Preface : Forest Life in Ceylon

වන අරණක දිවිසැරිය : විලියම් නයිටන්ගේ ලක්දිව මතක සටහන්

Forest Life in Ceylon by William Knighton (1854)

ප්‍රස්ථාවනාව

In journeying through a desert the eye of the traveller lingers with interest and pleasure upon the oasis he has left, and which he is not again likely to revisit ; and so, in the life of every man, there is probably some period of shorter or longer duration on which the memory, in subsequent years, delights to dwell. Of such a character to the author was his residence in Ceylon.

වැලිකතරක් හරහා සංචාරයක යෙදෙන සංචාරකයෙකු තමන් පසුකර ආ, නමුදු නැවත යන්නට නොලැබෙන, ක්ෂේම භූමිය පිළිබඳ මහත් සතුටකින් හා අභිරුචියකින් ආවර්ජනය කරන්නේ යම්සේද; ඕනෑම මිනිසෙකුගේ ජීවිතයෙහි ඔහු ගතකල යම් කෙටි කාලීන හෝ දිගු කාලීන කාල පර්ච්ඡේදයක් ඉන් අනතුරුව ඔහුගේ මතකයෙහි වසන්නට අතිශය කැමැත්තෙන් පසුවෙයි. මෙහි කතුවරයාටද ඔහු ලක්දිව ගතකල කාල පරිච්ඡේදය මුසු කරන්නේ එවැනි හැඟීමකි.

During four years he lived in that interesting island as a Coffee-planter and the Editor of a newspaper, and those four years were so filled with incident, with employment, with variety and adventure, that, despite the pecuniary losses sustained in a ruinous speculation, they have ever since afforded him ample and pleasing themes for reflection.

ඔහු එම සිත්ගන්නාසුලු දූපතෙහි කෝපි වැවිලිකරුවෙකු ලෙස හා පුවත්පත් සංස්කාරකවරයෙකු ලෙස සිව් අවුරුද්දක් ගත කල අතර එම සිව් අවුරුද්දම රැකියාවට සම්බන්ධ වූත්, විචිත්‍රාංග වූත්, වික්‍රමාන්විත වූත්, සිදුවීම් වලින් අතිශය බහුල විනි. එහිදී ඔහු, අවිචාරවත් කල්ක්‍රියාව හේතුකොටගෙන සිදුවන මූල්‍යමය අහිමිවීම්ද නොසලකා හරිමින් කටයුතු කල ද, එමඟින් මන නන්දනීය විපුල තේමාවන් ඔස්සේ මතකයේ රැඳෙන ආවර්ජනාවන් උපයා සපයා ගන්නට සමත්විනි.

In the following pages it has been his aim to give an interesting, and, at the same time, a truthful picture of jungle life—such a picture as may bring it before the mind of the European reader without exaggeration or false glitter. The scenes described and the incidents recorded are such as every resident in the East will acknowledge to be common and usual to a life spent in the recesses of an Oriental forest. In such a life, scenery, inhabitants, costume, and characteristics are so different from those to which the novice has been accustomed in his European home, that they have for him at first all the effect of enchantment. It was the author’s lot to return from the East before this fresh feeling of pleased surprise had been quite removed—before the novel charm of Oriental life had worn off, to give place to satiety and monotony.

මෙහි ඉදිරියට ඇදෙන පිටු අතරේ ඔහුගේ ඉලක්කය වන්නේ සිත්ගන්නාසුලු එමෙන්ම සත්‍යවාදී වනදිවියක චිත්‍රණයක් ලබා දීමටයි. එවැනි සිත්තමක් අපරදිග පාඨකයෙකුගේ මනසෙහි අතිශෝක්තියකින් තොරව හා අසත්‍ය වර්ණනාවන්ගෙන් තොරව රැඳි පවතිනු ඇත. මෙහි වර්ණනය වන දර්ශන හා සටහන් වන සිදුවීම්, ඕනෑම පෙරදිග පදිංචිකරුවෙකු පොදුවේ කියාපානා දෙයක් වන අතර, ප්‍රාචීන වනාන්තරයක මඳ ඉසිඹුවක ජීවත් වන්නෙකුට සාමාන්‍ය දෙයකි. එවැනි දිවියක දකින්නට ඇති දර්ශන, හමුවන වැසියන්, අඳිනා ඇඳුම් පැලඳුම් හා සමාජ ලක්ෂණ, අපරදිග නිවහනක දිවි පැවතකට හුරු පුරුදු වූ ආධුනිකයෙකුට නම් බොහෝ වෙනස් වන්නේ ඔහුව ප්‍රථමව වසඟ කොට ඇත්තේ එය නිසාය. මෙහි කතුවරයාගේ ඉරණම අනුව ඔහුට පෙරදිගින් නැවත පැමිණීමට සිදුවන්නේ, මේ නව හැඟුමින් සංතෘප්ත වූ විශ්මය මැකී යන්නටද, පෙරදිග දිවියක නුපුරුදු ශෝභාවෙන් වෙහෙසට පත් වී එය ඒකාකාරී වනු දැකීමටද පෙරාතුවයි. .

The lives of a Parsee and of a Kandian chief —which will be found, the one at. the conclusion of the first, the other near the end of the second, volume—are intended to show how strangely the old life of the East, with its antiquated habits and forms of thought, is influenced by the new life of the progressive West—busy, bustling, and innovating. These accounts are founded upon facts related to the author by Parsees and Budhists. Hormanjee and Marandhan, indeed, are fictitious names, but such men have lived, and are living, in. India and Ceylon ; nor are the events recorded of them more extraordinary than those which, for the last fifty years, have been constantly occurring, wherever Eastern and Western races have been brought into collision—a collision as much of souls as of bodies.

මෙහිදී හමුවන පර්සියානු සහ උඩරට නායකයන්; අයෙක් පළමු වෙළුමේ සමාප්තියෙන්ද, අනෙකා දෙවන වෙළුමේ අවසානය අසලදීද; පසක් කරන්නේ, ප්‍රගතිශීලී බටහිරෙහි කාර්‍ය බහුල, කලබල සහිත සහ නවෝත්පාදන නව ජීවයෙන්, පැරණි පෙරදිග ජීවිතයේ යල්පැන ගිය සිතුම් පැතුම් හා ඇවතුම් පැවතුම් වෙනස් කරන්නට ලැබුනු බලපෑම කෙතරම් පුදුමාකාරද යන්නයි. කතුවරයා හා සබැඳි, පර්සියානුවන් හා බෞද්ධයන් සම්බන්ධ වන කරුණු වලින් එය ප්‍රතිස්ථාපිත වෙයි. හොර්මන් ජී හා මරන්දන් සැබවින්ම මනඃකල්පිත නාම වුවද එවැනි මිනිසුන් සැබෑවටම ජීවත් වූ අතර තවමත් ජීවත් වේ. පසුගිය වසර පණහ මුළුල්ලේ පෙර අපර දෙදිග ජාතීන්, කයින් මෙන්ම මනසින්, ඝට්ඨන කරා පොළොඹවන කොයියම්ම මොහොතක සිදුවන සිදුවීම්ද, ඉන්දියාව හා ලක්දිව ගත් කල්හී, ඒ පිළිබඳ වාර්තා වන සිදුවීම් ද, කිසිවක් අපූර්ව යයි කිව නොහැක.

There is something inexpressibly pleasing in thus minutely recalling some of the happiest passages of one’s early life, particularly when the strong light of reality has been mellowed into a twilight glow by the lapse of a few intervening years ; so that if the reader receive but a tithe of the pleasure in its perusal which the author has obtained from the compilation of this work, the labour of both will have been amply remunerative.

London, November, 1853.

යථාර්තය නම් වූ ප්‍රභල ආලෝකය, ගෙවී ගිය අවුරුදු  කිහිපය අතරතුරදී අරුණාලෝකය ලෙස ප්‍රසන්නව මෘදු වන විටදී, පුද්ගලයෙකුගේ ජීවිතයක පුර්වභාගයේ ප්‍රීතිදායකම ගමන් මඟ මෙලෙස ලුහුඬින් සිහිපත් කරන්නට ලැබීම ප්‍රකාශ කල නොහැකි තරමේ ප්‍රිය භාවයක් උපදවයි. එමනිසා කතුවරයා මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම මඟින් ලබා ගත් ආශ්වාදයෙන් දහයෙන් පංගුවක් හෝ ආශ්වාදයක් පාඨකයා මෙය කියවීමෙන් ලබා ගත්තා නම්, පාඨකයා හා කතුවරයා යන දෙදෙනාම දැරූ ආයාසය මහත් ඵලදායි වනු ඇත.

ලන්ඩනයේදී
නොවැම්බර්, 1853


Translators Note | පරිවර්තක සටහන: 

What is this fictional name ‘Marandhan’, doesn’t looks like a Sinhala name to me? | මරන්දන් යන මනඃකල්පිත නාමය කුමක්ද? සිංහල නමක් ලෙස මට නොපෙනේ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s