි රස්නෙන් ගිනිගන්න කාන්තාරයක්. අතරින් පතර භාගෙට වැසිච්ච වන ලැහැබක්, ඒත් බහුතරයක් බිම්කඩ බැලුවොත් මුඩුම මුඩු වෙච්ච පළාතක්. මොකක්ද හිතෙන්නේ? මවාගන්න පුළුවන් උනාද චිත්‍රය?

Suez Canal photographed by Hippolyte Arnoux
Suez Canal photographed by Hippolyte Arnoux (ca. 1860 – 1870)

එහෙනම් මේ ටිකත් එකතු කරගන්නකො. සමහර වෙලාවට සමතලා ගල් තලාවක්, ඒත් සමහර වෙලාවට තැන තැන විසිරිච්ච ගල් බිමක්,  තවත් සමහර වෙලාවට මොළකැටි විදිහට සුළඟින් පිරිමැදපු හිමකණ්ඩියක් වගේ පුරා අතුරපු වැලි බිමක්. මේ ඔක්කොම මයිල 20ක් තරම් ඈතට පැතිරෙනවා. සෙලවෙන කිසිම දෙයක් පැත්ත පළාතක පේන්න නෑ. නමුත් තාමත් මේ බිම් තීරය “තීව්‍ර නීල ආකාශය යට ඇති අතිශයින්ම දැකුම්කලු දිව්‍ය පාටල වර්ණයන්ගෙන් සමන්විත කඳුවැටියකින්” ක්ෂිතිජය උඩ මායිම් වෙලා පවතිනවා. සුවස් ඇල පසු කරගෙන එන අපට නැගෙනහිරින් දකින්න තියෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයක්. (1890 ඔක්තෝබර් 19).

සුවස් ඇළ හා “සේඩ්” නැව්තොට

බටහිරින් තියන භූමිය දුඹුරුවන් හා අඳුරුවන් පැහැයක් ගන්නවා. සමහර පන් ශාක දියමං සලකුණු කරනවා. සැතපුම් 10ක් වගේ ඈතට ගියාම මතු වෙන්නේ හරි අප්‍රසන්න අඩි 2,000 විතර උස අන්ධකාර මුඩු කඳු පන්තියක්. ඒකෙ අන්තයක හුදකලාව පිහිටලා තියන කඳුවැටියේ නෙරු බැම්ම (ජෙබෙල් අටකා) සුවස් සමුද්‍රවංකයට මායිම් වෙනවා. ඒවගේ භූ දර්ශනයක, පිළිවෙලකට උළු සෙවිලි කරලා කුඩා ගෘහයක් ආකාරෙට හදාපු සංඥා කාර්යාලයි, ඒවායේ කොඩිගසුයි, වටාපිටාවෙ තියෙන රට ඉඳි ගස් කිහිපයයි, සමහරවෙලාවට තියෙන්න පුළුවන් කුඩා උද්‍යානයි ඇසට එක් කරන්නේ මාර ආකර්ෂණයක්. මේ කාර්යාල ඔක්කොම ඇල මාර්ගය දිගේ සැතපුම් හයෙන් හයට තමයි ඉදි කරල තියෙන්නේ. ඒවයෙන් නාවික තදබදය පාලනය කරනවා. අද කාලෙ නම් ගමනාගමනය සෑහෙන්න වැඩී. ඒක නිසා දිවාකාලයයි රාත්‍රීකාලයයි දෙකේම මේ තදබදය දැකගන්න පුළුවන්.

Suez Canal Signal Station (1910)
Suez Canal Signal Station (1910)

අති විශාල නැවක් ආවොත් මුළු ඇළ මාර්ගෙම වැහෙනවා. එතකොට අනික්වා පැත්තකට වෙලා ලොකු එව්වට යන්න ඉඩ දෙන්න ඕනා. මොකද පැයකට සැතපුම් හතරකට වඩා වේගෙන් මෙව්වට යන්න දෙන්නෙ නැති හන්දා. ඉතින් මොකද වෙන්නෙ, මෙව්වායෙ පසු පස කොටසෙන් සැලකිය යුතු දිය රැල්ලක් ඇතිවෙලා ඉවුරු කණ්ඩිය හෝදගෙන යනවා. මේකට විසඳුමක් විදිහට බට තණ පඳුරු වවලා ඛාදනය වෙන පස ආරක්ෂාකරගෙන තියනවා. ඒත් රොන් මඩ බොහොම ප්‍රබලයි. වාෂ්පයෙන් වැඩ කරන විශාල මඩ අදින යන්ත්‍ර හැමදාම වැඩකරනවා මේ රොන්මඩ අයින් කරන්න. ඉවුරේ තැනින් තැන ඉරෙන් ආවරණය වෙන්න වේලිච්ච පන් වලින් හදපු ස්වදේශික අතුපැල් දකින්න පුළුවන්. එව්වයෙ පැති තුනයි, සමතලා මුදුනයි. ඒ අතර අරාබි කූඩාරම් පාමුල දිගේලි වුනු ඔටුවන්ද දකින්න පුළුවන්.

Dragging Machine, Suez Canal, (ca. 1880) photographed by C & G. Zangaki
Dredging Machine, Suez Canal, (ca. 1880) photographed by C & G. Zangaki (The Zangaki Brothers)

ජෙරුසලමෙන් එන තවලම් මාර්ගය, පුරාතණේ තිබිච්ච විශාලම මහා මාර්ගයක්. එය ‘කන්තාරාවෙදි’, දැන් සිය ලෝක සංචාරයේ යෙදෙන, ප්‍රබල විදුලි අලෝකයක් තියන, විශාල ප්‍රමාණයක් නවීන උපකරණ තියන, මේ දැවැන්ත නවීන පන්නයේ “කයිසර් විල්හෙල්ම්*” දුම්නැව ගමන් කරන ඇළ මාර්ගය හරස් කරනවා. එතන මඩයි ලීවලිනුයි හදපු අතුපැල් කිහිපයක්ම දකින්න පුළුවන්. මෙතනදි බර පැටවූ ඔටුවන් පෙළක් සමඟ අමු කපු ‘බර්නුස්’ ඇඳුම් ඇඟලාගත්ත අරාබිකාරයින්ගේ පහළට එන දර්ශනය කුතුහලය දනවනවා. එයාල හරියට ෆාදර් එබ්‍රහම්ගේ කාලෙ ඉඳන් එන කට්ටියක් වගේ.

Camel train on a chain ferry at Kantara, Egypt
A Camel caravan on the the rope ferry at Kantara, crossing the Suez Canal (Egypt) with several passengers.

කාන්තාරය කියන්නේ සත්තු දකින්න නැති තැනක්ම නෙවෙයි. සමහර වෙලාවට ඇළ පාරදිගේ තියෙන වැලි ගොඩේ හවුන්ගේ අඩි පාරවල්, වතුරේ විටින් විට වෙරළ වටුවන් වැනි කුරුල්ලන් දකින්න පුළුවන්. මේ අතර ගැවෙසෙන කපුටන් කිහිප දෙනෙක්, මුහුදු ලිහිණියයෙක්, නැතිනම් ඔටුවන් කිහිප දෙනෙක්, බූරුවෙක් දෙන්නෙක්, එළුවෙක් දකින්නත් ලැබෙනවා. මිනිස්සු කියන විදිහට “සේඩ්” තොටුපල අසලදී කලපු වෙරළ සමහරදාට කරවැල් කොකුන්ගෙනුයි රණහංසයන්ගෙනුයි කිරිපාටට බබළනවලු. ඒත් අපි එදා එතන පසු කලේ අවාසනාවට රාත්‍රීකාලයෙදි.

"Quai de Port Said" photographed by Zangaki Brothers
“Quai de Port Said”, Egypt (Quay of Port Said ca.1885) photographed by Zangaki Brothers.

හෙමෙන් හෙමෙන් අපි රෑ පානෙ දුම්නැවෙන් ඉස්සරහට යනකොට, නැවෙහි ඉස්සරහ කොටසේ තියන විදුලි අලෝකය සැතපුම් භාගයක් විතර දුරක තියන මුළු  ඉවුරු කණ්ඩියම පැහැදිලි ආලෝක කදම්බයකින්  දීප්තිමත් කරන කොට, ඒ දිහා බලන් ඉන්න හරි ආසාවක් හිතෙනවා. නිල්පාට ආලෝකෙට මේ සිහින් වැල්ල පේන්නේ හරියට හිම වගේ. අඩසඳයි සිකුරු තරුවයි අහසෙ දිලිසෙනකොට “සේඩ්” තොටුපළේ රතු සංඥා එළිය අපිට පිටි පස්සෙන් දිස්වුනා.

සුවස් ඇළ සැතපුම් 90ක් දිගයි. ඒකෙ විශාල කොටසක් ගලාගෙන යනවා මුහුදු දෙකක් යා කලයි කියල සලකන පුරාණික ඇළ මාර්ගයක් දිගේ. පේන්න තියෙන විදිහට නම් ජල පහර ඒ දිගේ දකුණේ ඉඳන් උතුරට  යනවා වගේ.

අපි දැන් සුවස් නගරයට ආසන්නයි. උණුසුම නම් බොහොම දැඩී. වෙරළ තීරයත් හරියට උඳුනක් වගේ. හොඳ වෙලාවට නැවේ තට්ටුවට උඩින් නම් උඩුවියනක් තියනවා.

අතුපැල් කැඩී වැටුනු, දරුණු හිරු රශ්මියෙන් ඉරි තලපු, මැටි වලින් හැදුනු කුඩා ගම්මානයක සුන්බුන් මතුවුණා. ඒවා වෙනුවට ලීයෙන් අහුරපු, සෙවිලි කරපු, සරල රාමු නිවාස  අටවා තිබුනා.


[අනුවාදක සටහන:

-* ඔහු කයිසර් විල්හෙල්ම් දුම්නැවෙහි ගමන් කලා විය නොහැක. මන්දයත් එය තම මංගල ගමන ගොස් ඇත්තේ 1897 දීය. නමුත් එඩ්වඩ් කාපෙන්ටර් මෙම චාරිකාව ගොස් ඇත්තේ 1890-1892 දීය.

]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පළමු පරිච්ඡේදය : කොළඹ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER I : COLOMBO

Imagine a blue-green ribbon of water some 60 yards wide, then rough sandy dunes 10 or 20 feet high, and then beyond, the desert, burning yellow in the sun—here and there partly covered with scrub, but for the most part seeming quite bare ; sometimes flat and stony, sometimes tossed and broken, sometimes in great drifts and wreaths of sand, just like snowdrifts, delicately ribbed by the wind—the whole stretching away for miles, scores of miles, not a moving form visible, till it is bounded on the horizon by a ridge of hills of the most ethereal pink under an intense blue sky. Such is the view to the east of us now, as we pass through the Suez Canal (19th October, 1890). To the west the land looks browner and grayer ; some reeds mark a watercourse, and about ro miles off appears a frowning dark range of bare hills about 2,000 feet high, an outlying spur of the hills (Jebel Attakah) that bound the Gulf of Suez.

In such a landscape one of the signal stations, with its neat tiled cottage and flagstaff, and a few date palms and perhaps a tiny bit of garden, Is quite an attraction to the eye. These stations are placed at Intervals of about 6 miles all along the canal. They serve to regulate the traffic, which is now enormous, and continuous night and day. The great ships nearly fill the waterway, so that one has to be drawn aside and moored in order to let another pass ; and though they are not allowed to go faster than 4 miles an hour they create a considerable wave in their rear, which keeps washing down the banks. Tufts of a reedy grass have been planted in places to hold the sand together ; but the silt is very great and huge steam-dredges are constantly at work to remove it. Here and there on the bank is a native hut of dry reeds—three sides and a flat top—just a shelter from the sun ; or an Arab tent, with camels tethered by the leg around it. At Kantarah the caravan track from Jerusalem—one of the great highways of the old world—crosses the canal ; there are a few wood and mud huts, and it is curious to see the string of laden camels and the Arabs in their unbleached cotton burnouses coming down—just as they might be coming down from the time of Father Abraham —and crossing the path of this huge modern steamship, with its electric lights and myriad modern appliances, the Kaiser Wilhelm now going half-way round the globe.

The desert does not seem quite devoid of animal life ; at any rate along the canal side you may see tracks in the sand of rabbits and hares, occasional wagtail- like birds by the water, a few crows hovering above, or a sea-gull, not to mention camels and a donkey or two, or a goat. Near Port Said they say the lagoons are sometimes white with flocks of pelicans and flamingoes, but we passed there in the night. It was fine to see the electric light, placed in the bows, throwing a clear beam and illuminating the banks for fully half a mile ahead, as we slowly steamed along. The driven sand looked like snow in the bluish light. The crescent moon and Venus were in the sky, and the red signal lights behind us of Port Said.

The canal is 90 miles long, and a large part of it follows the bed of a very ancient canal which is supposed to have connected the two seas. It appears that there is a very slight movement of the water through it from south to north.

We are now nearing Suez, and the heat Is so great that It reverberates from the banks as from a furnace ; of course the deck is under an awning. The remains of a little village built of clay appears, but the huts have broken down, split by the fierce sun-rays, and some light frame-houses, roofed and walled with shingles, have taken their place.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 1

Advertisements

One thought on “The Suez Canal and Port “Said”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s